Bybit, ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර පිරිනමන බව නිවේදනය කරයි
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දෙමින්, සමස්ත අග්නිදිග ආසියාව පුරා ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා හදිසි මානුෂීය ආධාරයක් පරිත්‍යාග කරන බව අද දින නිවේදනය කළේය.
පසුගිය සතිය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ සුළි සුළං හේතුවෙන් ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව පුරා ව්‍යසනකාරී ගංවතුර තත්ත්වයක් ඇති විය. මෙම ව්‍යසනය හේතුවෙන් කලාපය පුරා ජීවිත 420කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවේ පමණක් ජීවිත 123ක් අහිමි වී තිබේ. තවද දස දහස් ගණන් ජනතාව අවතැන් වී ඇති අතර, අත්‍යාවශ්‍ය යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදු වී ඇත.
මෙම ආපදා තත්ත්වයට සහය වීම සඳහා, Bybit විසින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සමඟ සම්බන්ධ වී ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට කටයුතු කරයි. මෙම අරමුදල්, සහන සැපයීමේ මෙහෙයුම්, හදිසි නවාතැන් සහ පීඩාවට පත් පවුල් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා යොදවනු ඇත. මෙම සහයෝගීතාවය මඟින් රටට මේ මොහොතේ අවශ්‍ය සහාය මෙන්ම සැබවින්ම උපකාර අවශ්‍ය පුද්ගලයින්ට ද එම සහාය ලැබෙන බව සහතික කෙරේ.
Bybit හි Mini-Global කලාපීය කළමනාකරු Nazar Tymoshchuk මහතා සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. “සුළි කුණාටුවෙන් පසු පීඩා විඳින ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ජනතාව පිළිබඳ අපේ සිත්තුළ ඇත්තේ සැබෑම අනුකම්පාවක්. මෙම දුෂ්කර අවස්ථාවේ දී අපි ශ්‍රී ලංකා මහ බැංකුව වැනි විශ්වාසදායක දේශීය හවුල්කරුවන් සමඟ එක්ව ජනතාවට අවශ්‍ය සහන සහ ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය වීමට කැපවී සිටිනවා.”
ශ්‍රී ලංකාවේ පමණක් පුද්ගලයින් 44,000කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර, ප්‍රදේශ රැසක සිදුවූ නායයෑම් විශාල සංඛ්‍යාවක්, ප්‍රවාහන මාර්ගවලට හානි වීම් සහ පොදු සේවා අත්හිටුවීම් සිදුවී ඇත. අඛණ්ඩ වර්ෂාපතන අනාවැකි මධ්‍යයේ බලධාරීන් විසින් සිරවී සිටින පුද්ගලයින් වෙත ළඟා වීමට, විදුලිය හා සන්නිවේදනය යථා තත්ත්වයට පත් කිරීමට සහ තවදුරටත් සිදුවන හානි වළක්වා ගැනීමට කටයුතු කරන බැවින් ගලවා ගැනීමේ උත්සාහයන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
Bybit හි මෙම පරිත්‍යාග, ආහාර, පිරිසිදු පානීය ජලය, වෛද්‍ය ආධාර, තාවකාලික නිවාස සහ පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනු ඇත. මෙවැනි අර්ථවත් ක්‍රියාමාර්ග සහ සහයෝගීතාවය තුළින් අර්බුදකාරී අවස්ථාවන්හි දී ගෝලීය වශයෙන් ප්‍රජාවන්ට සහය වීමට ඇති සිය දිගුකාලීන කැපවීම සමාගම මෙලෙස යළි තහවුරු කරයි.

Recent Comments