ලියාපදිංචි නොකළ Online Loan Apps ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

ලියාපදිංචි නොකළ Online Loan Apps මගින් සුළු ණයක් ලබාගෙන පෞද්ගලික දත්තවලට සහ පෞද්ගලිකත්වයට හානි කරගනිමින් Blackmail වීමට ලක් නොවී, App එකක් Install කිරීමට පෙර ඉල්ලා සිටින Permissions පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දී සිටී.

මේ අතර ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකය රහසිගතව තබා ගන්නා ලෙසද ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටී.

බැංකු ආයතන විසින් කිසිදු විටෙක දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් මගින් ඔබගේ OTP (One Time Password) අංක ඉල්ලා නොසිටියි. ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකය යනු ඔබගේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කරන රහස්‍ය අංකයකි. එය තුන්වන පාර්ශවයකට ලබා දීම යනු ඔබගේ ගිණුමේ ඇති මුදල් අහිමි වීමට මග පාදන “බිලී කොක්කක්” වැනිය.

කවුරුන් හෝ ඔබව බිය ගන්වමින් හෝ පොළඹවමින් OTP ඉල්ලා සිටියද, කිසිදු විටෙක එය ලබා නොදෙන්න. ඔබගේ ගිණුමේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ඔබ සතු බැවින්, සැමවිටම විමසිලිමත් වන්න.

ඔබගේ OTP අංකය රහසිගතව තබා ගන්න – ඔබගේ මුදල් සුරක්ෂිත කර ගන්න.

උපුටා ගැනීම : අද දෙරණ

Share

You may also like...