Fabindia සිය දෙවන ප්‍රදර්ශනාගාරය One Galle Face Mall හි දී විවෘත කරයි

දේශීය අත්කම් ශිල්පීන් බලගැන්වීම, පාරම්පරික හැකියාවන් සුරැකීම සහ තිරසාර ජීවන රටාව සඳහා ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන Fabindia ශ්‍රී ලාංකාව තුළ සාර්ථක ව්‍යාපාරික ගමන්මග සනිටුහන් කරමින්, One Galle Face Mall හි දී සිය දෙවන ශාඛාව විවෘත කරයි. ස්වදේශී කර්මාන්තායතනයේ සහයෝගීත්වයෙන් සිදුකරන මෙම ව්‍යාපාරික ව්‍යාපෘතිය මගින් Fabindia හි උසස් ප්‍රමිතිය සහ යහපත් ජීවන රටාව අගය කරමින් ඉන්දීය දේශීය අත්කම් නිෂ්පාදන අගයන පාරිභෝගිකයින් වෙත උසස් නිපැයුම් හා නවීන විලාසිතා සමීප කිරීමට ඇති කැපවීම තහවුරු කරයි.

2025 අගෝස්තු මාසයේ දී Havelock City Mall හි දී සිය සංකල්පීය ප්‍රදර්ශනාගාරය විවෘත කළ දින සිට සංස්කෘතිය, උසස් ප්‍රමිතිය සහ යහපත් ජීවන රටාව අගය කරමින් දේශීය අත්කම් නිෂ්පාදන අගයන පාරිභෝගිකයින් සමඟ පවතින සබඳතාව ශක්තිමත් කර ගැනීමට Fabindia සමත් වී ඇත. මෙලෙස වසරකට පසු සිය දෙවන ශාඛාව විවෘත කිරීම ස්වදේශි ගමන්මගෙහි වැදගත් පියවරක් වේ.

One Galle Face Mall හි දී පැවැති මෙම සමාරම්භක උත්සවය, ඉන්දියානු පාරම්පරික උරුමය සහ නූතන ජීවන රටාව සංකලනය වූ සුවිශේෂී සැමරුම් අවස්ථාවකි. කොළඹ ප්‍රධාන වෙළඳ සංකීර්ණයක පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, පාරම්පරික උරුමය නූතන විලාසිතා ශෛලීන් සමඟ සංකලනය කරමින් පාරිභෝගිකයින් වෙත වෙනස්ම ආකාරයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දෙයි.

Fabindia නව ප්‍රදර්ශනාගාරය වෙතින් කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන් නිර්මාණය කරන ලද සාම්ප්‍රදායික සහ නවීන බටහිර විලාසිතා රැසක් ඉදිරිපත් කරයි. තවද අලංකාර ආභරණ, බෑග්, ගෘහ අලංකරණ භාණ්ඩ, ජීවන රටා නිපැයුම් සහ විශේෂ ත්‍යාග භාණ්ඩ ද මෙහි දී ලබා ගත හැකි වේ. පාරම්පරික ශිල්පීය හැකියාවන් අගය කරමින් වර්තමාන පාරිභෝගික රුචිකත්වයට සහ ජීවන රටාවට ගැලපෙන සේ නිර්මාණය කිරීමේ Fabindia හි සුවිශේෂී සංකල්පය මෙම සෑම නිෂ්පාදනයකින්ම තහවුරු කරයි.

සාම්ප්‍රදායික ඉන්දියානු රෙදිපිළි, තිරසාර අමුද්‍රව්‍ය සහ පාරම්පරික ශිල්පීය ක්‍රමවේදයන් එකතු කරමින් පරම්පරා ගණනාවක් අතර ජනප්‍රිය වන නවීන ජීවන රටා නිෂ්පාදන නිර්මාණය කිරීමට ඇති හැකියාව Fabindia හි සුවිශේෂී භාවිතයයි. අලංකාර ලෙස වියන ලද රෙදිපිළි, ආකර්ෂණීය විලාසිතා නිමාවන්ගේ සිට අත්කම් ගෘහ අලංකරණ භාණ්ඩ දක්වා සියලුම නිෂ්පාදන මගින් පාරම්පරික උරුමය, විශ්වාසනීය බව සහ වගකීම්සහගත පාරිභෝගික භාවිතය සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගැනීමට Fabindia විසින් පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙයි.

මෙම දෙවන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම මගින් Fabindia සහ ස්වදේශී කර්මාන්තායතනය අතර පවතින සාර්ථක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වන අතර, පාරම්පරික උරුමය, උසස් ප්‍රමිතිය, තිරසාර බව සහ වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් කෙරෙහි සමාන දැක්මක් සහ අගයක් ඇති ආයතන දෙකක් මෙලෙස එක්වීම සුවිශේෂී වේ.

මෙම ව්‍යාපාරික පියවර පිළිබඳව අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මැතිනිය, විසින් මෙම නව ව්‍යාපාරික අවස්ථාවේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර Fabindia හි සුවිශේෂී ජීවන රටා පිරිනැමීම් සඳහා ඇති නව ප්‍රදර්ශනාගාරයේ වැදගත්කම පෙන්වා දෙන ලදි.

ජාත්‍යන්තර මට්ටමෙන් සාප්පු සවාරි අත්දැකීමක් හඳුන්වා දෙන අතරම, ශිල්පීය නිපැයුම් අගය කරන, පාරම්පරික කුසලතා ආරක්ෂා කරන සහ වගකීම්සහගත පාරිභෝගික තේරීම් උනන්දු කරවන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ පොදු දැක්ම මේ මගින් තහවුරු වේ.

ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ ප්‍රමිතිය, උසස් ගුණාත්මකභාවය සහ අත්කම් නිර්මාණවල සෞන්දර්යය අගය කරන පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනාගනිමින් සුවිශේෂී ජීවන රටා සන්නාමයක් ලෙස ස්ථාපිත වීමට Fabindia සමත් වී ඇත. 

1960 දී ආරම්භ කරන ලද Fabindia තිරසාර විලාසිතා සඳහා ඉන්දියාවේ තිබෙන විශාලතම පෞද්ගලික ජාලය වේ. මේ ඔස්සේ ග්‍රාමීය ශිල්පීන් 55,000කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සම්බන්ධ කරයි.  ස්වභාවික කපු සහ සේදවලින් නිම වූ ඇගලුම් නිෂ්පාදනවල සිට ගෘහ අලංකරණය සහ ජීවන රටාවට අදාළ භාණ්ඩ දක්වා වූ විවිධ නිෂ්පාදන පෙළක් Fabindia සන්නාමය මගින් පිරිනමනු ලබයි. පාරම්පරික අත්කම් ශිල්පය, තිරසාර අමුද්‍රව්‍ය භාවිතය, ස්වාභාවික නිපැයුම් සහ ඉන්දීය පාරම්පරික උරුමයේ අභිමානය පිළිබඳ Fabindia ජාත්‍යන්තර වශයෙන් වඩාත් ප්‍රචලිත වී තිබේ.

One Galle Face Mall හි දී මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම Fabindia හි ශ්‍රී ලාංකේය ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන අතර, උසස් තත්ත්වයේ ස්වාභාවික අත්කම් විලාසිතා සහ ජීවන රටා නිෂ්පාදන දේශීය පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් සමීප කිරීමට ඇති කැපවීම තහවුරු කරයි.

Havelock City Mall සහ One Galle Face Mall හි පිහිටි ප්‍රදර්ශනාගාර දෙකත් සමඟින්, Fabindia කොළඹ නගරය තුළ සිය ව්‍යාපාරික ගමන ශක්තිමත් කරමින්, පාරම්පරික ශිල්පීය නිර්මාණවල සෞන්දර්යය විඳගැනීමටත්, සංස්කෘතික උරුමයන් ඇගයීමටත්, විශ්වාසනීය බව, අලංකාරය සහ වගකීම්සහගත පැවැත්මෙන් යුතු ජීවන රටාවකට එක්වන ලෙසත් Fabindia ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ආරාධනා කරයි.

Photo Caption

මෙම අවස්ථාව සඳහා ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, නියෝජ්‍ය සභාපතිනි/කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මැතිණිය, අධ්‍යක්ෂ ප්‍රවීර් සමරසිංහ මහතා, අධ්‍යක්ෂ තුසන්ත විජේමාන්න මහතා, අධ්‍යක්ෂ කවින්ද ඩයස් අබේසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා, One Galle Face Mall හි සාමාන්‍යාධිකාරී සචින් ධනවාදේ මහතා සහ ශ්‍රී ලංකා ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදයේ  සභාපති කිෂෝර් රෙඩ්ඩි මහතා ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Share

You may also like...