DIMO නවතම  Jeep Wrangler සහ Gladiator ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Social

ශ්‍රී ලංකාවේ Jeep සඳහා බලයලත්  එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම නවතම Jeep මාදිලි පාරිභෝගිකයින්ගේ දෛනික කටයුතු සඳහා ද මනාව යෝග්‍ය වේ.

මෙම නවතම Jeep මාදිලි හඳුන්වාදීම “Legends Unleashed 2025” නම් විශේෂ වැඩසටහනක් ඔස්සේ සිදු වූ අතර, මෙහිදී DIMO 800 මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ  නවතම පාරිභෝගිකයන් රැගත් නව Jeep රථ පෙළ මින්නේරිය, ගිරිතලේ  සහ හබරණ දක්වා ගමන් කළේ නව්‍ය වූ off-road අත්දැකීමක් ලබාදෙමිනි.

Jeep Wrangler,  ඉහළම කාර්යක්ෂමතාවයක් සහිත SUV  රථයක් ලෙස ප‍්‍රසිද්ධ වන අතර, Trail-Rated® 4×4 තාක්ෂණය සහ ක්ෂණිකව විවෘත  කළ හැකි වහලය හා දොරවල් මගින්  සුපිරි ගමන් අත්දැකීමක් ලබා දේ. Gladiator මාදිලිය, pickup truck රථ වර්ගයට අයත් වන අතර  එදිනෙදා වැඩ කටයුතු සහ off -road සංචරණය සඳහාත්  ගැලපෙන වාහනයක් ලෙස නම් දරා ඇත.

DIMO හි  සුඛෝපභෝගී රථ වාහන අංශයේ සාමාන්‍යාධිකාරී  තරංග ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Jeep නාමය සැමවිටම සම්බන්ධ වූයේ off -road  ගමන් අත්දැකීම් සමඟයි. නමුත් අද පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ එම හැකියාවන් සමඟ දෛනික භාවිතයට ගැළපෙන වාහනක්. නවතම  Wrangler සහ Gladiator මෙම අවශ්‍යතා දෙකටම මනා ලෙස ගැලපෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.”

DIMO, Jeep හි අලෙවියෙන් පසු සේවා සත්කාරය, වසර 5ක් හෝ කිලෝමීටර් 150,000ක වගකීමේ සහතිකය, MOPAR සහතිකලත්  කාර්මිකයින්, සැබෑ අමතර කොටස්, සහ සේවා වාර්තා  මගින් මෙම Jeep රථවල  දිගුකාලීන අගය තහවුරු කරයි.

එමෙන්ම, දිවයින පුරා ක්‍රියාත්මක වන 24 පැය මාර්ගස්ථ උපකාරක සේවාව Jeep රථ හිමිකරුවන්ට විශ්වාසනීය සේවාවක් ලබා දෙයි.

මෙම නව Jeep Wrangler සහ Gladiator හඳුන්වා දීමෙන්, DIMO ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගේ  Jeep  ජීවන රටාව නව තලයකට ගෙන ගොස්, සංචාරය හා දෛනික භාවිතය යන දෙකටම ගැළපෙන නව අත්දැකීමක් ලබා දී ඇත.

Share

You may also like...