රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය.
රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා පූර්ණ දායකයත්වය ලබාදුන් අතර ප්‍රජාවට මෙන්ම ප්‍රජාව වෙත සහය වන පරිසරයට එම වටිනාකම් නැවත ලබාදීමේ දිගු කාලීන අරමුණු එමඟින් පිළිබිඹු විය. දිනෙන් දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ඉහළ යන වෙරළ දූෂණයට විසඳුම් ගවේෂණය කිරීමට මෙන්ම සමුද්‍රීය සහ වෙරළ ආරක්ෂාව සුරැකීම සඳහා ඇති සමාජ වගකීම තවදුරටත් දිරිමත් කිරීම සඳහා මෙම වැඩසටහන කදිම උත්සාහයක් විය.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “පරිසරය සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ඒ සඳහා විකල්පයක් නැහැ. ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වගකීම් සහගත සන්නාමයක් ලෙස ලෝක සාගර දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන වෙනුවෙන් නායකත්වය ලබා දීමට හැකිවීම සැබවින්ම ගෞරවයක්. තිරසාරභාවය ආරම්භ වන්නේ ක්‍රියාවෙන් බව අපි සැබවින්ම විශ්වාස කරනවා. මෙම වැඩසටහන ඔස්සේ අනෙකුත් පාර්ශවයන් ද ස්වාභාවික සම්පත් සහ වෙරළ තීරය ආරක්ෂා කිරීමට දිරිමත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අපගේ කණ්ඩායමේ කැපවීම තුළින් ආයතන වටිනාකම් ද මැනවින් පිළිබිඹු කරන අතර සෑම කුඩා උත්සාහයක පවා තිබෙන වැදගත්කම මෙමඟින් අවධාරණය කරනවා.”
රාජා ජුවලර්ස්හි කාර්ය මණ්ඩල සාමාජිකයන් 100කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් සිදු කළ මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 203 ක්, ඇලුමිනියම් ටින් /කෑන් කිලෝග්‍රෑම් 166ක් ඇතුළු වීදුරු කිලෝග්‍රෑම් 17ක් සහ රෙදි කිලෝග්‍රෑම් 06, කාඩ්බෝඩ් කිලෝග්‍රෑම් 12ක් ප්‍රමාණයක් ඵලදායි ලෙස එක් රැස් විය. වෙරළ තීරයෙන් එකතු කරන ලද අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 404 ක් පානදුර නගර සභාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ ට්‍රැක්ටරයට භාර දෙන ලදී. මෙය පාරිසරික මුලපිරීමක් පමණක් නොව, එය සාමූහික ඉලක්කයක් වටා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒකරාශි කරමින් කණ්ඩායම් හැඟීම ගොඩනැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකමකී. රාජා ජුවලර්ස් හි ෆේස්බුක් , ඉන්ස්ටර්ග්‍රෑම්, ලින්ක්ඩින් සහ යූ ටුයුබ් ආදී ඩිජිටල් වේදිකාවන් ඔස්සේ ද මේ පිළිබඳ විශේෂ වීඩියෝ පටයක් බෙදාගත් අතර එය ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.
සිය වාර්ෂික දින දර්ශනයේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් (CSR) අංගයක් ලෙස පානදුර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කිරීම මඟින් සමාජ යහපත සහ පාරිසරික සුරක්ෂිතභාවය පිළිබඳ රාජා ජුවලර්ස් සිදුකරන අනගි මෙහෙවර පිළිබඳ කදිම සාක්ෂියක් සපයයි.ස්වර්ණාභරණ කලාවේ විශිෂ්ටතම මෙන්ම වගකීම් සහගත ආයතනයක් ලෙස රාජා ජුවලර්ස් , සිය උරුමය සනාථ කරමින් ශ්‍රී ලංකාව පිරිසිදු මෙන්ම හරිත භූමියක් ලෙස ගොඩනැගීමට උත්සහ කරයි.
විශ්වාසනීයත්වය ,ශිල්පීය දස්කම් සහ සංස්කෘතික අව්‍යාජභාවය ඔස්සේ සියවසකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ඉහළම පිළිගැනීම රාජා ජුවලර්ස් විසින් දිනාගෙන තිබේ. පරම්පරා ගණනාවක් පුරාවට අලංකෘත මෙන්ම සදාතනික වටිනාකමක් සහිත දියමන්ති ,වටිනා ලෝහ,මැණික් සහ සර්කෝන් මෙන්ම පිරිපහදු කළ රත්‍රං වැනි හොඳම අමුද්‍රව්‍ය භාවිත කරමින් නිමවූ විශිෂ්ට හස්ත නිර්මාණයන් පිරිනැමීම සඳහා රාජා ජුවලර්ස් ඉතා ප්‍රචලිත වේ.
රාජා ජුවලර්ස් හි www.rajajewellers.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙන්ම https://www.facebook.com/Rajajewellers.lk ෆේස්බුක් පිටුව හෝ https://www.instagram.com/rajajewellers.lk ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ රාජා ජුවලර්ස් හි අනර්ඝ ආභරණ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසිය හැකිය.
Recent Comments