දිගුකල් පැවැත්ම ,තිරසාරභාවය සහ පහසු ප්‍රවේශයක් සහිත ඇලුමිනියම් විසඳුම් සමඟින් Alumex PLC පාරිභෝගිකයා වෙත ප්‍රතිලාභ රැසක් පිරිනමයි

බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවිත කාලය පුරාම තම පවුල වෙනුවෙන් නිවසක් තැනීමට  සිහින දකින  අතර  සුවපහසු නිවසක් යනු පවුලේ රැකවරණය කෙරෙහි වැදගත් වන  මූලිකම සාධකයකී. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ මෙරට පවුල්වලට අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇත.මෙම අභියෝගයන් මැනවින් අවබෝධ කරගනිමින් Alumex PLC විසින් ආර්ථික වශයෙන් පාරිභෝගික ජනතාවට පහසු මිල පරාසයකින් සිය ඇලුමිනියම් නිෂ්පාදන පෙළ හඳුන්වා දී ඇති අතර එය පාරිභෝගික ජනතාවගේ නිවාස සිහිනය යතාර්ථයක් බවට පත් කර ගැනීම කෙරෙහි ඉවහල් වන තීරණාත්මක පියවරකී. ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමය ලෙස සිය ස්ථාවරත්වය සනාථ කළ Alumex PLC දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ ඇලුමිනියම් නිෂ්පාදකයා බවට පත්වීමේ අනාගත දැක්ම යටතේ සිය කටයුතු මෙහෙයවන අතර සිය නිෂ්පාදන විසඳුම් ඔස්සේ මෙරට පවුල් වෙත තිරසාර මෙන්ම උසස් තත්ත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීම සහතික කරයි.

ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ වසර 38කට අධික නිෂ්පාදන ප්‍රවීණත්වයක් Alumex PLC සතු වේ.දිගු කාලීන පිරිවැය ඵලදායිතාවයක් මෙම  නිෂ්පාදන මඟින්  පිරිනමන අතර එය විකල්ප නිෂ්පාදනවලට සාපේක්ෂව පාරිභෝගිකයන් වෙත සැලකිය යුතු ඉතිරියක් ලබාදෙයි. එසේම මෙම නිෂ්පාදනවල පවතින දිගු කල්පැවැත්ම හා අවම නඩත්තුව හේතුවෙන් පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා විශ්වසනීත්වයෙන් යුතුව පරම්පරා ගණනාවක්  භාවිත කළ හැකිය. Alumex ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට පත්වීම කෙරෙහි මෙම දිගුකල් පවත්නා වටිනාකම් ප්‍රධාන ශක්තිය වී තිබේ.

එපමණක් නොව, දැව ආශ්‍රිත නිෂ්පාදනය භාවිතා කිරීමේදී සිදුවන අපහසුතාවන් මඟහරිමින් Alumex PLC විසින් සෞඛ්‍යසම්පන්න මෙන්ම  වඩාත් සුවදායී  පරිසරයක් නිර්මාණය කිරීමට දායකයත්වය සපයනු ලැබේ. එසේම මෙම උසස් තත්ත්වයේ පරිසර හිතකාමී Alumex  නිෂ්පාදන මිලදී ගන්නා පරිභෝගිකයන් වක්‍රාකාරයෙන් පරිසරය සුරැකීමට ද සිය දායකත්වය සපයන අතර විකල්ප නිෂ්පාදනවලට සාපේක්ෂව අවම නඩත්තුව සමඟින් ප්‍රායෝගික ප්‍රතිලාභ රැසක් මේ තුළින් පාරිභෝගිකයන් වෙත අත්පත් කර දෙයි.

මනා ගුණාත්මකභාවයක් නිෂ්පාදන තුළ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් Alumex PLC නිරන්තරයෙන් අවධානය යොමු කරන අතර ඒ වෙනුවෙන් හිමි වී ඇති සහතිකය ඔස්සේ ඒ බව තහවුරු වේ.තත්ත්ව කළමනාකරණය සඳහා ISO 9001, පාරිසරික කළමනාකරණය සඳහා ISO 14001 සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ISO 45001 ඇතුළු ගෝලීය වශයෙන් පිළිගත් සහතික රැසක් Alumex PLC සිය නිෂ්පාදන සඳහා දිනාගෙන ඇති අතර මෙමඟින් සෑම Alumex මිලදී ගැනීමක් සඳහාම ගෝලීය මට්ටමේ ප්‍රමිතිය හා විශ්වාසනීයත්වය සහතික කරයි.

පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) පිළිබඳ Alumex PLC හි කැපවීම මෙම වැඩිදියුණු කළ වටිනාකම් ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වේ.නිෂ්පාදනවල ප්‍රවේශවීමේ හැකියාව තිරසාරභාවය සමඟ එකාබද්ධ කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට ආර්ථික වශයෙන් වඩාත් ප්‍රායෝගික නිෂ්පාදන පිරිනැමීම පමණක් නොව අනාගත පරම්පරාවන් සඳහා ආරක්ෂිත මෙන්ම හරිත නිවාස ඉදිකිරීමේ හැකියාව ද  ලබාදෙයි.

 Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මේ පිළිබඳ  අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “නිවසක් ඉදිකිරීම පුද්ගලයෙකුගේ ජීවිතයේ වඩාත් අර්ථවත් ආයෝජනයක් සහ අවශ්‍යතාවයක් බව Alumex PLC අපි හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා.එබැවින් පාරිභෝගිකයාට දැරිය හැකි පහසු මිලකට දිගුකල් පැවැත්මක් සහිත තිරසාර සහ විශ්වාසනීය නිෂ්පාදන විසඳුම් ලබා දීමට අපගේ මෙහෙවර ඔස්සේ අපි උත්සහ කරනවා. එය ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමේ ගමනට අත්වැලක් වනු ඇතැයි අපි විශ්වාස කරන අතර අපගේ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගනිමින් පාරිභෝගික ජනතාවගේ විශ්වාසය රැකීමට ද අපි අපේක්ෂා කරනවා.”

මෑතකදී Alumex PLC වෙත හිමි වූ  Aluminium Stewardship Initiative (ASI) කාර්ය සාධන ප්‍රමිති සහතිකය ඔස්සේ  සන්නාමයේ තිරසාරභාවය තවදුරටත් සවිමත් විය. ඇලුමිනියම් කර්මාන්තයේ විශිෂ්ටතම සහ සදාචාරාත්මක ESG පිළිවෙත් ජය ගත් ලොව පුරා නිෂ්පාදක කණ්ඩායම අතරට මේ හරහා Alumex PLC ද එකතු විය.මෙම සහතිකයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම ඇලුමිනියම් නිෂ්පාදකයා Alumex PLC වීම ද සුවිශේෂී කරුණක් වන අතර  මේ හරහා  ASI වරලත් සාමාජිකත්වය ලබා ගත් ශ්‍රී ලංකාවේ  පළමු නිස්සාරණ ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය ලෙස Alumex PLC නාමය සනිටුහන් වේ. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තුළ නව අපනයන නිෂ්පාදන කාණ්ඩයක් ස්ථාපනය කිරීමටද Alumex PLC පුරෝගාමි මෙහෙවරක් ඉටු කර තිබේ. ඒ අනුව සමාගම විසින් සිය අනාගත දැක්ම සහ උපායමාර්ගික මෙහෙයුම්  ඔස්සේ කැනඩාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව යන ජාත්‍යන්තර වෙළෙඳපල වෙත සැලකිය යුතු පරිමාණයකින් සිය නිෂ්පාදන අපනයනය කරනු ලැබේ.

නිෂ්පාදන සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, නිවාස ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදීම මෙන්ම  ප්‍රායෝගික ප්‍රතිලාභ සහ තිරසාර වටිනාකම් ඒකාබද්ධ  කරන ලද නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත පිරිනැමීම ඔස්සේ Alumex PLC විසින් ආරක්ෂිත ,හරිත ජීවන අවකාශයන් ස්ථාපනය කිරීමේ සහ රටේ සංවර්ධනය කෙරෙහි අර්ථවත් දායකයත්වයක් සැපයීමේ සිය මෙහෙවර අඛණ්ඩව දියත් කරනු ලබයි.

Share

You may also like...