First Capitalසමාගම 2024 CMA සම්මාන උළෙලේ දී විශිෂ්ටත්ව සම්මාන දිනයි
මෙරට ආයෝජන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන First Capital සමාගම, 2024 දෙසැම්බර් 3 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වන ලද 10 වැනි වාර්ෂික ‘CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උළෙලේ දී ‘ආයෝජන බැංකු අංශයේ’ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. මෙරට ආයෝජන ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස First Capital සමාගමේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එම සමාගමේ මූල්‍ය විනිවිදභාවය සහ ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමුණු අතර, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්රදානෝත්සවයේදී ‘ඒකාබද්ධ වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය’ සඳහා පිරිනැමුණු කුසලතා සම්මානයද First Capital සමාගමට හිමිවිය.
කොළඹ කොටස් වෙළෙඳපොලේ සමාදර අනුග්‍රහයෙන් CMA Sri Lanka ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උළෙල මෙරට රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සහ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගතකළ සහ නොකළ ආයතනවල ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්ම වර්ධනය කිරීමේ සහ ඒවා අනුගමනය කිරීම සඳහා දිරිගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු ඇතුළත්ව, සාම්ප්‍රදායික මූල්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යන මෙම මූලධර්ම හරහා ආයතනික ක්‍රියාවලිය සුපැහැදිලිව වාර්තාකරණය, ආයතනික වගවීම සහ අධීක්ෂණය යන ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින්, ආයෝජකයින් ඇතුළු සියලු පාර්ශවකරුවන් වෙත ප්රතිලාභ ලැබෙන අයුරින් ආයතනික වර්ධනය ළඟා කර ගැනීමට මෙරට ආයතන වෙත සහයෝගය ලබාදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙම ජයග්‍රහණය හරහා First Capital සමාගමේ මූල්‍ය සාර්ථකත්වය මෙන්ම, සදාචාර සම්පන්න ව්‍යාපාරික පිළිවෙත්, පාරිසරික වගවීම, සමාජ වගකීම් සහ නිවැරදි පාලනය යන අංශ ප්රශස්ත කිරීම වෙනුවෙන් එම සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. එමෙන්ම තිරසාර සංවර්ධනය කෙරෙහි First Capital සමාගම දක්වන අවධානය, එම සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, අනුගමනය කරන උපාය මාර්ග සහ සිය අරමුණු මහජනතාව වෙත සම්ප්‍රේෂණය කරන ආකාරය තුළින් වඩා හොඳින් ගම්‍යමාන වන අතර, මූල්‍ය ප්රතිලාභ ලබාදීමට අමතරව සාමාජීය සහ පාරිසරික වර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක වීමට First Capital සමාගම නිරන්තරයෙන් කැපවෙයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් First Capital සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, “’CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උලෙළේදී ලැබූ මෙම ජයග්‍රහණය, අපගේ සියලුම පාර්ශවකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කරමින් ආයතනික වර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා අප දිරිමත් කිරීමට සමත් වූ බව පැවසිය යුතුමයි. මේ හරහා මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණයේ ගුණාත්මක භාවය ඉහළ නංවමින්, ආයතනික තිරසාරත්වය කරා ගමන් කිරීමටත්, විනිවිද පෙනෙන සහ වඩාත් පහසු අවදානම් තක්සේරු සහ කළමනාකරණ ක්‍රියාවලියක් ගොඩ නංවා ගැනීමටත් අපට ශක්තිය ලබා දෙනවා. අපට ලැබුණු මෙම ගෞරවණීය ඇගයීම හරහා, විනිවිදභාවයේ සහ විශිෂ්ටත්වයේ ඉහළම ප්රමිතීන් ආරක්ෂා කිරීමට අපගේ කණ්ඩායමෙහි තිරසාර කැපවීම පිළිබඳව සාක්ෂි සපයනවා.” යනුවෙනි.
මේ පිළිබඳව First Capital සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මංගල ජයශාන්ත මහතා අදහස් දක්වමින් පැවසුවේ, “මෙවර CMA Excellence in Integrated Reporting Awards සම්මාන උලෙළේදී ‘ආයෝජන බැංකු අංශයේ’ ජයග්‍රාහකයා බවට පත්වීමට හැකිවීම අපට ගෞරවයක්. First Capital සමාගමේ නිවැරදි උපාය මාර්ග, වර්ධනය සහ අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳ පුළුල් අවබෝධයක් අපගේ පාර්ශ්වකරුවන් වෙත ලබාදීම වෙනුවෙන් ඒකාබද්ධ වාර්තාකරණය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව පැවසිය යුතුමයි. අපගේ ඒකාබද්ධ වාර්තා මඟින් සමාගමේ මූල්‍ය වර්ධනය සහ සාර්ථකත්වයට බලපාන මූල්‍ය නොවන සාධක පිළිබඳ ව පාර්ශවකරුවන් වෙත ඉතා හොඳ අවබෝධයක් ලබා දීමට අපි අරමුණු කරනවා.” යනුවෙනි.
2024 CMA Excellence in Integrated Reporting Awards සම්මාන උළෙලේදී First Capital සමාගම ලැබූ ජයග්‍රහණ තුළින් මූල්‍ය වාර්තාකරණය සහ ව්‍යාපාරික භාවිතයන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් එම සමාගමේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි. ජාත්‍යන්තර වාර්තාකරණ ක්‍රමවේද ඔස්සේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඒකාබද්ධ කරමින්, ආයෝජන බැංකු ක්ෂේත්රය ආශ්‍රිතව විනිවිදභාවය, වගවීම සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය සඳහා First Capital සමාගම නව ප්රමිතීන් සකසා ඇති බව අවධාරණය කළ යුතුය.
First Capital සමාගම පිළිබඳව:
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, ප්‍රාථමික අලෙවිකරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, අරමුදල් කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වේ. ජනශක්ති සමූහයට අනුබද්ධිත එම සමාගම, ‘ප්‍රථමයෙන් කාර්යසාධනය’ යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමත් භාවයෙන් සපිරි සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැප වෙයි. කීර්තිමත් Brand Finance ආයතනය විසින් ආයෝජන බැංකු ක්ෂේත්රයේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව වසර 2ක් නම් කරනු ලැබූ First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහිදී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ට හිමි සම්මානය ඇතුළුව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් විය. ප්‍රාග්ධන වෙළෙඳපොල ආශ්‍රිතව විසඳුම් සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, LRA වෙතින් [SL] A ශ්‍රේණිගත කිරීම ලබා ඇත.
Recent Comments