ප්‍රථම වතාවට ‘Shotgun Starts’ වාර තුනක් සමඟින් නේෂන්ස් ට්‍රස්ට් බැංකු ගොල්ෆ් ශූරතාවලිය 2026වසරේදී යළිත් පැවැත්වේ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් (RCGC) අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලෙස, ‘2026 නේෂන්ස් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාවලිය’ RCGC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තරගාවලියේ සුවිශේෂීත්වය වන්නේ ප්‍රථම වතාවට ‘Shotgun Starts’ වාර තුනක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබීමයි. බැංකුකරණයෙන් ඔබ්බට ගිය ක්‍රීඩා අත්දැකීමක් ලබාදෙන මෙම ශූරතාවලිය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික සහකරුවන් සහ ගොල්ෆ් ක්‍රීඩාවට ලැදි පිරිස් එකම ස්ථානයකට රැගෙන ඒමට අවස්ථාව සලසා තිබේ.

මෙම ශූරතාවලිය 2026 මැයි 22 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එහි වාර තුන සඳහා ක්‍රීඩකයින් 345කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රයිවට් බෑන්කින් අංශයේ පාරිභෝගිකයින්, ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්, ආයතනික සහ වාණිජ බැංකුකරණ අංශවල පාරිභෝගිකයින් මෙන්ම ආරාධිත ගොල්ෆ් ලෝලීන් ද සහභාගී වන පිරිසට ඇතුළත් වේ.

පිරිමි සහ කාන්තා අංශවල ජයග්‍රාහකයින් සහ දෙවන ස්ථාන දිනාගන්නන් මෙන්ම, Masters සහ Seniors අංශ යටතේ කුසලාන සහ ත්‍යාග පිරිනැමෙනු ඇත. Longest Drive at the 8th Hole,  Closest to the Pin at the 13th Hole, සහ සමස්ත ජයග්‍රාහකයා වෙනුවෙන් විශේෂ ඇගයීම් පිරිනැමේ. මීට අමතරව, Hole-in-One ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් මිලියන 8ක් වටිනා ‘Hublot Big Bang Unico Titanium’ අත් ඔරලෝසුවක් පිරිනැමෙන අතර, සමස්ත ජයග්‍රාහකයාට මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ ගොල්ෆ් නිවාඩු නිකේතනයක නවාතැන් ඇතුළු සියලු වියදම් සහිත සංචාරයක් හිමිවේ.

මාධ්‍ය සාකච්ඡාව අමතමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් මහතා ප්‍රකාශ කළේ, “නේෂන්ස් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාවලිය අපගේ වාර්ෂික වැඩසටහන් අතර අතිශය වැදගත් අංගයක් ලෙස අඛණ්ඩව පවතින්නේ, වඩාත් සැහැල්ලු මෙන්ම ආකර්ෂණීය වටපිටාවක අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට එමඟින් අවස්ථාව උදා වන බැවිනි. එමෙන්ම, ගොල්ෆ් ක්‍රීඩාවට ලැදි පිරිස් ඒ වටා රොක් කරමින්, ඔවුනට ප්‍රීතිමත් අත්දැකීම් රැසක් ලබා දීමට ද මෙමඟින් අපට හැකි වේ.”

කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් හි කැප්ටන් මහේල ජයවර්ධන මහතා සඳහන් කළේ, “ගොල්ෆ් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව නිසා තරගාවලිය සමඟ එක්වන විවිධ ක්‍රීඩකයින් ක්‍රීඩාංගණය වෙත පිළිගැනීමට ලැබීම සතුටක්. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව මෙම තරගාවලිය සංවිධානය කිරීමට ලැබීම පිළිබඳව අප සතුටු වන අතරම ක්‍රීඩාව මෙන්ම ඉන් ගොඩනැගෙන සබඳතා සමඟින් සමරන තවත් සාර්ථක තරග වාරයක් අප අපේක්ෂා කරනවා.” යනුවෙනි.

මෙම තරගාවලිය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් අතර ඇති පුළුල් සහයෝගීතාවයේ කොටසක් වන අතර, එය 2028 වසර දක්වා වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇත. එමගින් ක්‍රීඩා සංස්කෘතිය දිරිමත් කරමින් අත්දැකීම් රැසක් ලබාදීමටත් බැංකුව දක්වන අඛණ්ඩ සහයෝගය මනාව පිළිබිඹු වේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිළිබඳව

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පුද්ගලික, වාණිජ සහ ආයතනික යන අංශ හරහා ඩිජිටල් හා භෞතික යන ද්විත්ව මාධ්‍යයන්ගෙන් යුත් පුළුල් පරාසයක සේවාවන් සපයයි. තවද, බැංකුව අති නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් හරහා ඩිජිටල් බලගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කරයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කරන්නෙකු සහ තනි අත්පත් කරුවා වන අතර කාඩ්පත් වෙළඳපොළ කාණ්ඩයේ වෙළඳපොළ ප්‍රමුඛයා ද වේ.

Share

You may also like...