මයිලිඩි විද්‍යාලයට ඩේවිඩ් පීරිස් සමූහයෙන් පරිගණක විද්‍යාගාරයක්

උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද ගම්මානයක පිහිටි කන්කසන්තුරේ මයිලිඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාර පසුගියදා කටයුතු කළේය. මෙම පරිගණක විද්‍යාගාරය ඉදිකිරීම සදහා මෙන්ම ඒ සදහා අවශ්‍ය පරිගණක ඇතුළු සියලු අංගෝපාංග සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබ සාධක කමිටුව විසින් දරණ ලදී. 

දැනට මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 130කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභී පවුල් නියෝජනය කරයි. මෙම විද්‍යාගාරය ලබාදීමට පෙර පරිගණක අධ්‍යාපන කටයුතු සදහා ඔවුන්ට දුර බැහැර ගෙවාගෙන වෙනත් පාසල්වලට යොමු වීමට සිදු වී ඇත. අනාගත ඩිජිටල් තාක්ෂණයට මුහුණ දීම සදහා ඔවුන් සූදානම් කිරීමට මෙම පරිගණක විද්‍යාගාරය මහගු පිටිවහලක් වනු ඇති බවට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විශ්වාස කරයි. පාසලේම පන්ති කාමරයක් පරිගණක විද්‍යාගාරයක් ලෙස සංවර්ධනය කර අලුතෙන් පින්තාරු කිරීමෙන් පසු වායු සමීකරණය සිදු කොට මෙම විද්‍යාගාරය සදහා අවශ්‍ය පරිගණක, පරිගණක මේස සහ පුටු සියල්ල අලුතෙන් ලබාදී දරුවන්ගේ මනසට ගැළපෙන පරිදි අධ්‍යාපනය ලැබීමට සුදුසු පරිසරයක් නිර්මාණය කොට මෙම විද්‍යාගාරය පරිත්‍යාග කරන ලදී. ඊට අමතරව මෙම විද්‍යාගාරය භාවිත කරමින් තොරතුරු තාක්ෂණ විෂයය ඉගැන්වීමට අලුතෙන් ගුරුවරියක්ද බදවා ගෙන වසරක් පුරා එම ගුරුවරියගේ වැටුප් ගෙවීම සදහාද ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වයි.

මයිලිඩි උතුරු කලෙයිමගල් විද්‍යාලයද වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නැවත පැරණි ස්ථානයේ ස්ථාපනය කර ඇති අතර අඩු පහසුකම්වලින් යුතු ග්‍රාමීය පාසල් නගා සිටුවා එම ප්‍රදේශවල දරු දැරියන්ගේ අධයාපනයට රුකුලක් වෙමින් ප්‍රජා සේවාවලට අතහිත දීමේ ඩේවිඩ් පීරිස් සමූහයේ කැපවීම සාක්ෂාත් කිරීමට තවත් උදාරණයක් ලෙස මෙම පරිත්‍යාගය හැදින්විය හැකිය.

පාසල් නගා සිටුවමින් මෙරට දරු දැරියන්ගේ අධ්‍යාපනයට අතහිත දීමට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වලට අංග සම්පූර්ණ නිවාස පරිත්‍යාග කිරීම, රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, බරපතල රෝගාබාධවලින් පෙළෙන ජනතාවට මූල්‍ය ආධාර ලබාදීම, ආබාධිත ප්‍රජාව නගා සිටුවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීඹ, ග්‍රාමීය ප්‍රවාහන කටයුතු සංවර්ධනයට දායක වීම මෙන්ම ව්‍යවසායක ප්‍රජාවක් බිහි කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය සහ රට පුරා පරිසර සංරක්ෂණ කටයුතු සදහා සැළකිය යුතු දායකත්වයක් දැක්වීම ඩේවිඩ පීරිස් සමූහයේ සමාජ සුබ සාධක කමිටුව විසින් සිදු කරනු ලබයි.

Share

You may also like...