ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
කොළඹ ගලදාරි හෝටලයේ සමාජ මාධ්‍ය ගිණුම් විසින් අද (10) දින සිට සිය හෝටලයේ නාමය Radisson Blu Hotel, Galadari Colombo යනුවෙන් වෙනස් කර තිබේ.
මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරි හෝටලය, සිය නවීකරණ කටයුතු සඳහා පසුගිය 2023 වසරේ දී ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමග ගිවිසුමකට එළඹි අතර එය ආයොජන මණ්ඩල අනුමැතිය සහිත ඩොලර් මිලියන 33.5ක ව්‍යාපෘතියක් විය.
එම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමට ලක් කිරීමෙන් පසු “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ලබන බව මීට පෙර නිවේදනය කර තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ

Recent Comments