ඩීමෝ හි, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සේවා වැඩසටහන මහ කන්නයේ ගොවීන්ට අත්වැලක් වෙයි

සෑම නවතම මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් මිලදී ගැනීමක් සඳහාම නොමිලේ රොටවේටරයක් පිරි නැමෙයි

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා යාන්ත්‍රිකමය දායකත්වය සපයන ඩීමෝ හි කෘෂි යන්ත්‍රෝපකරණ  අංශය මගින්, මෙවර මහ කන්නයට සමගාමීව පැවති, jd¾Isl මහින්ද්‍රා ට්‍රක්ටර් රථ සේවා වැඩසටහන සාර්ථක ලෙස දියත් කෙරිණි. මහින්ද්‍රා පාරිභෝගිකයින් හට සිය ට්‍රැක්ටර් රථ සම්බන්ධ අලුත්වැඩියාවන් හා සේවා කටයුතු සිදු කර ගැනීමටත්, ඩීමෝ වෙතින් පිරි නැමෙන ආකර්ෂණීය වට්ටම් හා දීමනා හිමි කර ගැනීමටත් එම වැඩසටහන මගින් අවස්ථාව සැලසිණි.

කන්නය පුරාම උපරිම ld¾hlaIuතාවයෙන් වැඩ කටයුතු කිරීමට හැකි වන පරිදි හා කල්පැවැත්මට හිතකර වන පරිදි ඕනෑම ට්‍රැක්ටර් රථයක නඩත්තු හා සේවාවන් සිදු කිරීම අවශ්‍ය බව ප්‍රකට කරුණකි. මෙවර මහ කන්නයට සමගාමීව පැවති මෙම සේවා වැඩසටහන මගින්, සිය ට්‍රැක්ටර් රථ පරීක්ෂා කරවාගෙන jd¾;dවන් ලබා ගැනීමට හා සුළු අලුත් වැඩියාවන් හා සේවාවන් කිසිදු වැඩ කුළියකින් තොරව සිදු කරවා ගැනීමට මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අවස්ථාව හිමි විය. ඒ, අමතර කොටස් වෙනුවෙන් ඩීමෝ වෙතින් පිදෙන ආකර්ෂණීය වට්ටම්ද හිමි කර ගනිමිනි. එමෙන්ම ඊට සමගාමීව, මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී, නොමිලේ රොටවේටරයක් (Rotervator) පිරි නැමීමටද, ඩීමෝ එහිදී කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. 

මෙම මහින්ද්‍රා සේවා වැඩසටහන 2020 අගෝස්තු මස 11 වැනිදායින් ආරම්භ වී 2020 සැප්තැම්බර් මස 05 වැනිදායින් අවසන් විණි. එමෙන්ම එය අම්පාර, මොණරාගල, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම මෙන්ම මඩකලපුව,‍ වවුනියාව,‍ මුලතිවු, කිලිනොච්චි හා මන්නාරම ආදී  ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කටයුතු සිදු කෙරෙන සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පැවැත්විණි.

එමෙන්ම, එම සේවා වැඩසටහනට සම්බන්ධ වූ සෑම ගොවි මහතකු හටම ස්වකීය වෛද්‍ය පරීක්ෂාවන් නොමිලේ සිදු කර ගැනීමටද ඩීමෝ අවස්ථාව සලසා දී තිබිණි. සිය ට්‍රැක්ටර් රථය සම්බන්ධයෙන් සේවාවන් සිදු කෙරෙන අතරතුර ඔවුනට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් මගින් සිය සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කර ගැනීමටද එහිදී හැකියාව සැලසිණි.   

මෙම සේවා වැඩසටහන මගින් ඩීමෝ ටයර් සඳහා ආකර්ෂණීය වට්ටම් හිමි කර ගන්නා අතරතුර, WD-40 සහ  DIMO LUMIN වැනි අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීමටද එහිදී ඉඩ කඩ හිමි විය. ඒ හැරුණු විට, සේවා වැඩසටහනට සහභාගී වන්නන් සඳහා පැවැත්වෙන ක්‍රීඩා තරගවලට සහභාගී වී තෑගි හිමි කර ගැනීමටද ඩීමෝ අවස්ථාව උදා කර දී තිබිණි. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ, මහින්ද්‍රා පාරිභෝගිකයින් හට ආකර්ෂණීය පොළී අනුපාත යටතේ අවම මූලික ගෙවීමක් සහිතව මූල්‍ය සහය පිරිනැමීම සඳහා SDB බැංකුව වැනි මුල්‍ය ආයතන හා ඩීමෝ අත්වැල් බැඳගෙන තිබීමයි.

එම වැඩසටහන පිළිබඳව පැහැදිළි කරමින් ඩීමෝ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්‍රමරත්න මහතා සඳහන් කළේ මෙවැන්නකි. “ශ්‍රී ලංකාවේ දේශීය කෘෂි l¾udන්තය ඉහළ තලයකට නංවන අතරම, කෘෂි l¾udන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ඩීමෝ පෙරමුණ ගෙන කටයුතු කරනවා. වගකීමක් සහිත සමාගමක් වශයෙන් මේ ආකාරයේ සේවා වැඩසටහන් පවත්වා දීමනා පිරි නැමීම හා මූල්‍ය ආයතන සමග අත්වැල් බැඳ ගනිමින් කෘෂි ක්ෂේත්‍රයේ නිරත පිරිසට සහය වීම මගින්, ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට පිවිසීම සඳහා බොහෝ පිරිසක් දිරිමත් කෙරෙනවා.”

ඩීමෝහි කෘෂි යන්ත්‍රෝපකරණ අංශ ප්‍රධානී,‍ අමිල ද සිල්වා මහතා සඳහන් කළේ‍, “සිය නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නංවා ගනිමින් ගොවි මහතුන්ට නූතන කෘෂි ක්‍රමවේදවලට අනුගත විය හැකි වන පරිදි ඔවුන් දැනුවත් කිරීමටත්,‍ කෘෂි l¾udන්තය සඳහා වැදගත් වන රොටවේටර් වැනි අනෙකුත් උපාංග පිරි නැමීමටත් මෙම සේවා වැඩසටහන මගින් අපට හැකියාව සැලසුණා.” යනුවෙනි.

“මහ කන්නය වෙනුවෙන් අපි සූදානම් කළේ ට්‍රැක්ටර් රථ පමණක් නොවෙයි. මහ කන්නය වෙනුවෙන් වසරක් පාසා වෙහෙස මහන්සි වන ගොවි මහතුන් සෞඛ්‍යය හා ශාරීරික වශයෙන් ශක්තිසම්පන්නව සිටීමත් ඉතාමත් වැදගත් කාරණයක්. මෙම සේවා වැඩසටහනට සහභාගී වන පිරිස සඳහා අපි, නොමිලේ වෛද්‍ය පරීක්ෂාවන් පවා සංවිධානය කළේ ඒ නිසයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තිරසර ව්‍යාපාරික ප්‍රවේශයන්ගෙන් සමන්විතව ශ්‍රී ලාංකිකයින් හට අඛණ්ඩව සේවාවන් සැලසීම හේතුවෙන්, මහින්ද්‍රා ට්‍රැක්ටර් සමග මෙන්ම අනෙකුත් කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සියල්ලම හඳුන්වා දෙමින්, j¾;udනය වන විට ශ්‍රී ලාංකික කෘෂි ප්‍රජාව හා ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩ නගා ගැනීමට ඩීමෝ වෙත හැකියාව සැලසී තිබේ.

Share

You may also like...