Riyelta යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බැටරි දැන් සිංගර් අලෙවිසැල් වලින්

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී Riyelta බැටරි නිෂ්පාදනයන් මෙරට තුළ බෙදාහැරීමේ නිල බෙදාහරින්නා වශයෙන් ලීඩර් සමූහ ව්‍යාපාරය සමඟ හවුල්කාරිත්වයට එළඹීම පසුගියදා සිදුවිය. එසේම Riyelta සන්නාමය යටතේ මෑතකදී එළිදක්වන ලද බැටරි නිෂ්පාදන පෙළ යතුරුපැදි මෙන්ම   ත්‍රිරෝද රථ සඳහා උචිත අයුරින් නිර්මාණය කර ඇත.

උසස් තත්ත්වයේ යුරෝපියානු බැටරි භාවිතයේ අත්දැකීම මෙරට පාරිභෝගිකයින් වෙත ලබාදෙමින් ජර්මානු තාක්ෂණය යොදාගෙන මෙම බැටරි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබයි. Riyelta බැටරි යතුරුපැදි හා ත්‍රිරෝද රථ හිමියන්ට දැරිය හැකි පහසු මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කරන අතර නුදුරේදී මෝටර් රථ පාරිභෝගිකයින් වෙනුවෙන් ද මෙම අවස්ථාව ලබාදීමට නියමිතය.

Riyelta බැටරිවල අන්තර්ගත සුවිශේෂි ගුණාංගයක් ලෙස ජර්මානු පර්යේෂණවලින් සමන්විත වු SilverCell තාක්ෂණය ස්ථාපනය කර තිබීම විශේෂත්වයකි. මෙම SilverCell තාක්ෂණය සඳහා රිදී මත පදනම් වු මිශ්‍ර ලෝහයක් යොදාගන්නා අතර එමඟින් ජලය ඉවත යෑමෙන් බැටරියට සිදුවන හානිය වළක්වමින්, නිශ්චිත උෂ්ණත්වයක් රඳවාගෙන බැටරියේ ද්‍රව්‍ය අඛණ්ඩතාවය ආරක්ෂා කරනු ලබයි. මෙම සුවිශේෂිත්වය නිසාම Riyelta බැටරි ISO 9001 තත්ත්ව සහිතකය ද හිමිකරගෙන ඇත.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි සමූහ විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙරට වෙසෙන විශාල පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතා සපුරාලමින් Riyelta නිෂ්පාදනයන්  වෙළෙඳපළට හඳුන්වාදීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. වර්තමානයේ පවතින ආර්ථික අභියෝගය හමුවේ ලාභදායී, කල්පවතින විකල්ප කෙරෙහි පවතින ඉල්ලුම ඉහළයමින් පවතිනවා. මේ නිසාම Riyelta සමඟ එක්ව මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාදෙමින්, පාරිභෝගිකයාට දැරිය හැකි පහසු මිල ගණන් යටතේ වඩාත් හොඳම විකල්පයක් අපි පිරිනමනු ලබනවා.”

ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව ඇතුළු ලොව පුරා සිටින ප්‍රසිද්ධ ජාත්‍යන්තර ධාවකයන්ගේ එකම තෝරාගැනීම ලෙස දේශසීමා අතික්‍රමණය කරමින් Riyelta බැටරි ජනාදරයට පත්වී ඇත. ඩිලන්ත මාලගමුව ලීඩර් සමූහ ව්‍යාපාරය සමඟ එක්ව නවීනතම ජර්මානු බැටරී නිෂ්පාදන තාක්ෂණය හඳුන්වාදීමටත්, Riyelta සන්නාමය දේශීය හා ජාත්‍යන්තරය වෙත රැගෙනයෑමේ මෙහෙවර වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටියි.

“සිංගර් සන්නාමය සමඟ අපගේ ඇති සහයෝගීතාවය හා ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. ජාත්‍යන්තර වශයෙන් කිර්තිමත් නාමයක් හිමිකරගෙන ඇති Riyelta බැටරි ධාවන ශුරයන්ගේ ද තේරීම බවට පත්වී තිබෙනවා.  අපගේ මූලික අරමුණ දේශීයව නිෂ්පාදනය කරන මෙම බැටරි පහසු මිලගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබාදීමයි. සිංගර් හරහා මෙරට පාරිභෝගිකයින් වෙත Riyelta බැටරි හඳුන්වාදීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.” ලීඩර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මෙසේ සිය අදහස් එක් කරන ලදී.

පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පිහිටි සිංගර් අලෙවිසැල් 40 ක් හරහා Riyelta බැටරි මිලදී ගත හැකිය. සිංගර් වෙතින් මෙම කලාප ආවරණය කරමින් බැටරි සේවා කඳවුරු මෙන්ම මනා පුහුණුවලත් කාර්ය මණ්ඩලය යොදාගනිමින් පුහුණු සැසි ද සංවිධානය කර තිබේ. සිංගර් හරහා මිලදී ගන්නා සියලුම Riyelta බැටරි සඳහා වසරක නිෂ්පාදන වගකීමක් සහිත අතර පොලී රහිත මාසික ගෙවිම් ක්‍රමය යටතේ මිලදීගැනීමේ පහසුවද පාරිභෝගිකයා වෙත ලබාදී ඇත.

Share

You may also like...