First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සවිබලගැන්වීම වෙනුවෙන් සේවා ලබාදෙන First Capital Advisory Services සමාගම එළිදැක්වීම සිදු කෙරිණි.
First Capital Advisory Services සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග ඉතා හොඳින් අවබෝධ කරගනිමින් වෙළෙඳපොළ පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වටිනාකම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ට සහාය වීමට අවශ්‍ය ප්‍රධාන උපදේශන සේවා රැසක් ලබා දීමට අරමුණු කරයි. එමෙන්ම මෙම සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් ළඟා විය නොහැකි පොදු ලැයිස්තුගත කිරීම් සහ දිගු කාලීන හවුල්කාරිත්ව වැනි උපායමාර්ගික මූල්‍යකරණ විකල්ප වෙත යොමු වීම සඳහා සහයෝගය ලබාදීමද විශේෂත්වයකි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන අතරතුරදී First Capital Advisory Services පෞද්ගලික සමාගම සහ කොළඹ කොටස් හුවමාරුවේ සහභාගිත්වයෙන් පැනල සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහි පැනල සාමාජිකයින් අතරට First Capital Advisory Services පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරුෂ ඒකනායක සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළත් වූහ.

First Capital Advisory Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරුෂ ඒකනායක මහතා, සිය දේශනයේදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උපදේශන විශේෂඥතාවක් නොමැතිකම පිළිබඳව සහ ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා ව්‍යුහගත, දිගු කාලීන විසඳුම් සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අභියෝග රාශියකට මුහුණ දෙනවා. නමුත් බොහෝ ව්‍යාපාරවලට මෙම අභියෝගවලට තිරසාර විසඳුම් ලබාදීම සඳහා නිසි උපදේශනයක් හෝ දැනුමක් නැහැ. අපි First Capital Advisory Services සමාගම ආරම්භ කළේ මෙම පරතරය පියවීම සඳහායි. එහිදී අපි ව්‍යාපාරයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම, උපායමාර්ගිකව ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා විසඳුම් ලබාගැනීම සහ පොදු ලැයිස්තුගත කිරීම් හා පෞද්ගලික හවුල්කාරිත්ව හරහා දිගු කාලීන වටිනාකම් ගොඩ නැංවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව පැවසිය යුතුමයි.”

First Capital Advisory Services සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව ශක්තිමත් ලෙස ස්ථාපිත සමාගම් සමූහයකට අනුබද්ධිත නවතම සමාගමයි. මෙම සමූහයට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රමුඛතම බැංකු නොවන ප්‍රාථමික අලෙවි කරුවෙකු වන First Capital Treasuries PLC, විවිධ ආයෝජකයින් සඳහා ප්‍රාග්ධන කළමනාකරණ විසඳුම් ලබා දෙමින්, රුපියල් බිලියන 110 කට අධික වත්කම් කළමනාකරණය කරනු ලබන First Capital Asset Management පෞද්ගලික සමාගම සහ ගනුදෙනුකරුවන් වෙත කොටස් වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දෙමින්, කොටස් හා ස්ථාවර ආදායම් වෙළෙඳපොළ ආවරණය කරන අභ්‍යන්තර පර්යේෂණ කණ්ඩායම් කිහිපයකින් සහාය ලබමින් ක්‍රියාත්මක වන First Capital Equities පෞද්ගලික සමාගම යන සමාගම්වලින් සමන්විතය. First Capital Advisory Services සමාගම භරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසර පද්ධතිය තුළ නවෝත්පාදනය, මූල්‍ය බල ගැන්වීම සහ වර්ධනය සඳහා නිරන්තර සහයෝගය ලබා දීමට First Capital සමූහය අරමුණු කරයි.
First Capital සමාගම පිළිබඳව:
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, ප්‍රාථමික අලෙවි කරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, වත්කම් කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වේ. ජනශක්ති සමූහයට අනුබද්ධිත එම සමාගම, ‘කාර්යසාධනය ප්‍රථමයෙන්’ යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමත් භාවයෙන් සපිරි සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැප වෙයි. කීර්තිමත් Brand Finance ආයතනය විසින් ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව වසර 2ක් නම් කරනු ලැබූ First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහිදී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ට හිමි සම්මානය ඇතුළුව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් විය. ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව විසඳුම් සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, LRA වෙතින් [SL] A ශ්‍රේණිගත කිරීම ලබා ඇත.
Recent Comments