වංචාවක් ගැන ධම්මික පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්

කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද සහ විකෘති කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, එම වීඩියෝවල ධම්මික පෙරේරා මහතා ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන බවට අසත්‍ය ලෙස කරුණු නිරූපණය කර ඇති බවත්, ධම්මික පෙරේරා මහතාට මෙම වීඩියෝ, ඒවා ප්‍රචාරය කරන වේදිකා හෝ එහි සඳහන් ප්‍රකාශ සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් සඳහන් කරමින් ධම්මික පෙරේරා මහතාගේ කාර්යාලය වෙතින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

මේවා මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් සිදුකරන ද්වේෂසහගත උත්සාහයන් බවත්, එවැනි අන්තර්ගතයක් දුටුවොත් ඒ පිළිබඳව අදාල බලධාරීන් වෙත වහාම පැමිණිලි කරන ලෙසත් ධම්මික පෙරේරා මහතාගේ කාර්යාලය විසින් දැනුම් දී සිටී.

අද දෙරණ

Share

You may also like...