ජනශක්ති ෆිනෑන්ස්, නව සන්නාමය යටතේ 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 60ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි

පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, මෑතකදී සිදු කරන ලද උපායමාර්ගික සන්නාමකරණයෙන් පසු 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 60ක බදු අඩු කළ පසු ශුද්ධ ලාභයක් (NPAT) වාර්තා කිරීමට සමත්ව ඇත.
මෙම කාර්තුව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 672ක් ලෙස වාර්තා වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 35%ක වර්ධනයකි. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 16.61ක්ව පැවති සමාගමේ ණය සහ අත්තිකාරම් පදනම මේ වසරේ රුපියල් බිලියන 23.81ක් දක්වා වර්ධනය වීමෙන් ලද ඉහළ පොලී ආදායම මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල සඳහා හේතු වී ඇත.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සඳහන් කළ පරිදි, මෙම කාර්යසාධනය, සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ නව අවධානයක් යොමු කිරීම තුළින් ලද ප්‍රතිඵලයකි. “අපගේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල වලින් පෙනී යන්නේ, අපි නිවැරදි මාර්ගයේ ගමන් කරන බවයි. අප ලඟා කර ගෙන ඇති වර්ධනය, අපගේ සමාගමේ ගනුදෙනුකරුවන් සමඟ සෘජුව වැඩ කරන කාර්ය මණ්ඩලයේ සිට තිරය පිටුපස සිටින අය දක්වා සෑම කෙනෙකුම, එකම උපායමාර්ගයක් යටතේ එකට වැඩ කරන බවට සාක්ෂියකි. අපගේ නව සන්නාමය යටතේ, පැහැදිලි අනාගත සැලැස්මක් සමඟින් තවත් ගනුදෙනුකරුවන් දිනා ගැනීමට, ඔවුන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට සහ ස්ථාවර මූල්‍ය වර්ධනයක් ලබා ගැනීමට අපි කැප වී සිටිමු.” යනුවෙන් ඔහු පවසා සිටියේය.
ඔහු තව දුරටත් අදහස් දක්වමින්, “මෙම කාර්තුවේ කාර්යසාධනය හුදෙක් සංඛ්‍යා පමණක් නොවේ. ඒවා අපගේ පාර්ශ්වකරුවන් සමඟ අප සම්බන්ධ වන ආකාරයෙහි සැබෑ වෙනසක් පෙන්නුම් කරයි. අපගේ නව සන්නාම අනන්‍යතාවය පැහැදිලි වර්ධන උපායමාර්ගයක් සහ ගනුදෙනුකරුවන් කෙරෙහි ශක්තිමත් අවධානයක් යොමු කිරීම මත ගොඩනඟා ඇත. අපගේ උත්සාහයන් ස්ථාවර ප්‍රතිඵල ලබා දෙමින් වෙනස්වන මූල්‍ය සේවා කර්මාන්තයේ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස අපව ස්ථාපිත කරනු ඇතැයි අපි විශ්වාස කරමු. එපමණක් නොව, පෙර කාර්තුවට සාපේක්ෂව තැන්පතු 6%කින් වර්ධනය වී රුපියල් බිලියන 16.90ක් දක්වා ළඟා වීම ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසයට කදිම නිදසුනක් ය. මෙම ස්ථාවර වර්ධනය සමාගමේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය සහ සැමට වටිනාකමක් ලබා දීම සඳහා සමාගම තුළ වූ කැපවීම ඉස්මතු කරයි.” යනුවෙන් පැවසීය.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී එහි නව සන්නාමය යටතේ ද, ශක්තිමත් පාලනයක් සහ ඉදිරි දැක්මක් සහිත නායකත්වයක මෙහෙයවීම තුළින්, වැඩි පිරිසකට මූල්‍ය පහසුකම් ලබා දෙමින්, ඩිජිටල් ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ගනුදෙනුකරුවන් සඳහා නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
අවසන්
ජනශක්ති ෆිනෑන්ස් (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සමාගම පිළිබඳව :
ස්ථාවරත්වය, ශක්තිය, විශ්වසනීයත්වය සහ විශේෂඥතාව සමඟින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 44කට අධික කාලයක් පුරා සේවා ලබා දෙන ජනශක්ති ෆිනෑන්ස් සමාගම, ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා තැන්පතු, ඉතුරුම් ගිණුම්, ලීසිං, රන් ණය, විකල්ප මූල්‍ය විසඳුම්, ආයතනික මූල්‍යකරණය ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් හඳුන්වා දී ඇත. නිරන්තරයෙන් නව්‍යකරණයට ප්‍රමුඛත්වය ලබා දෙන ජනශක්ති ෆිනෑන්ස් සමාගම, ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා කේන්ද්‍ර කර ගත් මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස ජනාදරයට පාත්‍ර වී ඇත. කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන, LRA මගින් BB+ (Positive Outlook) ශ්‍රේණිගත කිරීම ලබා ඇති සමාගමකි.
Recent Comments