වෙළෙඳ අනුකූලතාව සහ ගෝලීය සැපයුම් දාම විශිෂ්ටත්වය වැඩිදියුණු කරමින් Alumex PLC විසින් AEO Tier I සහතිකය දිනාගනී
Alumex PLC සිය පාරිභෝගිකයන් වෙත විශ්වසනීයත්වයෙන් ඉහළ වේගවත් බෙදාහැරීමේ සේවාවක් සහතික කරයි.ex PLC සිය පාරිභෝගිකයන් වෙත විශ්වසනීයත්වයෙන් ඉහළ වේගවත් බෙදාහැරීමේ සේවාවක් සහතික කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC , ශ්‍රී ලංකා රේගුව විසින් පිරිනමනු ලබන ‘බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) ස්ථර I’ සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබීය. සමාගමේ මෙහෙයුම් අනුකූලතාව, ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීම සහ සැපයුම් දාමයන්ගේ ආරක්ෂාව පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙමඟින් සනිටුහන් වේ.
ඉහළ ගෝලීය පිළිගැනීමක් සහිත මෙම සහතිකය සමඟ රේගු ක්‍රියා පටිපාටිය සහ වෙළෙඳ අඛණ්ඩතාව පිළිබඳව ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරන, තෝරාගත් විශ්වසනීය ආනයනකරුවන් සහ අපනයනකරුවන් කණ්ඩායම අතරට Alumex PLC ද ඇතුළත් වේ.
මෙම සහතික ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කළ දැඩි වලංගුකරණ පරීක්ෂාවකින් පසුව පිරිනැමෙන අතර මේ තුළින් Alumex PLC සියලුම නෛතික ,මෙහෙයුම් සහ ආරක්ෂක මිනුම් පූර්ණ වශයෙන් අනුගමනය කරන බව සහතික කරයි.
මෙම සහතිකය මඟින් ඇලුමිනියම් ලෝහ බිලෙට්ස් (billets) ශ්‍රී ලංකාව වෙත ආනයනය කරන ප්‍රමුඛයෙකු ලෙස, සමාගමේ වෙළෙඳ කටයුතු පිළිබඳ සහ අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම ගෝලීය ක්‍රමවේදයන් සමඟ Alumex PLC සමාගම තවදුරටත් සවිමත් කෙරේ.එමෙන්ම ජාත්‍යන්තර ඇලුමිනියම් ක්ෂේත්‍රයේ විශ්වසනීය මෙන්ම ඊට අනුකූලතාවය දක්වන හවුල්කරුවෙකු ලෙස සමාගමේ ස්ථානය ද මෙමඟින් තහවුරු කරයි. Alumex PLC විසින් කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් ආවරණය කරමින් ගෝලීය වෙළෙඳපල වෙත අපනයන කටයුතු සිදු කරයි.

මෙහි නිළ සම්මාන ප්‍රදානය ජූලි 29 වැනි දින ශ්‍රී ලංකා රේගුව විසින් පවත්වන ලදී. එහිදී AEO වැඩසටහනේ ජාතික වැදගත්කම මෙන්ම වෙළෙඳ විශිෂ්ටත්වය ඉදිරියට රැගෙන යාම සඳහා Alumex PLC දක්වන දායකයත්වය පිළිබඳව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා විසින් ඉස්මතු කරන ලදී.
මෙම සහතිකය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය, අනුකූලතාවය සහ කැපී පෙනෙන සුවිශේෂී සේවාවක් සැපයීම සඳහා Alumex PLC දක්වන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් බව ශ්‍රී ලංකා රේගුව අවධාරණය කළේය. මෙතැන් සිට සුමට රේගු ක්‍රියා පටිපාටි සමඟ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සහ දේශසීමා වෙළෙඳ පිරිවැය අඩු කිරීම ඔස්සේ එම සේවාවන් තවදුරටත් ඉහළ විශ්වාසනීයත්වයකින් පවත්වාගෙන යාමට හැකි බව ද ඔවුහූ සඳහන් කළහ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ අනුකූලතාව, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩතාව සඳහා වූ කැපවීම සනාථ කළ මනා සාක්ෂියක් ලෙස AEO Tier I සහතිකය හැඳින්විය හැකියි.මෙමඟින් බාධාවකින් තොරව දේශීය හා ගෝලීය හවුල්කරුවන්, සැපයුම්කරුවන් සහ නියාමකයන් සමඟ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙන්ම වේගවත්, ආරක්ෂිත සැපයුම් දාමයක් ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් වෙත සේවය කිරීම පිළිබඳ අපගේ හැකියාවන් තවදුරටත් ඉහළ නංවනවා.”
මෙම AEO සහතිකය මඟින් සමාගම් සඳහා ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඒ අනුව මෙමඟින් මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කරන අතර කල් දැමූ තීරුබදු සහ බදු ගෙවීම්, අඩු ඇපකර අවශ්‍යතා සහ රේගු කටයුතු පහසු කිරීමේ හැකියාවන් ඔස්සේ සමස්ත ක්‍රියාවලිය අවම කාලයකින් ඉතා කාර්යක්ෂම ලෙස සිදු කිරීමට අවස්ථාව සැලසේ.
මෙම සහතිකය දිනා ගැනිමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන කටයුතු වඩාත් වේගවත්ව, ආරක්ෂිතව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර එමඟින් මනා කාල කළමනාකරණයකින් යුතුව විස්වසනීය හොඳ බෙදාහැරීමක් දියත් කිරීම ඔස්සේ Alumex පාරිභෝගික ජනතාව වෙත ප්‍රතිලාභ රැසක් අත්පත් කර දෙනු ඇත. ශ්‍රී ලංකා රේගු සහ වෙළෙඳ හවුල්කරුවන් සමඟ Alumex සතු සහයෝගීතාවය මෙම AEO Tier I සහතිකය තුළින් සවිමත් කරන අතර ගෝලීය රේගු ජාල යටතේ අනාගත ව්‍යාපාර කටයුතු සඳහා මග විවර කෙරේ.
Recent Comments