ජනශක්ති ලයිෆ්, දෙවැනි කාර්තුවේද 61% ක නව ව්‍යාපාර ආදායම් වර්ධනයක් සහ 70% ක ලාභයක් වාර්තා කරයි

ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත් ප්‍රධාන කාර්යසාධන දර්ශක හරහා කර්මාන්ත ප්‍රමිතීන් අභිබවා යාමටත් සමාගම සමත් වී ඇත.
ඉතා අභියෝගාත්මක ආර්ථික පසුබිමක වුවද, ජනශක්ති ලයිෆ් හි පළමු වසරේ රක්ෂණ වාරික ආදායම, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 61%ක ආකර්ෂණීය වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය සමාගමේ ශක්තිය සහ දක්ෂතාවය මනාව පෙන්වා දී ඇත. ජනශක්ති සමූහයේ (JXG) ප්‍රධානතම සමාගම ලෙස, ජනශක්ති ලයිෆ් 2025 දෙවැනි කාර්තුවේ (Q2 YTD) මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශ කරමින්, සමාගම සතු ශක්තිය, සිය උපායමාර්ගික දැක්ම සහ තිරසාර වර්ධනය පෙන්නුම් කරයි.
දිගුකාලීන රක්ෂණ ව්‍යාපාර ආදායම පසුගිය වසරට සාපේක්ෂව 32% කින් වර්ධනය වී ඇති අතර, ස්ථාවර ආදායම් මාර්ගයන් පවත්වා ගැනීම සිදු කරන අතරම වඩා ශක්තිමත් දිගු කාලීන පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමේ සමාගම සතු හැකියාව මින් අවධාරණය කරයි. වෙළඳපොළ අභියෝග මධ්‍යයේ වුවද, දළ ලියා හරිත වාරික රුපියල් මිලියන 3,769 ක් දක්වා ඉහළ නංවා ගනිමින්, පසුගිය වසරට සාපේක්ෂව 27% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම, ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනය ජනශක්ති ලයිෆ් සතුවන බව පිළිබිඹු කරයි.
පසුගිය වසරේ මෙම කාලපරිච්ඡේදය තුළදීම ලැබූ රුපියල් මිලියන 777 ක ලාභයට සාපේක්ෂව මෙම වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 1,318 ක් වන අතර එය 70% ක විශිෂ්ට වර්ධනයක් අත්පත් කර ගැනීමක් ලෙස දැක්විය හැකිය. 2025 ජුනි මස අවසාන වන විට සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 39 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එය සමාගමේ ශක්තිමත් මූල්‍ය පදනම සහ තවදුරටත් වර්ධනය වීමේ හැකියාව විදහා දක්වයි.
ජනශක්ති ලයිෆ් හි නවෝත්පාදන සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් කෙරෙහි අවධානය යොමු කිරීම තුළින්, පළමු වසරේ නව රක්ෂණ වාරික ආදායම 73%කින් ඉහළ ගොස් ඇත. මෙම වර්ධනය, ශ්‍රී ලාංකේය පවුල්වල වෙනස්වන අවශ්‍යතා සපුරාලමින් තිරසාර සංවර්ධනයක් සඳහා සමාගමේ උපායමාර්ගික කැපවීම පෙන්නුම් කරන අතර, එමඟින් ඇතැම් ජීවිත රක්ෂණ කාණ්ඩවල වෙළඳපොළ කොටසෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමාගම සමත්ව ඇත.
සමාලෝචිත කාලය තුළ, සිය ඔප්පු හිමියන් වෙත රුපියල් මිලියන 1,589ක හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති ජනශක්ති ලයිෆ් සමාගම, විශ්වසනීය රක්ෂණ සහකරුවෙකු ලෙස සිය වගකීම සහ භූමිකාව මැනවින් ඉටු කර ඇත.
ජනශක්ති ලයිෆ් හි දෙවැනි කාර්තුවේ ප්‍රතිඵල මගින් සමාගමේ උපායමාර්ගික සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක වන බව සහ පාරිභෝගික භවතුන් කෙරෙහි ඔවුන්ගේ අවධානය නොඅඩුව ලැබෙන බව පෙනීයයි. එමෙන්ම සේවා සැපයීම, නිෂ්පාදන විවිධත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය ප්‍රතිඵල ඇතුළු සියලු ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය අත්කර ගනිමින් සමාගම සැලකිය යුතු වර්ධනයක් ලබාගෙන ඇති බවද දැක්විය හැකිය.
මෙම ප්‍රතිඵල පිළිබඳව ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි සභාපතිනි අනිකා සේනානායක මහත්මිය අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “අපගේ පාරිභෝගික භවතුන්ට, සේවක සේවිකාවන්ට සහ කොටස් හිමියන්ට වටිනාකමක් ලබා දීමට අප අනුගමනය කළ ක්‍රියාමාර්ග කොතෙක් දුරට සාර්ථකද යන්න මෙම ප්‍රතිඵලවලින් පිළිබිඹු වෙනවා. සමාගමේ ආදායම් සහ ලාභ ක්‍රමයෙන් වර්ධනය වීම අපගේ පැහැදිලි සැලැස්මේ සහ කණ්ඩායම් ශක්තියේ සෘජු ප්‍රතිඵලයක්. අපි යන ගමන්මග අඛණ්ඩව වර්ධනය කරමින්, පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කිරීම, සබඳතා වර්ධනය කිරීම සහ අනාගතයට සාර්ථකව මුහුණ දීම කෙරෙහි අපි අවධානය යොමු කරනවා.” යනුවෙනි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙම කාර්යසාධනය පිළිබඳව සිය අදහස් දක්වමින් පවසා සිටියේ, “අපි අනුගමනය කළ උපාය මාර්ග අති සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව සහ අපි ඒවා සූක්ෂම ලෙස ක්‍රියාවට නංවා ඇති බව මෙම ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරෙනවා. ගැලපෙන නිෂ්පාදන සහ ශක්තිමත් අලෙවි ජාලයක් තිබීම සමාගමට විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී ඇති අතර දෙවැනි කාර්තුවේ ශක්තිමත් දායකත්වය නිසා පසුගිය වසරට සාපේක්ෂව 70%ක ලාභදායිත්වයක් ලඟා කර ගැනීමට සමාගමට හැකිවී ඇති බව පැවසිය යුතුමයි. ඒ වගේම නව ව්‍යාපාර සහ ලාභදායිත්වය වර්ධනය වීම පාරිභෝගික අවශ්‍යතා සමඟ සම්බන්ධව සිටීමට සහ ඒවාට සරිලන විසඳුම් ලබා දීමට අප සතු හැකියාව ඉස්මතු කරනවා. ඉදිරියටත්, සමාගමේ තිරසාර වර්ධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් රට පුරා අපගේ පැවැත්ම වඩා ශක්තිමත්ව පුළුල් කිරීමට අපි කැපවී සිටිනවා.” යනුවෙනි.
ජනශක්ති ලයිෆ් මූල්‍ය වර්ෂය අවසාන වනතෙක් මෙම ශක්තිමත් ක්‍රියාකාරිත්වය අඛණ්ඩව රැගෙන යාමට සූදානමින් සිටී. සංඛ්‍යාංගික නවෝත්පාදනය (Digital innovation), සේවා ජාලය ශක්තිමත් කිරීම සහ පාරිභෝගික සබඳතා දිගු කාලීනව ගොඩනැඟීම යන මූලික අරමුණු ඔස්සේ සියලුම පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනාකම් ලබා දීමට සමාගම කැපවී සිටී.
අවසන්.
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී පිළිබඳව:
1994 වසරේදී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ් සමාගම) වසර 30 කට ආසන්න කාලයක් පුරා දේශීයව ප්‍රචලිත සන්නාමයක් මෙන්ම නවෝත්පාදකයකු ලෙස මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ස්ථාන ගත වීමට සමත් වී ඇත. ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී ශ්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර දිවයින පුරා ස්ථාපිත 75 කට අධික ශාඛා ජාලයකින් සහ ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විතව “ජීවිත නඟා සිටුවමින්, සිහින සවි බල ගන්වමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වෙමින්, සිය පාරිභෝගික භවතුන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණය ඉක්මවා ගිය සේවාවක් ලබා දෙයි. මෙරට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට කැප වී සිටින ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශ ඔස්සේ ක්‍රියාත්මක වන ජනශක්ති සමූහයේ (JXG) සාමාජිකයෙකි.
ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී අධ්‍යක්ෂ මණ්ඩලය අන්නිකා සේනානායක, ප්‍රකාශ් ෂාෆ්ටර්, රවී ලියනගේ, රමේෂ් ෂාෆ්ටර්, වරිණි ඩි කොස්තා, ආචර්ය නිෂාන් ඩි මෙල්, සිවක්‍රිෂ්ණරාජා රෙන්ගනාදන්, ආචාර්ය ගිහාන් ගුණතිලක සහ දිලිප් ඩි එස්. විජේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත වේ.
Recent Comments