ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ‘Hello, to more’ ලෙසින් නවතම GWM මෝටර් රථ මාදිලි පෙලක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

■ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්, ශ්‍රී ලංකාවේ බලයලත් GWM මෝටර් රථ බෙදාහරින්නකු බවට පත් කරයි.
■ ශ්‍රී ලංකාවට Hybrid, Plug-in Hybrid හා නව බලශක්ති මෝටර් රථ (NEV) පෙළක් හඳුන්වාදී ඇත.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ වාහන විකුණුම් අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ප්‍රබලයකු වන GWM සමාගම සමඟ පසුගියදා මෙරටට එම වාහන බෙදාහැරීම සම්බන්ධනයෙන් ගිවිසුමකට එළඹුණේය. ඒ අනුව GWM හි ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවිකරුවකු හා බෙදාහරින්නකු ලෙස ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් කටයුතු කරනු ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ නවතම Hybrid, Plug-in Hybrid සමඟ 1.5L Turbo engine සහ 2.0L Turbo engine 4×4 රථ වාහන (New Energy Vehicles) හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකේය රථවාහන පාරිභෝගිකයින් වෙත ගෝලීය මට්ටමේ ඉහළම තාක්ෂණය, විශ්වාසනීයත්වය හා සුවිසල් වටිනාකම් ද ගෙන එමිනි.
මෙම ගිවිසුම යටතේ GWM Haval (HEV), Haval (PHEV), Haval GT, Tank 300, Tank 500 සහ සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියාකරන හුරුබුහුටි Ora මාදිළි පෙළ ශ්‍රී ලංකාව තුළ එකම බෙදාහරින්නා ලෙසද ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් කටයුතු කරනු ඇත. නව තාක්ෂණයෙන් යුත් Haval H6 (HEV/PHEV) සහ Haval GT Plug-in Hybrid (PHEV) ශ්‍රී ලාංකිකයන්ට නගර සීමාව තුළ විදුලි බලයෙන් ගමන් කිරීමට සහ දිගු දුර සඳහා ඉන්ධන බලයෙන් ගමන් කිරීමේ පහසුව ලබා දෙයි. කාර්යක්ෂමතාවය සහ සුවපහසු ගමනක නිමාව තහවුරු කරන මෙම රථවාහන, දෛනික ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන අතර නගර සීමාවෙන් පිටත දුර ගමන් කිරීමේදී පරිභෝගියකයා තුළ නව විශ්වාසනීයත්වයක් ගොඩනගයි. Off- road අත්දැකීම් සමඟින් නිදහස් ගමනකට මඟ කියන Tank 300 (HEV) මෙන්ම සුඛෝපභෝගී ගමනක් මෙන්ම කැපී පෙනෙන පෞරුෂයක් ලබා දෙන Tank 500 (HEV) සහ සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියා කරන Ora මාදිළි පෙළ මෙම හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලාංකේය රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක ඇරඹුම සනිටුහන් කරනු නොඅනුමානය.
මෙම නවතම හදුන්වාදීම තුලින් GWM “Hello, to More” දර්ශනය, නිදහස, විශ්වාසය මත පදනම් වූ ඉහලම මනුෂ්‍ය වටිනාකම් සහ සුරක්ෂිත බාවය තහවුරු කරමින්, මෙම අදහස ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ වර්ධනයත් සමඟ “Go With More” ගෝලීය සන්නාම අතරින් ඉහලින්ම ස්ථානගත කිරීමට ද හේතු වනු ඇත.
මේ වන විට ලොව පුරා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක මෙහෙයුම් සිදු කරමින් ශක්තිමත් ගෝලීය පදනමකට හිමිකම් කියන GWM හි Haval H6 ඕස්ට්‍රේලියාවේ SUV රථ අංශයේ වඩාත්ම ජනප්‍රිය සන්නාමය බවට පත්ව ඇත්තේ එහි ඇති කාර්යක්ෂමතාව සහ වටිනාකම හේතුවෙනි. තරඟකාරී ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළේ සිය විශිෂ්ටත්වය තහවුරු කර ඇති GWM හි ගෝලීය විශේෂඥතාව සමඟ ශ්‍රී ලංකාවේ වසර 40ක විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස් සමාගමේ එකමුතුව හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත පුළුල් ප්‍රවාහන විසඳුම් සහ අලෙවියෙන් පසු විශ්වාසවන්ත සේවාවද හිමි කර දෙනු ඇත.
GWM Hybrid සහ Plug-in Hybrid මාදිළි පෙළ හරහා විශ්වාසනීය ආයෝජනයකට දොරටු විවර කිරීම තුළින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිසල් දියුණුවකට මඟ පාදනු ඇති අතර එය මෙරට පාරිභෝගිකයින්ගේ එකම තේරීම බවටද පත්වනු නිසැකය. Hybrid සහ Plug-in Hybrid හා නව බලශක්ති මෝටර් රථ හේතුවෙන් විදුලි බලය හා ඉන්ධන සඳහා වන වියදම් අවම වන අතර එය පාරිභෝගික ආර්ථිකයේ පරිවර්තනයකටද හේතු වන බව නොඅනුමානය.
(+94) 11 7 888 666 ඇමතීමෙන් ශ්‍රී ලංකාවේ GWM වාහන පිළිබඳ ව වැඩි විස්තර ලබාගත හැකිය.
Recent Comments