AMW, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය මීගමුවේ දී විවෘත කරයි
Al-Futtaim සමූහයේ සාමාජිකයෙකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
බස්නාහිර පළාත තුළ තම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් විවෘත කළ නවතම AMW මීගමුව මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, පාරිභෝගික කේන්ද්‍රගත නවීන මෝටර් රථ සේවාවන් ලබාදීමට සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරයි. මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ, AMWහි කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා, වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස මීගමුව නගරයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ අතර, එම ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහා පහසුකම් සහිත, උසස් මට්ටමේ වාහන අත්දැකීම් ලබා දීම වෙනුවෙන් AMW සමාගම කටයුතු කරන බව ද අවධාරණය කළේය.
මෙම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය තුළ විවිධ වාහන මාදිලි රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර, පාරිභෝගිකයාට වාහන භාර දීමේ සියලු ක්‍රියාවලීන් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් මෙහි දී සපයනු ලබයි.
Nissan සන්නාමය යටතේ Magnite සහ Almera මාදිලි මෙහි ප්‍රදර්ශනය කර ඇත. Nissan Magnite හා Almera වාහන දැනට තිබෙන බැවින් දිගු කාලයක් බලා නොසිට, පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවටම කඩිනමින් වාහනය ලබා ගත හැකි වේ. Nissan හි අනෙකුත් නවතම මෝටර් රථ මාදිලි ද මෙහි දී ඉදිරියේ දී හඳුන්වා දෙනු ඇත.

Suzuki සන්නාමය වෙතින් ගෙනෙන Fronx සහ Jimny මෝටර් රථ ද මෙහි ප්‍රදර්ශනය කරන අතර, Jimny මාදිලිය ද දැනට තිබෙන බැවින් දැන්ම පාරිභෝගිකයාට අවශ්‍ය විට මිල දී ගත හැකි වේ. Suzuki වෙතින් ද සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී නව මෝටර් රථ මාදිලි හඳුන්වා දීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය.
තව ද, ඉමහත් ජනාදරයක් දිනා ගත් Celerio සහ Alto මාදිලි ද ඉදිරියේ දී මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට එක් කිරීමට නියමිතය.
පාරිභෝගිකයාට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා, මීගමුව ප්‍රදර්ශනාගාරයේ දී, AMW කැපිටල් ලීසින් සහ ෆයිනෑන්ස් ඔස්සේ මූල්‍ය සහ ලීසිං විසඳුම් ද ලබා දෙයි. මෙය ගනුදෙනුකරුවන්ට එකම වහලයක් යට දී වාහන නැරඹීමට, විශේෂඥ උපදෙස් ලබා ගැනීමට සහ මූල්‍ය සැලසුම් සම්පූර්ණ කිරීමට හැකියාව ලබා දී කාලය ඉතිරි කරයි.
මීගමුව ප්‍රදර්ශනාගාරය, AMW සමාගමේ රට පුරා ඇති ප්‍රදර්ශනාගාර ජාලයට අලුත්ම එකතු කිරීම වන අතර, දැනට පවතින Nissan යුනියන් පෙදෙස, Suzuki – බොරැල්ල, මාතර සහ කුරුණෑගල ප්‍රදර්ශනාගාර සමඟ එක්ව, දිවයින පුරා AMW සමාගමේ මෙහෙයුම් තවත් ශක්තිමත් කරයි. අනාගතයේ තවත් ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට සැලසුම් කර ඇති බැවින්, AMW වසර 75 වැඩි කාලයක් තුළ සනිටුහන් කර ඇති විශිෂ්ටත්වය, විශ්වසනීයත්වය සහ සේවා ප්‍රමිතීන් රැක ගනිමින්, දිවයින පුරා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි.
නවීන හා අංග සම්පූර්ණ සේවා පහසුකම් සමඟින් ප්‍රධාන නගරයක පිහිටි මීගමුව AMW මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, ශ්‍රී ලාංකිකයන්ගේ ගමනාගමන අවශ්‍යතා පහසු කිරීමට සහය වන්නේ, සමාගමේ මෙහෙවර ද අඛණ්ඩව ඉටු කරමිනි.

Recent Comments