සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 උත්කර්ෂවත් ලෙසින් මෙම වසරේ දී

මෝටර් රථ  ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි  ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන මෙහි ප්‍රධාන  අනුග්‍රාහකයා ලෙස LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී කටයුතු කරයි.  බොහෝ දෙනෙකුගේ ඉහළ අවධානයක්  දිනාගත් මෙය නැවතත් ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ප්‍රබල මෝටර් රථ ප්‍රදර්ශනය බවට පත් වනු ඇත.

කර්මාන්ත ප්‍රමුඛයින් සහ   වාහන ගෙන්වා බෙදා හරින සමාගම්  සමඟින් එක්ව මෙම මෝටර් රථ ප්‍රදර්ශනය නැවත සිදු කරන්නේ වසර 6ක විරාමයකට පසුවයි. දින 3ක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සඳහා 30,000කට අධික නරඹන්නන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙහි ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වන ලද විශාලතම වාහන ප්‍රදර්ශනය ඇතුළත් වේ.  ඔවුන්ගේ බලයලත් වෙළෙඳ හිමිකරුවන් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාම 30කට වැඩි ගණනක මෝටර් රථ, SUV රථ, යතුරුපැදි, ට්‍රක් රථ සහ මෝටර් රථ උපාංග මීට ඇතුළත් වේ.

මීළඟ පරම්පරාවේ ගමනාගමනය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ප්‍රදර්ශනය තුළින් වඩා කැපී පෙනෙයි. එයට විද්‍යුත් වාහන, දෙමුහුන් වාහන, උසස් සැලසුම් නවෝත්පාදනයන් සහ නවීනතම වාහන තාක්ෂණය පිළිබඳ ප්‍රථම අත්දැකීම් ලබා දෙන අන්තර්ක්‍රියාකාරී නිරූපණයන් ඇතුළත් වේ. CMTA හි සාමාජික සමාගම් විශේෂ නව වාහන දියත් කිරීම් සහ මාදිලි  ප්‍රදර්ශනය කරනු ඇති අතර, නවතම වාහන කිහිපයක් ද  මෙරට වෙළඳපොළ වෙත ප්‍රථම වරට හඳුන්වා දෙනු ඇත..

උත්සවයට වැඩි ආකර්ෂණයක් එක් කරමින්, CCCC විසින් පැරණි සහ සම්භාව්‍ය මෝටර් රථ 150කට වැඩි  ප්‍රමාණයක් ද ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, එය ශ්‍රී ලංකාවේ මෙතෙක් ප්‍රදර්ශනය කරන ලද විශාලතම වාහන එකතුව වේ. හිමිකරුවන් සහ ප්‍රතිසංස්කරණ විශේෂඥයන් සමඟ අන්තර්ක්‍රියා කිරීමට සහ මෙම සුවිශේෂී වාහනවල ඉතිහාසය සහ ශිල්පීය කුසලතාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙය නරඹන්නන් හට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි.

සිලෝන් මෝටර් ප්‍රදර්ශනය 2025 නිල ගුවන්විදුලි සහ රූපවාහිනී සහකරු ලෙස කැපිටල් මහරාජා සමුහය, නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස  විජය පුවත්පත් සමාගම, සහ නිල එළිමහන් ඩිජිටල් සංඥා සහකරු ලෙස Emerging Media සිය දායකත්වය ලබා දෙනු ලැබේ.

නවෝත්පාදනය උරුමය සමඟ මුසු කරමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ සමෘද්ධිමත් බව වෙනුවෙන් ශක්තිය සපයන නවෝත්පාදනය, උරුමය හා උද්‍යෝගය සමරන සන්ධිස්ථානීය අවස්ථාවක් සැමරීමට සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 සූදානම් වේ.

Share

You may also like...