පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් මැදබැද්ද මහා විද්‍යාලය වෙත RO ඒකකයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S),  සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන  ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සිදු කරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය සඳහා පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා ජල පිරිපහදු ඒකකයක්  (Reverse Osmosis) පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

1935 දී පිහිටුවන ලද මෙම පාසල, ගුරුවරුන් 45 දෙනෙකුගේ සහාය ඇතිව සිසුන් 900කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය මඟින් පාසලට ඉතා අවශ්‍ය වූ, පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය විශ්වාසදායක ලෙස ලබා ගැනීමේ පහසුකම සලසා දෙන අතර, සිසුන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාවට සහ යහපැවැත්මට සෘජුවම සහාය වේ.

මෙම RO ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවයට පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා ප්‍රමුඛ සමාගම් නියෝජිතයින්, ප්‍රාදේශීය නිලධාරීන් සහ පාසල් සිසු සිසුවියන් රැසක් සහභාගී වූහ.

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා මේ අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “පෙරේරා ඇන්ඩ් සන්ස් හි අපි සිදු කරන සෑම දෙයකම හදවත වන්නේ ආයතනික සමාජ වගකීමයි. මනු මෙහෙවර වැඩසටහනට තුළින් මෙසේ RO ඒකකයක් පරිත්‍යාග කිරීම, මැදබැද්ද විද්‍යාලයේ  සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප සිදු කරන කර්තව්‍යයන් හා කැපවීම පිළිබිඹු කරනවා. පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශය සහතික කිරීමෙන් යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අපි විශාල පියවරක් තබනවා.”

මෙම මුලපිරීම ප්‍රජාවන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා සපුරාලීමට ඇති P&S හි කැපවීම සහ තිරසාර සංවර්ධනය අඛණ්ඩව පෝෂණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. පිරිසිදු ජලය සැපයීම තුළින්, මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ 6 වන තිරසාර සංවර්ධන ඉලක්කය (SDG)  වන පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සමඟ සමාගමේ අනුකූලතාවය පෙන්නුම් කරයි. සමාගමේ පුළුල් CSR ප්‍රයත්නයන් SDG 10 වන අසමානතාවය අඩු කිරීම සහ SDG 12 වන වගකිවයුතු පරිභෝජනය සහ නිෂ්පාදනය ආදී වූ තිරසාර ඉලක්කයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ද දායක වේ.

සාඩම්බර ශ්‍රී ලාංකික සමාගමක් වන P&S ආචාර ධර්ම සහ ආයතනික සමාජ වගකීම් හි මුලපිරීම් වෙත තිරසාරභාවය එක් කිරීමෙන්, ආදර්ශයෙන්ම ඉදිරියට ගමන් කරමින්, සමාජයේ යහපැවැත්මට මෙන්ම ආයතනික අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දෙන වගකිවයුතු සන්නාමයක් ලෙස එහි කීර්ති නාමය තහවුරු කරයි. පාර්ශ්වකරුවන්ගේ අඛණ්ඩ සහයෝගය, දේශීය සංවර්ධනය සවිබල ගන්වන සහ රට පුරා ප්‍රජාවන් සාරවත් කිරීමට උපකාරී වන ව්‍යාපෘති සඳහා අර්ථවත් දායකත්වයන් ලබා දීමට සමාගමට ඉඩ සලසයි.

P&S ආයතනය විසින් 2021 වර්ෂයේ සිටම RO ජල පිරිපහදු ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත. මෙය ප්‍රජා සවිබල ගැන්වීම සහ තිරසාර ප්‍රතිලාභ උත්පාදනය කරන මුලපිරීම් කෙරෙහි සමාගමේ පවතින අඛණ්ඩ කැපවීම පැහැදිලිව ප්‍රදර්ශනය කරයි.පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) ‘මනුමෙහෙවර’ සහ අනෙකුත් ආයතනික සමාජ ව්‍යාපෘති හරහා, ක්ෂණිකව ප්‍රජා අවශ්‍යතාවයන් සපුරාලීමට අඛණ්ඩව කටයුතු කරන අතර සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් සාධාරණ සහ තිරසාර අනාගතයක් සඳහා අඩිතාලම සකස් කරමින් සිටියි.

Share

You may also like...