Bybit Rising Fund ශ්‍රී ලාංකේය තාරුණ්‍යය Web3 සක්‍රීය ආර්ථිකය සඳහා සූදානම් කිරීමට Ceylon Cash සමඟ අත්වැල් බැඳගනී

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සමඟ එක්ව, Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දියත් කර ඇත. මෙම සහයෝගීතාවය Web3 පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ සහ බ්ලොක්චේන් තාක්ෂණය හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන අනාගත පරපුර සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

Bybit සහ Ceylon Cash විසින්, බ්ලොක්චේන් තාක්ෂණයන් පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය වර්ධනය (The English version mentions awareness and understanding, not knowledge) කිරීම සඳහා Web3Ceylon ඔස්සේ අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු වන වැඩසටහන සැප්තැම්බර් මස 17 වන දින ගාල්ල නගරයේ, දෙවන වැඩසටහන සැප්තැම්බර් මස 20 වන දින කොළඹ නගරයේද, තෙවන වැඩසටහන සැප්තැම්බර් මස 28 වන දින නුවර නගරයේද සහ අවසාන වැඩසටහන ඔක්තෝම්බර් මස 12 වන දින ඇල්ල නගරයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සම්මන්ත්‍රණ තුළින් නවකයින්, පර්යේෂකයින්, නිර්මාණකරුවන් සහ සංවර්ධකයින් යන සියලු දෙනාට ක්‍රිප්ටෝ මුදල්, බෙදාහරින ලද ලෙජර් තාක්ෂණය සහ ඔන්-චේන් ආරක්ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.

බ්ලොක්චේන් තාක්ෂණය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් සමඟ දේශීය සංවර්ධකයින්, බ්ලොක්චේන් පිළිබඳ හදාරන පුද්ගලයින් සහ උගන්වන පුද්ගලයින් සම්බන්ධ කිරීම මෙම සම්මන්ත්‍රණ හතරේ අරමුණයි. බ්ලොක්චේන් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අනාගතයක් සඳහා අවශ්‍ය දැනුම පියවරෙන් පියවර සෑම නගරයකම සෑම කෙනෙකුටම ලබාදීමට හැකිවනු ඇත.

සම්මන්ත්‍රණයේ විශේෂාංග,

* ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 4ක් ආවරණය කරමින් ආසන 600ක් දක්වා ලබාගැනීමේ හැකියාව පවතී.

* wallets, smart contracts, සහ Web3 ව්‍යාපෘතියක් ගොඩනැගීමේ මූලික කරුණු පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු සහ සැසි හරහා දැනුම බෙදා දීම.

* කර්මාන්තයේ විශේෂඥයින් සහ නවෝත්පාදකයින් බ්ලොක්චේන් සම්බන්ධ සැබෑ ලෝකයේ සිද්ධි අධ්‍යයනයන් ඔස්සේ එහි තාක්ෂණය, එය භාවිතා කරන ක්‍රම, එහි ප්‍රයෝජන, සහ ව්‍යාපාරික පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ඇත.

* ශ්‍රී ලංකාව තුළ වර්ධන අවස්ථා නිර්මාණය කිරීමට සහ දේශීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාර කිරීමට නිර්මාණකරුවන්, සංවර්ධකයින් සහ ව්‍යවසායකයින් එක්රැස් කරමින් වෙනසක් කළ හැකි පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම.

සම්මන්ත්‍රණයට සහභාගී වීමට පෙර ලියාපදිංචි වී අවසර ලබාගත යුතුය.

“අපි සම්මන්ත්‍රණ සැලසුම් කළේ සියලු දෙනාටම ගැළපෙන ආකාරයටයි. එහිදී, දේශකයින් විසින් මූලික කරුණු වගේම තාක්ෂණික පැතිකඩ දක්වා සියලු කරුණු ආවරණය කරනවා ඇත. ඔබ ඔබේ බ්ලොක්චේන් ගමන ආරම්භ කිරීමට උනන්දු වන සංවර්ධකයෙකු වුවත්, ක්‍රිප්ටෝ ගෙවීම් ගැන කුතුහලයෙන් සිටින කුඩා ව්‍යාපාරිකයෙකු වුවත්,  Web3 හි අනාගතය සඳහා සූදානම් වෙන ශිෂ්‍යයෙකු වුවත්, ඔබට පිරිනැමීමට යමක් අප සතුව තිබේ.” යනුවෙන් Ceylon Cash හි ප්‍රජා නායක නිසල් චන්ද්‍රසේකර මහතා පැවසීය.

ඩිජිටල් ආර්ථිකයේ වේගවත් වර්ධනය, ඉහළ ජංගම දුරකථන භාවිතය සහ බ්ලොක්චේන් හා ක්‍රිප්ටෝ මුදල් කෙරෙහි වැඩිවන උනන්දුව හේතුවෙන්, Web3 හි පවතින විප්ලවීය අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ගැනීමට ශ්‍රී ලංකාව හොඳින් ස්ථානගත වී ඇත. Bybit හි 2025 ලෝක වෙළඳ මාලාවේ (WSOT) කොටසක් වන Bybit Rising Fund, Web3 පිළිබඳ උනන්දුවක් දක්වන අයට, සංවර්ධකයින්ට සහ අධ්‍යාපනඥයින්ට ප්‍රතිලාභ ලබා දෙන ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන මුලපිරීම් සඳහා සහාය දක්වයි.

Bybit Rising Fund යනු, දේශීය ප්‍රජාවන්ට බ්ලොක්චේන් අධ්‍යාපනයට ප්‍රවේශ වීම පහසු කිරීම සහ වඩා හොඳ ගුණාත්මකභාවයක් ලබා දීම සඳහා WSOT 2025 යටතේ ඇති ප්‍රජා ප්‍රවේශ වැඩසටහනක කොටසකි. මෙහි වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට කැමති ඕනෑම අයෙකු එම වැඩසටහන් සඳහා සහභාගී වීමට පෙර ලියාපදිංචි වී අවසර ලබාගත යුතුය.

#Bybit / #TheCryptoArk 

Bybit පිළිබඳව

Bybit යනු වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන අතර, එය මිලියන 70කට අධික පරිශීලකයින්ගෙන් යුත් ගෝලීය ප්‍රජාවකට සිය සේවය සපයයි. 2018 දී ආරම්භ කරන ලද Bybit, ක්‍රිප්ටෝ මුදල් සැමට විවෘත, සාධාරණ සහ භාවිතයට පහසු පද්ධතියක් ලෙස නිර්මාණය කිරීම අරමුණු කරන අතර Web3 කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශක්තිමත් පද්ධති ගොඩනැගීමට සහ බ්ලොක්චේන් නවෝත්පාදනයන් දිරිමත් කිරීමට ප්‍රමුඛ බ්ලොක්චේන් හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියා කරයි. ආරක්ෂිත, භාවිතයට පහසු, විවධ වෙළඳ විකල්ප සහ උසස් බ්ලොක්චේන් මෙවලම් ලබා දීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන Bybit, සාම්ප්‍රදායික මූල්‍ය ලෝකය (TradFi) නව විමධ්‍යගත මූල්‍ය ලෝකය (DeFi) සමඟ සම්බන්ධ කරන අතර එමගින් සංවර්ධකයින්ට, නිර්මාණකරුවන්ට සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් දක්වන අයට Web3 වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථාව සලසා දෙයි.

විමධ්‍යගත මූල්‍යකරණයේ අනාගතය සොයා යන්න Bybit.com වෙත පිවිසෙන්න.

Bybit පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර Bybit Press වෙත පිවිසෙන්න.

Share

You may also like...