Huawei, ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සම අනුග්‍රාහකත්වය දක්වයි

ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන රටට හඳුන්වා දෙමින් තාක්ෂණය අතින් නිරතුරු ශ්‍රී ලංකාව බලගන්වන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei, ඉ-ස්වාභිමානී 2020 සම්මාන උළෙල සඳහා සම අනුග්‍රහය දැක්වීමට කටයුතු කර තිබේ. සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම්  ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම යටතේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාවට නැංවෙන වැඩසටහනකි.

2009 වසරෙන් ඇරඹී, මේ වන විට වසර 10 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඉ-ස්වාභිමානී වැඩසටහන තුළින්, දේශීය දක්ෂතාවයන් වඩාත් ඔපවත් කර ජාත්‍යන්තර මට්ටමට හඳුන්වා දෙමින්, සම්මානයට පාත්‍ර කිරීම සිදු කෙරේ. සමාජමය වෙනසක් සඳහා උත්ප්‍රේරක වන ඩිජිටල් නවෝත්පාදනයන් මෙලෙස ඇගයීමට ලක් කෙරෙන, ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් සම්මාන උළෙල ඉ-ස්වාභිමානී වීම විශේෂත්වයකි.

මෙම සම්මාන උළෙල සඳහා සම අනුග්‍රාහකයින් වශයෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන හා සන්නිවේදන තාක්ෂණයේ නව්‍යොත්පාදකයා වන Huawei ඉදිරිපත් වීම, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉහළ නැංවීමේ Huawei සමාගම සතු දැක්ම මැනවින් කියා පාන්නකි. ඉ- ස්වාභිමානී 2020 සම්මාන උළෙල සමග Huawei අත්වැල් බැඳ ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දක්වන්නේ මෙවන් අදහසකි.

“ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශිෂ්ටතා අගය කිරීමට ලක් කෙරෙන ඉ-ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් සම්මාන උළෙල සමග Huawei වැනි ගෝලීය සන්නිවේදන ප්‍රමුඛයකු අත්වැල් බැඳ ගැනීම අපට ඇත්තටම සතුටට කාරණයක්. මෙම සම්මාන උළෙල මගින් තොරතුරු තාක්ෂණ දක්ෂතාවන් මෙන්ම, ඒවා ඩිජිටල් විසඳුම් ලෙසින් සංවර්ධනය කළ හැකි විශිෂ්ටයින් අගය කිරීමටත් අවස්ථාව සැලසෙනවා. ඒ හේතුවෙන් සමාජ අවශ්‍යතා සපුරාලිය හැකි පුළුල් පරාසයක ඩිජිටල් යෙදවුම් සංවර්ධනය කිරීම පිළිබඳව සමාජය තුළ වැඩි උනන්දුවක් මතු වීමටත් ඉඩ තිබෙනවා.” තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා පැවසීය.

ඩිජිටල් සමාජ වෙනසක් සිදු කිරීමේ මූලික අභිප්‍රායෙන් යුතුව වාර්ෂිකව පැවැත්වෙන මෙම ඉ-ස්වාභිමානී සම්මාන උළෙලට ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අතින් විස්කම් පාන පිරිසට කාණ්ඩ කිහිපයක් යටතේ ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. තරුණ කාණ්ඩය යටතේ ඉල්ලුම් කළ හැක්කේ, වයස අවුරුදු 26 ට අඩු පිරිසටය. එක් එක් කාණ්ඩය යටතේ ඉදිරිපත් කරන ඩිජිටල් යෙදවුම්, තාක්ෂණික හා උපාය මාර්ගික අංශ සමග සමාජීය බලපෑම සැලකිල්ලට ගනිමින් ඇගයීමට ලක් කෙරේ.

“ඉ- ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හා ඩිජිටල් විසඳුම් නංවාලීම වෙනුවෙන් Huawei  සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු වෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, මෑත කාලයේ මතු වුණු බොහෝ ආර්ථික හා සමාජමය ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. ඒ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය, කුමන ගැටලු හා බාධා මධ්‍යයේ වුවත් දිනෙන් දින අගය ඉහළ යමින් තිබෙන ක්ෂේත්‍රයක් බවට පත් වී තිබෙනවා. ICTA සමග අත්වැල් බැඳ ගනිමින්,   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තව දුරටත් ඉහළ නංවමින් රටට ප්‍රතිලාභ සලසා දීමට හැකි වීම සතුටක්. ඒ වගේම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රධාන ගාමක බලවේගය ලෙසින් දිගටම කටයුතු කිරිමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Huawei  ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලියැන්ග් යි මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පරිවර්තනයෙහි කොටස්කරුවන් වීම, ශ්‍රී ලංකාවට හොඳම අන්තර්ජාල බ්‍රෝඩ් බෑන්ඩ් ප්‍රවේශයන් ලබා දීම, ඩිජිටල් ආර්ථිකයට සහාය දැක්වීම සඳහා යටිතල පහසුකම් ගොඩ නැගීම මෙන්ම අනාගත පරපුර තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම ආදී කාරණා සම්බන්ධයෙන් සිය සමාගමේ දායකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳ ආඩම්බරයට පත් වන බවයි.

කෝවිඩ් 19 වසංගතය හමුවේ සාර්ථක ලෙස මුහුණ දෙමින් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව ලොව පෙරමුණේ පසු වෙයි. පශ්චාත් කොවිඩ් 19 අභියෝග ලෙසින් දැන් ශ්‍රී ලංකාව හමුවේ ඇත්තේ, ආර්ථික අභියෝග ජය ගැනීමේ ඉලක්කයයි. ඒ සඳහා ඩිජිටල් අවකාශ ශක්තිමත් කිරීම යුගයේ අවශ්‍යතාවක් ලෙසින්ද හඳුනාගෙන තිබේ. එම ජාතික අවශ්‍යතාව මැනවින් හඳුනා ගත් Huawei  විසින් මෑතකදී, ‘Tech4ALL’ වැඩසටහනද හඳුන්වා දෙනු ලැබිණි. සබඳතාවය, යෙදවුම් හා නිපුණතා යන කාරණා ත්‍රිත්වය කෙරෙහි මුල් තැන හිමි වන, පිරිවැය හා ආවරණ බාධා අවම කරන නව්‍යෝත්පාදන එමගින් හඳුන්වා දෙනු ලැබිණි. ඉන් Huawei  පද්ධතිය තව තවත් බල ගන්වමින්, රට පුරා විවිධ ප්‍රජාවන්ට සේම කර්මාන්ත දියුණුව සඳහාද ඉවහල් වන නව්‍යතම යෙදවුම් Huawei සමග එක්ව සංවර්ධනය කිරීමට දේශීය යෙදවුම් නිර්මාණකරුවන් හට මහඟු අත්වැලක් සැපයිණි.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික දැනුමෙන් පිරිපුන් බොහෝ පිරිසක් අද වන විට සිය කුසලතා සමගින් වෘත්තීය  නිපුණතාවන් ඔප් නංවා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වෙති. විශ්ව විද්‍යාල මට්ටමින් බිහි වන කුසලතා පරිපූර්ණ පිරිස් හා ව්‍යවසායකත්වය අතර පවතින පරතරය පියවීමට කැප වන Huawei‍්, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ඇරඹුණු 1998 වසරේ සිටම, දේශීය ප්‍රධාන ධාරාවේ ටෙලිකොම් ක්‍රියාකරුවන්, රජය මෙන්ම කර්මාන්ත පාරිභෝගිකයින් අතර පුළුල් සහයෝගිතාවයකින් යුතුව, මෙවැනි කටයුතුවලට අනුග්‍රහය දක්වා තිබේ.

Huawei විසින් මෙම වසරේ රට තුළ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීමේ සහ දේශීය පද්ධති හා හවුල්කරුවන් සමග දිගුකාලීන සහයෝගිතාව තහවුරු කිරීමේ අරමුණින්,‍් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විශ්ව විද්‍යාල සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද නියමිතය.‍ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා රටෙහි සංවර්ධනය පිණිස වැඩි වැඩියෙන් යෙදවීමට එමගින්ද අවස්ථාව සැලසේ.

ඉකුත් වසර ගණනාව තිස්සේම, සෑම අයකු වෙතම තාක්ෂණය ළඟා කරලීමේ රටෙහි දැක්ම සැබෑවක් කරමින්, Huawei විසින් ක්‍රියාත්මක කළ ‘TECH4ALL’ වැනි වැඩසටහන් දැනුමෙන් පිරිපුන් පිරිසට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සවිමත් ලෙස ගොඩ නැගීමට ප්‍රබල අත්වැලක් විණි. එමෙන්ම 2016 වසරේදී දියත් කළ Huawei Seeds for the Future වැඩසටහන් පැවැත්වුණේ, රට තුළ කුසලතාවන්ගෙන් පිරිපුන් තරුණ තරුණියන් සඳහා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ආධුනික පුහුණුව මෙන්ම, ප්‍රායෝගික පුහුණුව ද ලබා දෙමිනි. මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් ඉකුත් වසර ගණනාව තිස්සේම, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීමට Huawei මෙලෙස සමත්ව තිබීම ප්‍රශංසනීය ය.

වැඩි විස්තර සඳහා දැන ගැනීම සඳහා https://www.huawei.com/en/ යන වෙබ් අඩවියට පිවිසිය හැකිය.

Share

You may also like...