ශ්‍රී ලංකාවේ දකුණු කරයේ දශකයක සාර්ථක ගමනක් සනිටුහන් කරමින් Shangri-La Hambantota 10 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි.

2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම නිවාඩු නිකේතනය හුදෙක් විවේකීව ගත කරන නවාතැනකට වඩා එහා ගිය සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙකුට මෙය ශ්‍රී ලංකාවේ සාමකාමී සහ සාරවත් සංස්කෘතික උරුමයන් අත්විඳිය හැකි ස්ථානයකි. උදෑසන සැරිසරන මොණරුන් නැරඹීම, දේශීය පාරම්පරික කලා ශිල්ප අත්විඳීම, පොල් වතු සහ තටාක ආශ්‍රිතව නිර්මාණය කර ඇති ගොල්ෆ් ක්‍රීඩා පිටියේ අත්දැකීම විඳගැනීම මෙන්ම පරම්පරා ගණනාවක පවුල්වල සාමාජිකයින් නැවත නැවතත් මෙහි පැමිණීමට පෙළඹීම මඟින් එය මනාව පැහැදිලි වේ.

“A Decade, With Heart” යන තේමාව යටතේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරනු ලබන්නේ, නිවාඩු නිකේතනයේ වර්ධනය පමණක් නොව, එහි අනන්‍යතාවය හැඩගැස්වීමට දායක වූ මිනිසුන් සහ ඔවුන්ගේ මතකයන් ද අගයමිනි.

මෙම සංවත්සරය පිළිබඳව අදහස් දක්වමින් එහි සාමාන්‍යාධිකාරී රෙෆ්හාන් රසින් මහතා මෙසේ පැවසීය. “අපගේ මෙම සංවත්සරයේ සැබෑ හිමිකරුවන් වන්නේ මිනිසුන්. ආරම්භයේ සිටම මෙම නිවාඩු නිකේතනය ගොඩනැගීමට කැපවූ අපගේ සේවකයින්, මෙහි අනන්‍යතාවය රැක ගැනීමට දායක වන දේශීය ප්‍රජාව සහ ශිල්පීන් මෙන්ම වසර ගණනාවක් පුරා මතකයන් රැස්කර ගැනීමට නැවත නැවතත් අප වෙත පැමිණි අමුත්තන් මෙයට ඇතුළත් වෙනවා. හම්බන්තොටටම ආවේණික වූ සුවිශේෂී ආත්මයක් තිබෙනවා. පසුගිය දශකය පුරා එය ලෝකය සමඟ බෙදා ගැනීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.”

මෙම සංවත්සරයට සමගාමීව පරිසර සංරක්ෂණ සහ සේවක ඇගයීම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ අවට ගම්මාන සඳහා ඇස් සායනයක් පැවැත්වීම, ගම්වැසියන් 2,000කට අධික පිරිසකට සලකන වාර්ෂික වෙසක් දන්සල පැවැත්වීම සහ දෘශ්‍යාබාධිත වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සරණ’ නිවාසයට අඛණ්ඩව අනුග්‍රහය දැක්වීම සිදු කෙරේ.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් දකුණු වෙරළ තීරයේ පරිසර පද්ධතිය සුරැකීමේ අරමුණින් නිවාඩු නිකේතන භූමියේ සහ ඒ අවට කඩොලාන පැළ 100ක් රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, නිවාඩු නිකේතනය ආරම්භ කළ දින සිට වසර 10ක් පුරා සේවය කළ සේවකයින් 95 දෙනෙකුට වැඩි පිරිසක් ඇගයීම සඳහා විශේෂ “Month of Joy” නමින් උපහාර උත්සවයක් ද පැවැත්වීමට නියමිතය.

මීට අමතරව, වසර පුරා දකුණු පළාතේ දේශීය සංස්කෘතිය හා ශිල්පීන් ඇගයීමේ වැඩසටහන්, දීර්ඝ කාලීන සේවකයින්ගේ අත්දැකීම් ආවර්ජනය කරන ප්‍රචාරණ වැඩසටහන් සහ විශේෂිත සංචාරක අත්දැකීම් රැසක් හඳුන්වා දීමට ද කටයුතු සූදානම් කර ඇත.

සංක්‍රමණික පක්ෂීන්, සමනලුන්, මොණරුන් ඇතුළු ජෛව විවිධත්වයකින් පොහොසත් Shangri-La Hambantota, සැමවිටම පරිසර හිතකාමී සහ තිරසාර ව්‍යාපාරික පටිපාටීන් අනුගමනය කරයි. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මංගල උත්සව, ගොල්ෆ් සංචාරක ව්‍යාපාරය, සුවතා සංචාරක ක්ෂේත්‍රය සහ පවුලේ සැමට එකට විවේකය ගත හැකි ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස සම්මානයට පාත්‍ර වෙමින් හම්බන්තොට නගරය ලෝක සංචාරක සිතියමට රැගෙන යාමට Shangri-La Hambantota සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

Share

You may also like...