රෝයල් ෆර්න්වුඩ්, පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් හදුන්වා දෙයි

පෝසිලේන් පිඟන් භාණ්ඩ කර්මාන්තයේ ගෝලීය කීර්තියක් අත්කර ගන්නා උසස් තත්ත්වයේ අලංකාර පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයෙකු වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් සමාගම හුරුබුහුටි පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් (Steam Inhaler) මෙරට වෙළදපොලට හදුන්වාදී තිබේ.මෙය ඔවුන්ගේ මව් සමාගමක් වන දංකොටුව පෝසිලේන් සමාගම විසින් මීට පෙරදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතාගේ සැලසුම් සහ මග පෙන්වීම යටතේ නිපදවනු ලැබූ දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයේ (Customized Steam Inhaler)  වැඩිදියුණු කරන ලද අනුවාදයක් ලෙස සැලකේ.

රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය (Steam Inhaler) භාවිතා කිරීමට ඉතා පහසු වන අතර කෝවිඩ් -19 ඇතුළුව විවධ වූ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග තත්වයන් වැළැක්වීම සඳහා නිවෙස්දීම භාවිතා කළ හැකි වන පරිදි නිපදව තිබේ.  මෙම නිෂ්පාදනය දැනට ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනය (IDH) තුළ ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන් උදෙසාද භාවිත කරනු ලබයි.

නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදනය පාරිබෝගිකයන් හට පහසුවෙන් මිලදී ගත හැකි වන පරිදි ගිල්ඞ්ෆර්ඞ් ක්‍රෙසන්ට්,  වන් ගෝල්ෆෙස් මෝල්, යුනියන් පෙදෙස,  මීගමුව, කිරුළපන සහ දංකොටුව යන ස්ථාන වල පිහිටි දංකොටුව පෝසිලේන් ප්‍රදර්ශනාගාර වලට එක් කර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

Share

You may also like...