Emerald International ග්‍රාමීය ප්‍රජාවන් තුළ ක්‍රීඩාව සවිබල ගැන්වීමට සහ තාරුණ්‍යය සංවර්ධනයට පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, උයන්වත්ත යෞවන ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රථම යෞවන ක්‍රීඩා උළෙල සඳහා යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහක වශයෙන් සිය දායකත්වය දක්වන ලදී. උයන්වත්ත නූරානියා මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රීඩා උළෙල සඳහා ප්‍රදේශයේ  සිසුන් 900කට අධික පිරිසකගේ සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර, ක්‍රීඩා උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

“යෞවන ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී ක්‍රීඩා උළෙලේ  යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහකයෙකු වීමට අපට හැකියාව ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා.” Emerald හි අලෙවි ප්‍රධානී අෂ්කර් හුසේන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “තරුණ ක්‍රීඩකයන් සතු ජවය සහ ක්‍රීඩාවට ඇති උනන්දුව අපට දැකගන්නට ලැබුණා. ක්‍රීඩාව නඟා සිටුවීමට අප කරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි මූලික අදියර ලෙස මෙම අවස්ථාව හඳුන්වන්න පුලුවන්. මෙම ක්‍රීඩා උළෙල  අතිවිශිෂ්ට ලෙස සාර්ථක කර ගැනීමට කැප වූ උයන්වත්ත තරුණ ක්‍රීඩා සමාජයටත්, සංවිධායකයින්ටත්, ස්වේච්ඡා සේවකයන්ටත්,  සහභාගී වූ සියලුම දෙනාටත් අපගේ හෘදයාංගම ප්‍රණාමය පුදකර සිටිනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පවසා සිටියේය.

මෙම ක්‍රීඩා සමාජය තුළින් බිහිවූ ප්‍රදේශයේ කැපීපෙනෙන සිසුන් හතර දෙනෙකු සාෆ් ක්‍රීඩා සහ ආසියානු ක්‍රීඩා වැනි කීර්තිමත් තරඟ සඳහා ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමද සුවිශේෂී කරුණක් විය. ඔවුන් මෙතෙක් පැමිණ ඇති ගමන සහ ඔවුන්ගේ නොසැලෙන කැපවීම ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය තුළ පවතින, තවමත් සුදුසු අවධානයක් ලැබී නොමැති ක්‍රීඩා කෞශල්‍යයන්ට කදිම නිදසුනකි.

මෙම ක්‍රීඩා උළෙලින් ඔබ්බට යමින් තරුණ පරම්පරාව සවිබල ගැන්වීමේ  මූලික  අදියරක් ලෙස අඩු වරප්‍රසාද ලත් දරුවන්ට ක්‍රීඩා උපකරණ  පරිත්‍යාග කිරීමේ උත්සවයක්ද Emerald විසින් සංවිධානය කර තිබුණි. ක්‍රීඩාව තුළින් පුද්ගලයෙකුගේ,  නායකත්වය, විනය සහ දරා ගැනීමේ හැකියාව වැනි කුසලතා  ඔප්නැංවීමේ  හැකියාව පිළිබඳව බෙහෙවින් විශ්වාස කරන Emerald රටේ තරුණ පරපුර තුළ එම හැකියාවන් වර්ධනය කිරීමට විවිධ මුලපිරීම් දියත් කරනු ලබයි.

මෙම මුලපිරීම, ක්‍රීඩා සංවර්ධනය තුළින් තරුණයින් සවිබල ගැන්වීමේ Emeraldහි දැක්මට අනුකූල  වන අතර, පවුල්  පසුබිම නොසලකා දරුවන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවන් නිර්මාණය කිරීමට සමාගම කැපවී සිටියි. යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහක  වශයෙන් Emerald විසින් කණ්ඩායම් හැඟීමෙන්  යුත් සාධාරණ තරඟකාරීත්වයක් පවත්වා ගත හැකි යහපත් ක්‍රීඩා සංස්කෘතියකින් යුත් නව පරපුරක් බිහිකිරීමට කටයුතු කරනු ලබයි.

යෞවන ක්‍රීඩා සමාජය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් තරුණ  ක්‍රීඩකයන්ගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කිරීම මෙන්ම ප්‍රජාව තුළ ක්‍රීඩාවේ දියුණුව ප්‍රවර්ධනය කිරීම Emeraldහි අරමුණයි.

Share

You may also like...