මුල් අවධියේ ප්‍රතිකාර මගින් විදුරුමස් රෝග  සුව කළ හැකිය. ඒ නිසා මුල ඉදලම බලා ගන්න

මුඛ සෞඛ්‍යය පිළිබඳව සිතීමේ දී, පුද්ගලයන් පළමුවෙන්ම පිරිසිදු, සුදු දත් ගැන සිතන අතර නිරෝගී විදුරුමස්වල වැදගත්කම නොසලකා හරිනු ලබයි. නවීන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ලබා ගත හැකි වුවත් විදුරුමස් ගැටලු තවමත් ශ්‍රී ලාංකිකයන් අතර බහුලව පවතියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, මුඛ සෞඛ්‍යය ගැටලුවල වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය අඩු වීමයි. නිරෝගී විදුරුමස්, දත් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට පමණක් නොව සමස්ත යහපැවැත්ම සඳහා ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

විදුරුමස් රෝග සහ හෘද රෝග, දියවැඩියාව වැනි රෝගාබාධ අතර සැලකිය යුතු සම්බන්ධතා ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. විදුරුමස් ආසාදන මගින් හානිකර බැක්ටීරියා රුධිර ප්‍රවාහයට ඇතුළු වීමට ඉඩ සලසන බැවින් එය සෞඛ්‍යය අවදානම් ඉහළ නංවයි. එසේ වුවත් නිරෝගී විදුරුමස්වලට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සහ හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමට හැකියාව පවතින බැවින් අඛණ්ඩව රැක බලා ගැනීම අත්‍යවශ්‍ය වේ.

දෛනික පුරුදු සැලකිය යුතු මට්ටමෙන් විදුරුමස් සෞඛ්‍යයට බලපෑම් කරයි. දුම්පානය වැනි පුරුදු නිසා  ව්දුරුමස්වලින් ලේ ගැලීම සහ  ව්දුරුමස් දැවිල්ල වැනි විදුරුමස් රෝගයේ ලක්ෂණ සැගවීමට හේතු වන බැවින් මෙමගින් නොදැනුවත්වම රෝගය වර්ධනය වීම සිදුවේ. ආතතිය ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර විදුරුමස් ආසාදන සමඟ සටන් කිරීම වඩාත් අපහසු කරයි. දුර්වල ආහාර පුරුදු මගින් දත්වල මැලියම් වැඩි කර අත්‍යවශ්‍ය පෝෂණය විදුරුමස් වෙත ලැබීම වළක්වයි. මෙම සියලු සාධක එකතු වී විදුරුමස් රෝගය වර්ධනය කිරීමට හේතු වන බැවින් ජීවන රටාව වෙනස් කිරීම වැදගත් වේ.

විදුරුමසින් ලේ ගලන්නේ නැතිවීම විදුරුමස් නිරෝගී යැයි සැලකීමට බහුලව පවතින මතයකි. නමුත්, සත්‍ය වන්නේ විදුරුමස් රෝගය තිබුණත්, විදුරුමස නොමැදී සිටීමෙන් ලේ ගැලීම වළක්වා ගත හැකි බවයි. නිසි ලෙස පිරිසිදු කිරීමක් නොමැති විට දත්වල මැලියම් තැන්පත් වීම සිදුවිය හැකි අතර, එය දැවිල්ලට හා වඩාත් බරපතල ගැටලුවලට තුඩු දෙයි. එබැවින්, දිගුකාලීන දන්ත සෞඛ්‍යය සඳහා විදුරුමස දිනපතා සහ හොඳින් පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

නිතිපතා දන්ත වෛද්‍ය හමුවීම් යනු විදුරුමස් ගැටලු වළක්වා ගැනීමට ඇති වඩාත් ඵලදායී ක්‍රමයකි. කිසිදු අපහසුතාවයක් හෝ දෘශ්‍ය රෝග ලක්ෂණයක් ඇතිවීමට පෙර රෝගයේ මුල් සලකුණු හඳුනා ගැනීමේ හැකියාව දන්ත වෛද්‍යවරුන් සතුය. මෙය ප්‍රතිකාර කිරීම සරල හා වඩාත් ලාභදායී වේ. තවද නිවැරදි දන්ත පිරිසිදු කිරීම් මෙන්ම දෛනික මුඛ සත්කාර පිළිබඳ උපදෙස් මගින් අවදානම අඩු කළ හැකිය. අවම වශයෙන් සෑම මාස හයකට වරක් දන්ත වෛද්‍යවරුන් හමුවීම නිර්දේශ කෙරෙන අතර, වැඩි අවදානමක් ඇති පුද්ගලයන්ට නිතර පරීක්ෂා කිරීම් අවශ්‍ය විය හැකිය. ප්‍රතිකාරවලට අමතරව, නිතිපතා හමුවීම් මගින් රෝගීන්ට විදුරුමස් සෞඛ්‍යයේ වැදගත්කම අවබෝධ කර ගැනීමටත්, ජීවිත කාලය පුරාම තම විදුරුමස් ආරක්ෂා කර ගැනීමටත් හැකි වේ.

විදුරුමස් රෝගය මුල් අවදියේ දී හඳුනා ගැනීමටත්, සුව කිරීමටත් හැකියාව ඇත. නියමිත වේලාවට කරන පරීක්ෂාවන් හරහා දන්ත වෛද්‍යවරුන්ට දැවිල්ල හෝ දත්වල මැලියම් හඳුනාගත හැකි අතර එමගින් බරපතල තත්ත්වයන්ට පෙර විදුරුමස් සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබේ. එහෙත්, අවධානය යොමු නොකිරීම මගින් තත්ත්වය පෙරියෝඩොන්ටිටිස් රෝගය (periodontitis) දක්වා වර්ධනය වන අතර විදුරුමස් හැකිලීම, දත් බුරුල් වීම, නොනවතින දුර්ගන්ධය සහ දත් අහිමි වීම සිදු වේ. විදුරුමස් රෝග හේතුවෙන් දියවැඩියාව සහ හෘද රෝග වැනි බරපතල රෝගාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බැවින් එහි බලපෑම මුඛ සෞඛ්‍යයට පමණක් සීමා නොවේ.

විදුරුමස් රෝගය පහසුවෙන් වළක්වා ගත හැකි සෞඛ්‍යය ගැටලුවක් වුවද, බොහෝ විට එය උග්‍ර අවධියකට ළඟා වන තෙක්ම ඒ පිළිබඳව නොදැනුවත්ව සිටියි. නිවැරදිව දත් මැදීම, යහපත් ජීවන රටා තෝරා ගැනීම, නිතිපතා දන්ත වෛද්‍ය හමුවීම්  සහ සෞඛ්‍යය බලපෑම් පිළිබඳ දැනුවත්භාවය තුළින් පුද්ගලයන්ට ඔවුන්ගේ විදුරුමස්, දත් සහ සමස්ත යහපැවැත්ම අනාගතය දක්වාම ආරක්ෂා කර ගත හැකිය.

END

Share

You may also like...