LMD හි 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය FMCG සමාගම ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, 2023 වසරේ LMD හි නවතම ආයතන ශ්‍රේණිගතකිරීම් අනුව වඩාත් ගෞරවනීය FMCG සමාගම ලෙස පසුගියදා පිදුම් ලැබීය. එසේම වසර 18ක් පුරාවට සිය නොබිඳුණු නායකත්වය තවදුරටත් රඳවා ගනිමින් “පාරිභෝගික භාණ්ඩ” සහ “බහුජාතික සමාගම්” යන කාණ්ඩ ද්විත්වයේම ප්‍රමුඛස්ථානය දිනාගැනීමට ද සමත්විය. මූල්‍ය කාර්ය සාධනය, ගුණාත්මකභාවය, කළමනාකරණ පැතිකඩ, අවංකභාවය, නවෝත්පාදනය, ගතිකත්වය, ආයතිනක සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරභාවය, දැක්ම, ජාතික ඉදිරි දර්ශනය, මානව සම්පත් හා පුද්ගල කළමනාකරණය මෙන්ම අර්බුදය කළමනාකරණය යන අංශ 12ක් යටතේ ඉහළ කාර්යය සාධනයක් හිමිකරගැනීම යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි මෙම ජයග්‍රහණයට හේතුවිය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර  අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය FMCG සමාගම ලෙස පිළිගැනීමට ලක්වීම අපට බෙහෙවින් ගෞරවයක් හා අභිමානයක් ලෙස සළකනවා. මෙම පිළිගැනීම මඟින් දේශීය ප්‍රජාව අතර අප විසින් ඇතිකරන ලද ධනාත්මක හා තිරසාර බලපෑම මෙන්ම අපගේ සන්නාම හා සමාගම කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය මැනවින් පිළිබිඹු කරනු ලබනවා. තිරසාර ජිවන රටාවක් නිර්මාණය කිරීමේ දැක්ම මත පදනම්ව අප සන්නාමයන්ගේ අරමුණු ගොඩනඟා තිබෙන්නේ පාරිසරික යහපැවැත්ම, පුද්ගල ජිවන රටාව හා සෞඛ්‍ය ආරක්ෂාව වර්ධනය කිරීම තුළින් සාධාරණ සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමටයි.  අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් තුළ වුවත්, පාරිභෝගික හදවත්වලට සමීපව කටයුතු කිරීමට හැකිවිම තුළින් පසුගිය වසර 18ක් පුරාවට LMD හී කිර්තීමත් සමාගම් ලැයිස්තුවට ඇතුළත්වීමට ලැබීම අපට මහත්  ගෞරවයක්. වසර 85ක් පුරා මෙරට ආර්ථික තත්ත්වය වර්ධනය කරමින් අපගේ වෙළෙඳ නාමයන් මෙරට ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනයන් සිදුකර තිබෙනවා. ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරියටත් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ආයෝජනයන් සිදුකරනු ලබනවා. එසේම, ආයතනික විධිමත්බව හා අඛණ්ඩත්වය පිළිබඳව අගයමින් LMD විසින් සිදුකරන මෙම කර්තව්‍යය මම බෙහෙවින් අගය කරනු ලබනවා.”

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, සමස්ත ශ්‍රී ලාංකීක සමාජය තුළ ගැඹුරින් මුල්බැසගත්, මෙරට ප්‍රජාවගේ ජීවන තත්ත්වය වර්ධනය වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරනු ලබන ආයතනයකි. එය මෙරට විශාලතම FMCG සමාගමක් වන අතර එහි නිෂ්පාදනයන්ගෙන් 96% ම පරිපූර්ණ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව හොරණ පිහිටි කර්මාන්තශාලාවේ මෙන්ම දේශිය තෙවැනි පාර්ශ්වයේ නිෂ්පාදන මධ්‍යස්ථාන හරහා නිෂ්පාදනය කරනු ලබයි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සන්නාම ජාලය වෙළෙඳපළ ප්‍රමුඛතම සන්නාමයන් 30 කින් සමන්විත අතර එමඟින් දෛනිකව මිලියන 21ක් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජිවන තත්ත්වය නඟාසිටුවනු ලබයි.

එසේම Brand Finance විසින් සිදුකරන Most Loved Annual Brand ශ්‍රේණිගතකිරීම් හි යුනිලිවර් සන්නාම 15ක් නිර්දේශ වී තිබේ. ඒ අනුව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම සන්නාමයක් වන Sunlight සහ Horlicks, Lifebuoy, Knorr, Surf, Comfort, Marmite, Pears, Signal, Lux, Vaseline, Glow & Lovely, Sunsilk, Clear, සහ Vim යන සන්නාමයන් ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. මෙරට එබඳු ශ්‍රේණිගතකිරීම් වලට ඇතුළත් වු වැඩිම වෙළඳ සන්නාමයන් හිමි සමාගම වශයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සුවිශේෂි සන්ධිස්ථානයක් තහවුරු කරන ලදී.

Share

You may also like...