“DIVA පවුලේ වාසනාව” වැඩසටහනේ TOYOTA WiGO ජයග්‍රාහකයා DIVA විසින් ප්‍රකාශයට පත් කරයි

වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වන දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වන දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. සමස්ත වැඩසටහනේම සුපිරි ත්‍යාගය වූ නවතම TOYOTA WiGO මෝටර් රථය, පොළොන්නරුවේ පදිංචි යූ. බී. සමන් උදය කුමාර මහතාට පිරිනමන ලදී. මාස 3ක ප්‍රවර්ධන කාල සීමාව තුළ ත්‍යාග 1,100කට වැඩි ප්‍රමාණයක්  පිරිනමමින්, සිය පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලබා දුන් මෙම වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.

“Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන, Diva සන්නාමය කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ පාරිභෝගිකයන් දැක් වූ විශ්වාසය හා සහයෝගය වෙනුවෙන්, ඔවුනට උපහාරයක් වශයෙන් සංවිධානය කෙරිණි.  පවුල්වලට සහාය වීම හා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින්, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් දුරකථන, පවුලේ දින සංචාර පැකේජ, විදුලි ඉස්තිරික්ක සහ රීලෝඩ්  ඇතුළු වටිනා ත්‍යාග ‍රැසක් මේ ඔස්සේ පිරිනමනු ලැබිණි. මෙම ත්‍යාග පිරිනැමීම, පවුලටම වාහනයක් වූ TOYOTA WiGO සුපිරි ත්‍යාගය ලබා දීමෙන්  අවසන් විය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා,  “Diva හි වසර 20ක ගමන්මග, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය මගින් මෙහෙයවනු ලබනවා. Diva පවුලේ වාසනාව වැඩසටහන, මෙම ගමන පුරා අපට සහයෝගය දැක් වූ අපගේ පාරිභෝගිකයන්ට පුදන උපහාරයක්.  අප සමඟ එක් වෙමින්  TOYOTA WiGO මෝටර් රථ ත්‍යාගය දිනා ගත් පොළොන්නරුවේ සමන් උදයකුමාර මහතා ඇතුළු දහසකට අධික ජයග්‍රාහකයන්ට මගේ සුබ පැතුම් පිරිනමන අතර සහභාගී වූ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඉදිරියටත් Diva වෙතින් වඩාත් ආකර්ෂණීය නවෝත්පාදනයන් අපේක්ෂා කරන ලෙස අපි අපගේ පාරිභෝගිකයින්ට ආරාධනා කරනවා” යනුවෙන් අදහස් පළ කළේය.

TOYOTA Lanka (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා මෙම සහයෝගීත්වය අගයමින්, “වටිනාකම හා විශ්වාසය අඛණ්ඩව ලබා දෙන සන්නාම දෙකක් එක් කළ, දිවයින පුරා පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා Diva සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට සතුටක්.  අවසන් සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහකයා වන උදය කුමාර මහතාට මගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමන අතර, ඔහුගේ නව TOYOTA WiGO රථයෙන් ආරක්ෂිත මෙන්ම සතුටින් පිරි ගමනකට සුභ පතනවා” යනුවෙන් අදහස් දැක්වීය.

නවතම TOYOTA WiGO මෝටර් රථය දිනා ගත් ජයග්‍රාහකයා වූ යූ. බී. සමන් උදය කුමාර මහතා, “මේ අපූරු ත්‍යාගය ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම ඇත්තටම දිනයි කියලා හිතුවේ නැහැ. තරඟයට ඇතුල් වීමට මට ධෛර්යය දුන්නේ මගේ බිරිඳ. මම මගේ නමින් තරඟයට ඇතුළත් වූවත් එය ඇත්තටම ඇයගේ අදහසක්. මේ  අත්දැකීම මට තවමත් විශ්වාස කළ නොහැකියි. මේ විශිෂ්ට ත්‍යාගය වෙනුවෙන් මම Diva සන්නාමයට ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් ඔහු සිය කෘතඥතාවය හා සතුට පළ කළේය.

“Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වැනි වැඩසටහන් ඔස්සේ, නවෝත්පාදකයෙකු සහ විශ්වාසනීය ගෘහ සත්කාර සන්නාමයක් ලෙස Diva  සිය ස්ථාවරය අඛණ්ඩව තහවුරු කරයි. එමෙන්ම, සිය පාරිභෝගිකයන්ට හොඳම දේ ලබා දීමේ පොරොන්දුව අඛණ්ඩව ඉටු කිරීමට ද Diva  කටයුතු කරයි. 20 වසරකට  වැඩි ගුණාත්මකභාවය සහ රැකවරණය පිළිබඳ උරුමය සමඟින් Diva පෙරමුණ ගෙන සිටින අතර, එය හුදෙක් රෙදි සේදුම් සන්නාමයක් පමණක් නොව, තම පාරිභෝගිකයන් සැබවින්ම අවබෝධ කර ගන්නා සන්නාමයක් බව නැවත වරක් තහවුරු කර තිබේ.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Share

You may also like...