හේලීස් සත්ව සෞඛ්‍ය අංශය ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබයි
ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික සමඟින් සිය නිෂ්පාදනයන්හි තත්ත්ව කළමනාකරණය, පාරිසරික තිරසාරත්වය, ආහාර සුරක්ෂිතතාව, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිෂ්පාදන පිළිවෙත්වල ඉහළම ප්රමිතීන් ආරක්ෂා කිරීම හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ සත්ව සෞඛ්‍ය කර්මාන්තය සඳහා නිරතුරුවම ආරක්ෂිත, ඵලදායි සහ තිරසාර විසඳුම් සැපයීම සඳහා හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) දරන උත්සාහය සහ කැපවීම මෙම ප්රමිතිකරණය තුළින් මනාව පිළිබිඹු වෙයි.
ප්‍රමිති සහතික ප්රදානෝත්සවය, හේලීස් සමාගමෙහි (Hayleys PLC) විධායක අධ්‍යක්ෂිකා සහ හේලීස් ඇග්රිකල්ච සමූහයෙහි (Hayleys Agriculture Holdings Limited) කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, හේලීස් ඇග්රිකල්ච සමූහයෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ලුෂාන් අබේසේකර, හේලීස් ඇග්රිකල්ච සමූහයෙහි අධ්යක්ෂ සහ හේලීස් සත්ත්ව සෞඛ්‍යය අංශයෙහි සාමාන්‍යාධිකාරී පශු වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි, හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි පර්යේෂණ, සංවර්ධන සහ නව ව්‍යාපෘති කළමනාකරු පශු වෛද්‍ය චතුර ප්‍රියදර්ශන, සහ සමූහයෙහි අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සපුගස්කන්ද හි පිහිටි එම නිෂ්පාදන කර්මන්තශාලාවේදී උත්සවත්ශ්‍රියෙන් පවත්වන ලදී. ජාත්‍යන්තර සහතික කිරීමේ ආයතනය නියෝජනය කරමින්, ඕස්ට්‍රේලියාවේ Business Certification Systems ආයතනයෙ හි අධ්යක්ෂ සෑම් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ජායාරූප සිරස්තල
හේලීස් සමාගමේ විධායක අධ්‍යක්ෂිකා සහ හේලීස් ඇග්රිකල්ච සමූහයෙහි කළමනාකාරණ අධ්‍යක්ෂිකා
ජයන්ති ධර්මසේන මහත්මිය ඔස්ට්‍රේලියාවේ Business Certification System ආයතනෙහි අධ්යක්ෂ
සෑම් ප්‍රනාන්දු මහතා ප්‍රමිති සහතිකපත් ලබමින්
Recent Comments