Shangri-La වෙතින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට ‘Golden Hour’ අත්දැකීම සමඟින් Tiki Bar නව මුහුණුවරකින් සහ නවීන රසයන් සමඟින් යළි ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Shangri-La හෝටල් සමූහය, සිය සන්නාම අනන්‍යතාවය විදහා දක්වන ගෝලීය සංකල්පයක් වන “Golden Hour” සන්ධ්‍යා කාලීන අත්දැකීම කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව, කොළඹ Shangri-La හෝටලයේ සුප්‍රසිද්ධ Tiki Bar නව මුහුණුවරකින් සහ සුවිශේෂී මෙනුවක් සහිතව යළිත් විවෘත වේ.
සාම්ප්‍රදායික Happy Hour සංකල්පයට නව අරුතක් එක් කරමින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂි අත්දැකීම Shangri-La හෝටල් සමූහයෙහි ආසියානු උරුමය සහ සන්නාමයේ සංකේතාත්මක ආභාෂය මැනවින් නිරූපණය කරනු ලබයි. කාර්යබහුල ජිවන රටාවෙන් ඔබ්බට ගොස් සන්ධ්‍යා කාලයේ සුන්දරත්වය අත්විඳීමට මෙම සංකල්පය හරහා ඉඩ සැලසේ. සුප්‍රසිද්ධ Tiki Bar හි හුදෙක් නව කොක්ටේල් මෙනුවක් පමණක් නොවන අතර කාර්යබහුල කොළඹ නගරයේ හා සවස් කාලයේ ඉන්දියානු සාගරයේ චමත්කාර එකිනෙකට එක් වූ අපූර්ව අත්දැකීමක් ලෙස හැඳින්විය හැක. වර්තමාන වනවිට කොළඹ නගරයේ ආකර්ෂණීයම ගමනාන්තය බවට පත්ව ඇති Shangri – La Colombo හි නවතම අනන්‍යතාවය මෙමඟින් නිරූපණය වේ.
කොළඹ Shangri-La හෝටලයේ මෙම සංකල්පය අගනුවර කාර්යබහුල නාගරික පරිසරය සහ සාගර දසුන් මුසුවන පසුබිමක මෙය ක්‍රියාත්මක වේ. හෝටලයේ ප්‍රමුඛතම අලෙවිසැල් වන Capital Bar & Grill සහ Tiki Bar හරහා අති නවීන සන්ධ්‍යා කාලීන සමාජ අත්දැකීමක් අමුත්තන් වෙත සමීප කරයි.




අක්කර 145ක විහිදුණු ස්වභාවික සෞන්දර්යය සහ ඉන්දීය සාගරයට මායිම් වූ සන්සුන් පරිසරයක, වඩාත් විවේකී අත්දැකීමක් ලෙස හම්බන්තොට Shangri-La හෝටලයේ මෙම ‘Golden Hour’ සංකල්පය දියත් වේ. ගොල්ෆ් පිටියට ඉහළින් බැස යන හිරු සහ සොබාදහමේ සුන්දරත්වය මෙහිදී ප්‍රමුඛත්වය ගනී.
Shangri-La හි ගෝලීය Mixology Masters විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ දේශීය රසයන් මුසු කරමින් සුවිශේෂී පාන වර්ග දෙකක් වෙළඳපොළට හඳුන්වා දී ඇත.
- Purana Legacy (කොළඹ Shangri-La හෝටලය): Chivas 18, කර කළ පොල් සහ අන්නාසි රසයන්ගෙන් සමන්විත මෙම පානය, දේශීය රසයන් නවීන මට්ටමකට ඔසවා තැබීමකි.
- Ruby Fizz (හම්බන්තොට Shangri-La හෝටලය): දකුණු වෙරළ තීරයේ ජීවී ගුණය නිරූපණය කරන ජින්, පොල් සහ ඉඟුරු-දෙළුම් රස මුසු කළ ප්‍රබෝධමත් නිපැයුමකි.
මෙම කොක්ටේල් පාන වර්ග සඳහා දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් සකස් කරන ලද “Golden Bites” නම් පිරිපහදු කළ කෙටි ආහාර එකතුවක් ද ඇතුළත් වේ.
යුරෝපයේ සිට මැදපෙරදිග දක්වා ලොව පුරා විසිරී ඇති Shangri-La හෝටල් ජාලය තුළ දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක වන මෙම සංකල්පය, ශ්‍රී ලංකාවේදී මෙරටට ආවේණික වූ ස්වරූපයකින් ඉදිරිපත් කෙරේ. හුදෙක් සේවාවකට එහා ගිය, කාලය සහ පරිසරය සමඟ බැඳුණු මෙම සුවිශේෂී චාරිත්‍රය හරහා පාරිභෝගිකයින්ට වඩාත් අර්ථවත් සහ සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දීමට Shangri-La අපේක්ෂා කරයි.
සෑම දිනකම සන්ධ්‍යාවේ රන්වන් ආලෝකය පතිත වන හෝරාවේදී, ජීවිතයේ සොඳුරු සැඳෑවක් විඳගැනීම සඳහා Shangri-La හෝටල් ජාලය දැන් සියලු අමුත්තන්ට ආරාධනා කර සිටියි.





Recent Comments