සුප්‍රකට විලාසිතාසන්නාමයක් වන Fabindia කොළඹ Havelock City Mallහි දී සිය පළමුවෙළඳසැල විවෘත කරයි.

තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාව ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන Fabindia විසින් ශ්‍රී ලංකාවේ සිය පළමු වෙළඳසැල Havelock City Mall හි දී පසුගියදා විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ Fabindia නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම කොළඹ ප්‍රමුඛ පෙළේ ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ. මෙමගින් නොනැසී පවතින අත්කම් නිර්මාණ සහ වගකීම් සහිත පරිභෝජනය නිරූපණය කරන සන්නාමයක පැමිණීම සනිටුහන් වේ.
1960දී ආරම්භ කරන ලද Fabindia තිරසාර විලාසිතා සඳහා ඉන්දියාවේ තිබෙන විශාලතම පෞද්ගලික ජාලය වේ. මේ ඔස්සේ ගොවීන් සහ ග්‍රාමීය ශිල්පීන් 55,000කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සම්බන්ධ කරයි. ස්වභාවික කපු සහ සේදවලින් නිම වූ ඇගලුම් නිෂ්පාදනවල සිට ගෘහ අලංකරණය සහ ජීවන රටාවට අදාළ භාණ්ඩ දක්වා වූ විවිධ නිෂ්පාදන පෙළක් Fabindia සන්නාමය මගින් පිරිනමනු ලබයි. ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය, වගකීම් සහගත සැපයුම්කරණය සහ ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ Fabindia පාරිභෝගික ජනතාව අතර වඩාත් ප්‍රචලිත වී තිබේ.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ උණුසුම සහ ඉන්දියානු අත්කම් සෞන්දර්යයේ මනා සුසංයෝගය කොළඹ පිහිටි මෙම නව වෙළෙඳසැල ඔස්සේ මැනවින් පිළිබිඹු වේ. විවිධ ජාතීන්‍ට අයත් ඇඳුම් විලාසිතාවන් මෙන්ම දේශීය සහ බටහිර විලාසිතාවන් රැසක් Fabindia ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරයි. මෙම ආරම්භක උත්සව අවස්ථාවට එකතු වූ පිරිසට එම විලාසිතා පෙළ දැක බලා ගැනීමට ද අවස්ථාව ලැබුණි.
මෙම අවස්ථාවට එක්ව සිටි Fabindia හි President – Retail අජෙයි කපූර් මහතා මේ පිළිබදව සිය අදහස එකතුකළේ මෙසේය, ‘‘ශ්‍රී ලංකාවට Fabindia හදුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන විලාසිතා වෙළඳපොළට එක් වීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙය හුදෙක් විලාසිතා වෙළඳ ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය තිරසාර වටිනාකම්, සංස්කෘතික උරුමයන් හුවමාරු කරගැනීම් සහ කාලෝචිත ආකර්ෂණීය සැමරීමක්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) නියෝජ්‍ය සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මැතිනිය මෙසේ ප්‍රකාශ කළාය. “ශ්‍රී ලංකාව වෙත Fabindia රැගෙන ඒමට හැකි වීම මෙන්ම තිරසාර විලාසිතාවන් සඳහා සුප්‍රකට සුවිශාල සන්නාමයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපිට ඇත්තේ නිහතමානි සතුටක්. Fabindia යනු හුදෙක්ම ඇඟළුම් සහ විවිධ උපාංග සන්නාමයකට වඩා වැඩි යමක්. එය අත්කම් කලාව, උරුමය සහ වර්තමානය සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද සම්ප්‍රදායික කලාවන් ප්‍රදර්ශනය කරනවා.”
අත්කම්වලින් නිම වූ සංස්කෘතික සහ නූතන බටහිර කාන්තා සහ පිරිමි විලාසිතාවන්, බෑග් සහ උපාංග, නිවාස අලංකරණ උපාංග, සුවතා නිෂ්පාදන සහ තවත් බොහෝ දේ Havelock City වෙළද සංකීර්ණය තුළ පිහිටවූ Fabindia වෙළඳසැල තුළින් ඔබට ලබාගත හැකිය. Fabindia සන්නාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ හැව්ලොක් සිටි වෙළද සංකීර්ණයේ අවකාශය හිමිවීම මෙරට පාරිභෝගික ජනතාවට කදිම අවස්ථාවක් වනු ඇත.
නව්‍ය විලාසිතා සමඟ වසර 65ක උරුමය සමරන Fabindia හි පළමු වෙළෙඳසැල නවදිල්ලියේදී ආරම්භ කළ අතර ඉන්දියාවේ නගර 127ක් පුරා වෙළඳසැල් 340කට අධික සංඛ්‍යාවක් සහ රටවල් 7ක් පුරා ජාත්‍යන්තර අලෙවිසැල් 11ක් පවත්වාගෙන යයි. මෙමගින් කාන්තා, පිරිමි සහ ළමුන් සඳහා වූ ඉන්දියානු සහ බටහිර ඇඳුම් විලාසිතා රැසක් පිරිනමයි.
වසර ගණනාවක් පුරා ස්වර්ණාභරණ, බෑග් සහ පාවහන්, ගෘහ අලංකරණ, ගෘහභාණ්ඩ, තෑගි භාණ්ඩ, කාබනික ආහාර සහ පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ද මෙම නිෂ්පාදන පෙළට එක් තිබේ. ඉන්දියාවේ සහ එහි අත්කම්වල අගය විදහා දක්වන සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම ඇසුරින් නිර්මාණය කළ, සෞන්දර්යාත්මක නිෂ්පාදන දැරිය හැකි පහසු මිලකට මෙම සන්නාමය ඔස්සේ ලබා දෙයි. Fabindia මගින් ග්‍රාමීය ශිල්පීන් දහස් ගණනක් නාගරික වෙළඳපොළට සම්බන්ධ කර, ඔවුන් සඳහා රැකියා අවස්ථා උදා කර දෙන අතර, රටේ සාම්ප්‍රදායික අත්කම් කලාව ද ආරක්ෂා කරයි.
Photo Caption
ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිනිය සහ Fabindia හි President – Retail අජෙයි කපූර් මහතා කොළඹ 06, Havelock City Mall හි දී, Fabindia අලෙවි සැල විවෘත කරමින්.
Recent Comments