Groundworth හෝකන්දර දී “The Estate” එළිදක්වයි
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන හෝකන්දර විද්‍යාල මංසන්ධියේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි “The Estate” පසුගියදා දියත් කරනු ලැබීය. සුවිශේෂී ඉඩම් සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන “The Estate”, පවුල්, ආයෝජකයින් සහ වෘත්තිකයින් සඳහා නිර්මාණය කර ඇති අතර ඔවුන්ට අසමසම පහසුවක්, නවීන ජීවන රටාවක් සහ දිගුකාලීන වටිනාකමක් ලබා දෙයි.
මෙම දියත් කිරීම Groundworth, මෑතකදී PropertyGuru Asia Property Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරවයට පාත්‍ර වීම ද සනිටුහන් කරන අතර එමඟින් ඉහළ වර්ධනයක් සහිත උපායමාර්ගික ආයෝජනයන් හඳුන්වාදීමේ සමාගමේ කලාපීය නායකත්වය පෙන්වා දෙයි.
“The Estate” පර්චස් 6 සහ ඊට වැඩි බිම් කොටස්වලින් සමන්විත වන අතර, අභ්‍යන්තර මාර්ග, විදුලිය, නල ජලය, සහ සම්පූර්ණයෙන්ම අනුමත නිරවුල් ඔප්පු වලින් යුක්තය. මෙම සංකීර්ණයට අලංකාර ලෙස නිර්මාණය කරන ලද සුඛෝපභෝගී නිවාස පහක් ද ඇතුළත් වේ. රුපියල් මිලියන 11.5 සිට ආරම්භ වන ඉඩම් මිල ගණන් සහ වසර දෙකක් තුළ 37.5%ක ආයෝජන ප්‍රතිලාභයක් සහිතව, මෙම ව්‍යාපෘතිය හෝකන්දර පිහිටි ශක්තිමත්ම ආයෝජන අවස්ථා වලින් එකක් ලෙස කැපී පෙනේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth හි සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “අප සැමවිටම විශ්වාස කරනවා ඉඩමක් යන්න භෞතික වත්කමක් පමණක් නොවන බව, එය ඉන් ඔබ්බට ගිය, සියල්ලන්ටම සෞභාග්‍ය උදාකරන පදනමක් බව. අප විසින් සිදු කරන සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කර ඇත්තේ දිගුකාලීන වටිනාකමක් ලබා දෙමින් ප්‍රජාවන්ට දියුණුවිය හැකි ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්. මෙම දියත් කිරීම සහ අප PropertyGuru Asia Property Awards 2025 හිදී ලබාගත් ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව මිනුම් සළකුණු ඇති කිරීමේ අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරනවා.”
“The Estate”, තලවතුගොඩ, බත්තරමුල්ල, මහරගම, විදුර විද්‍යාලය, හේමාස් රෝහල සහ ප්‍රධාන අධිවේගී මාර්ග අන්තර් හුවමාරු වෙත බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දෙයි.

Recent Comments