ජනපති අනුර කුමාර – චීන ජනපතිවරයා හමුවෙයි,
ශ්‍රි ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති වන ෂී ජින් පිං මහතා අතර චීන මහජන ශාලාවේදීයි නිල හමුව පැවැත්වුණි.ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් ලෙස පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය, පසුව නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා එහිදි පවසා සිටියේය.චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාව ද සිහිපත් කළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියට ද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පවසා තිබේ.
දෙරට අතර ආර්ථික, සාමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද නිල හමුවෙන් අනතුරුව සිදු කෙරිණි.
” මහජන චින සමූහාන්ඩුවේ ආර්ථික කාර්මික සහ තාක්ෂනික සහයෝගිතා සංවර්ධනය මෙන්ම මානව සංවර්ධනය කෙරෙහි අත්කර ගෙන තියන දැවැන්ත සංවර්ධනය පිලිබදව ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට පත්වෙනවා + ද්වි පාර්ශවික බහු පාර්ශවික සංසද ඇතුළු සියලු කේෂ්යෙන් හිදි එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා. චීන සමූහාන්ඩුව දශක කිහිපයත් තිස්සේ ශ්‍රි ලංකාව සමාජ ආර්ථික සංවර්ධනය සදහා වැදගත් කාර්යබාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාර අපගේ රටවල් සහ ජනතාවගේ අභිවෘධිය වෙනුවෙන් බහුපාර්ශවිත සහොයෝගිතාව ශක්තිමත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”
පසුව චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මා ඕසේතුං අනුස්මාරණ ස්මාරකයටද අනුර කුමාර දිසානායක මහතා පුෂ්පෝපහාර දැක්වීය.
ජනාධිපතිවරයා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළීගා කෞතුගාරය සහ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශන ශාලාවද නැරඹූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
Recent Comments