Clean Sri Lanka…ඇත්තටම සාර්ථකද?

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බස්රථ පරික්ෂාව සිදු කරන අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවක්ම ආවරණය වන පරිදී මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.මෙහිදී රථවාහත තදබදය අඩු කර ගැනීමටත්,රිය අනතුරු අවම කර ගැනීමටත් ව්‍යෘපෘති දෙකක් දියත් කර ඇත.

01.රථවාහනවල නාද රටා,විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවිකර ධාවනය,නීති විරෝධී සවිකිරිම්,ඝෝෂාකාරී නළා සවිකිරීම්,අධික ශබ්ද සහිත සයිලන්සර්,අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකිරීම් සම්බන්ධයෙන් අවදානය.

02.උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස්රථ ධාවනයේ දී රියදුරන් සිදුකරන රථ වාහන වැරදි අනාවරණ කර ගැනීමෙන් පසු ම වැරදි සදහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකිරීමට නියමිතය.

විශේෂයෙන්ම මේ දිනවල ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන යන පෞද්ගලික වාහන පරික්ෂාවක් ද සිදු කරයි.බස්රථ ගමනාගමනයට අදාළ නීතීරීති කඩකරන රියදුරන්ට හා රියදුරු සහයකවරුවන්ට එරෙහිව අවවාද කිරීම හා දඩ නියම කිරීම මෙමගින් සිදු කරයි.

පොලිසිය විසින් සිදුකරන පරික්ෂා කිරීම් හරහා බස් කර්මාන්තය දැඩි බලපෑමට ලක්ව ඇති බව බස් සංගම් පවසයි.ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ පොලිසියට මෝටර් රථ ආඥා පනතින් පරිබාහිරව ක්‍රියා කළ නොහැකි බවයි.

මේ පිළිබඳව විවිධ අය විවිධ අදහස් දරයි.ඇතැමෙක් මෙම ව්‍යාපෘතිය ඉතා හොඳයි යැයි පැවසුව ද තවත් අයෙක් මෙය අනවශ්‍ය එකක් යැයි පවසයි.බහුතරයක් බස් රථ රියදුරන්,ත්‍රීවිල් රථ රියදුරන් මෙම ව්‍යෘපෘතිය හා එකඟ වන්නේ නැත.

නමුත් මේ පිළිබඳව ගැඹුරින් විමසා බලන විම පැහැදිලි වන්නේ දියුණු රටවල පවතින මට්ටමට මෙරට ජන සමාජය රැගෙන ඒමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවයි.පොදු ප්‍රවාහන බස් රථ සහ විනෝද චාරිකා සඳහා යොදා ගනු ලබන,විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් වන චක්‍රෙල්ඛනයක් පසුගිය වසරේ නිකුත් කර තිබේ.ඒ අනුව එවැනි බස් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ නීති හා රෙගුලාසි දක්වමින් මෙම චක්‍ර ‍ලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ.මෝටර් රථ ප්‍රවාහන හා කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙකී නීතී රිතී වලට අනුකූල වුවහොත් දිනෙන් දින වැඩිවන රිය අනතුරු අවම කර ගැනීමට හැකියාව ඇත.මෑතකදී සිදු වුණු රිය අනතුරු පිළිබඳ අධ්‍යනයේ දී බස් රථ අලුත් වැඩියාවේ යම් යම් දෝෂ හෝ නිතී රීතීවලට අනුකූල නොවීමේ තත්ත්වයක් දැක ගත හැකිය.පොලිසිය පෙන්වා දෙන පරිදී අනවශ්‍ය නිවෙන දැල්වෙන පහන් ආදිය මගීන්ට අපහසුතාවයක් ඇතිකරයි.මෙයට එකඟ විය හැකිය.විවිධ මානසික මට්ටම්වල මගීන් බස්රථ වල ගමන් ගන්න අතර මිග්රේන් සහිත මගියෙක්ට ඇත්තටම අධික ශබ්දය හා නිවෙන දැල්වෙන පහන් දැඩි අපහසුතාවයක් ඇති කරයි.තව ද අනවශ්‍ය අලංකරණ නිසා විටෙක රියදුරාගේ අවධානය වෙනස් විය හැකිය.

තවත් කෝණයකින් බලන කළ මෙම තත්ත්වය නිසා බස්රථ හිමියන් මෙන්ම රියදුරන් දැඩි අපහසුතාවයට පත් වේ.බස්රථ රියදුරන් පවසන පරසදී මෙම ව්‍යාපෘතිය හරහා ඔවුන් දැඩි අපහසුතාවලට මුහුණ දේ.කාලය වැයවන නිසා මගීන්ගේ දෝෂාරෝපණයට ලක් වේ.නමුත් එය අනාගතය හා සසඳබෙලන විට රිය අනතුරු අවම කර ගැනීමට හේතු වේ.එමෙන්ම බස් රථ,ත්‍රීවිල් රථ අලංකරණ උපකරණ වෙළඳාම් කරන පිරිස්වලට වෙළඳාම් නැති වන නිසා ඊට නිසි විසඳුමක් ලබා දීමට රජය මූලික විය යුතු බව ද මේත් සමඟම සඳහන් කිරීම වැදගත්ය.

Share

You may also like...