realme වෙතින් අද්විතීය විශේෂාංග වලින් යුත් නවතම ස්මාර්ට් දුරකථනයක්

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින් නුදුරේදීම සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකතනයක් දේශීය වෙළඳ පොළට දියත් කිරීමට සූදානම්ව සිටියි. 

මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් මෙලෙස එළිදැක්වීමට නියමිත නවතම realme ස්මාර්ට් දුරකථනය, වෙළඳ පොළ තුළ වඩාත් කතා බහට ලක් වීමට හේතු රැසක් පවතී.  විශේෂයෙන්ම, ඉහළම ස්මාර්ට් තාක්ෂණය හා අද්විතීය තාක්ෂණික විශේෂාංග රැසක් එක් කරමින් නිපදවා ඇති නවතම දුරකථනය දැරිය හැකි මිලකට  උපරිම තාක්ෂණික අත්දැකීමක් සියලුම පරිශීලකයින්ට හිමි කර දේ. 

සුවිශේෂී ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme number series හි මීළඟ නවතම ස්මාර්ට් දුරකථනය එහි වූ විශේෂාංග සහ  වඩාත් ගුණාත්මක ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හේතුවෙන්  වෙළඳ පොළ තුළ  අනෙකුත් තරඟකාරී මධ්‍යම පරාසයේ  ස්මාර්ට් දුරකතනයක්ට අභියෝගයක් වනු ඇත. 

නවතම ස්මාර්ට් දුරකතනය ශ්‍රී ලාංකේය තාරුණ්‍ය මහත් ආශාවෙන් බලා සිටි AI මත බල ගැන්වූ quad කැමරා පද්ධතියක් සමඟින් සන්නද්ධ කර තිබේ. තවද, දුරකතනයේ ආකර්ෂණීය හා පහසු නිමාව පරිශීලක සිත් ඇඳබැඳ ගනුයේ සැබවින්ම එය අනාගතය ඉලක්ක කරගනිමින්,  ඩිජිටල් හා සැබෑ  ලෝකයන් ඒකාබද්ධ කරමින් නිපදවා ඇති හෙයිනි. 

මේ පිළිබඳ අදහස් දක්වමින් realme ශ්‍රී ලංකා හි සන්නාම කළමණාකරු රනුර කඩුවෙල මෙලෙස පවසා සිටියි.  “realme යනු මෑතකදී වෙළඳ පොළට ප්‍රවේශ වූ තාරුණ්‍ය ඉලක්ක කරගත් ලොව ප්‍රමුඛ ස්මාර්ට් දුරකතන සන්නාමයක්.  නුදුරේදී ඔබ අතට පත් වන නවතම මධ්‍ය පරාසයේ realme ස්මාර්ට් දුරකථනය සෑම ශ්‍රී ලාංකේය පරිශීලකයෙකුටම ඉහළම තාක්ෂණික අත්දැකීමක් දැරිය හැකි  මිලකට ලබා දෙන බව කිව හැකියි.”

……………………………………….

‘Dare to Leap’ තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන realme යනු, වඩාත් ඉදිරිගාමී හැකියාවන්ගෙන් සහ නවීන පෙනුමින් යුත්, සාධාරණ හා ආකර්ෂණීය මිල ගණන් යටතේ වෙළෙඳපොළට පිවිසෙන නව ජංගම දුරකථන සන්නාමයකි. විශේෂයෙන්ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් AIoT තාක්ෂණයෙන් සමන්විත සුහුරු ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ජීවන විලාසිතාවට ගැලපෙන විශේෂාංග රැසක් realme නිෂ්පාදන සතු වේ. ඒ හරහා තරුණ පිරිස් හ‌ට එකිනෙකාට ඩිජිටල් අවකාශය ඔස්සේ පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව උදා වේ. එනිසාම මේ වනවිටත් තරුණ පාරිභෝගිකයින් අතර realme නිෂ්පාදන කෙරෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. 2020 තුන්වැනි කාර්තුවේ ස්මාර්ට් දුරකථන නැව්ගත කිරීමේ Counterpoint’s හි දත්ත වලට අනුව realme ලොව හත්වැනි විශාලතම ස්මාර්ට් දුරකථන සන්නාමයයි.  2019 වර්ෂයේදී realme හි ගෝලීය ස්මාර්ට් දුරකථන නැව්ගත කිරීම් අගය මිලියන 25ක් ලෙස වාර්තා වූ අතර,  එය  808%, වසරින් වසර වර්ධනයකි. මිලියන 70 කට අධික ගෝලීය පරිශීලක පදනමක් ඇති realme, චීනය, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, අප්‍රිකාව ඇතුළු ලොව පුරා වෙළඳපොළවල් 61ක දැනටමත් සිය මෙහෙයුම් අරඹා ඇත. 

Share

You may also like...