First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024  SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස හැඳින්විය හැකි මෙම සම්මානය දිනා ගැනීම තුළින්, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය අඛණ්ඩ ව පවත්වා ගැනීම සහ නවෝත්පාදන හඳුන්වා දීම වෙනුවෙන් First Capital සමාගමේ කැප වීම පිළිබිඹු කරයි. මෙම සම්මානයට අමතරව මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලේ දී ‘වසරේ සේවා සන්නාමයට හිමි රන් සම්මානය’, ‘වසරේ දේශීය සන්නාමයට හිමි රිදී සම්මානය’ සහ ‘වසරේ B2B සන්නාමයට හිමි ලෝකඩ සම්මානය’ යන සම්මාන ත්‍රිත්වය දිනා ගැනීමට ද First Capital සමාගම සමත් වීම විශේෂත්වයකි.

SLIM Brand Excellence සම්මාන උළෙල මෙරට සන්නාමවල විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර, එහි දී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලංකාව තුළ සන්නාමයකට හිමි කර ගත හැකි ඉහළ ම ජයග්‍රහණය ලෙස හඳුන්වා දිය හැකිය. මෙම සම්මානය හිමි කර ගැනීමත් සමඟ, SLIM Brand Excellence සම්මාන ඉතිහාසයේ ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගෙන ඇති කීර්තිමත් සමාගම් කිහිපය අතරට ඇතුළත් වීමට First Capital සමාගම ද සමත් වූ අතර, එය මෙරට ව්‍යවසායකත්වය පෝෂණය කරමින්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිත ව First Capital සමාගම ලබා දෙන සුවිශේෂී සේවාව අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාම සඳහා මනා උත්තේජනයකි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින්, First Capital සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, “මෙවර SLIM Brand Excellence සම්මාන උලෙළේ දී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය ඇතුළු ව සම්මාන 4කින් පිදුම් ලැබීම First Capital සමාගම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. පසුගිය දශක හතරක කාලය තුළ, First Capital සමාගම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සමාගමක් ලෙස ස්ථාන ගත වීමට සමත් වුණු බව පැවසිය යුතු ම කරුණක්. ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලාංකික ජනතාවට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ගුණාත්මක බවින් ඉහළ මූල්‍ය සේවා රැසක් අපි හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් සිදු වන වෙනස් වීම්වලට සාර්ථක ව අනුගත වෙමින්, ඒ සඳහා සරිලන නවතම විසඳුම් හඳුන්වා දීමට First Capital සමාගම කැප වන බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

 වැඩි දුරටත් අදහස් දක්වමින් වීරසේකර මහතා පැවැසුවේ, “First Capital සමාගම ඩිජිටල්කරණය වැළඳ ගනිමින්, ආයෝජනය හා ආයෝජන කළමනාකරණය වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදු කිරීමට ඩිජිටල් මූල්‍ය සේවාවන් හඳුන්වා දීම හරහා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදි ලෙස ආමන්ත්‍රණය කිරීමට සමත් වී තිබෙනවා. පවතින වෙළෙඳපොළ තත්ත්වයට නිවැරදි ව අනුගත වෙමින්, ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් භාවය වර්ධනය කිරීම වෙනුවෙන් කැප වීම, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස First Capital සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව පැවසිය යුතුමයි. ඒ වගේම අනාගතයට සරිලන සහ අභියෝගයන්ට ඔරොත්තු දෙන මූල්‍ය සේවා හඳුන්වා දීම හරහා ශක්තිමත් මූල්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම වෙනුවෙන් First Capital සමාගම නිරන්තරයෙන් කැප වෙනවා. එමඟින් ජනතාවගේ පෞද්ගලික ආර්ථිකය සහ ජාතික ආර්ථිකය සවිමත් කරමින්, නවෝත්පාදන හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ආයෝජන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට First Capital සමාගම අරමුණු කරන බවත් පැවසීමට කැමතියි. First Capital සමාගමේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුණු අපගේ කණ්ඩායම ඇතුළු සියලු පාර්ශ්වවලට මගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔවුන් සියලු දෙනාගේ කැප වීම සහ ධනාත්මක ආකල්ප අප ලබා ගත් මෙම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වුණා.” යනුවෙනි.

මෙහි දී අදහස් දැක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ගාමික ද සිල්වා මහතා පැවසුවේ, “First Capital සමාගමට 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය ඇතුළු ව සම්මාන 4ක් දිනා ගැනීමට හැකි වීම ගැන සිහිපත් කරන්නේ ඉමහත් සතුටින්. මෙම ජයග්‍රහණය, සමාගමේ දශක 4ක විශිෂ්ට ගමන් මඟේ දී තිරසාර මෙන් ම සවිමත් සන්නාමයක් ගොඩනැඟීම වෙනුවෙන් අපගේ අති දක්ෂ කණ්ඩායමේ කැප වීමට හොඳ ම උදාහරණයක්.  මෙම ඇගයීම අපට මහත්  ආඩම්බරයක් බවත්, එය අපගේ සාමූහිකත්වයේ අග්‍ර ඵලය බවත් පැවසිය යුතු ම යි. ඒ වගේම මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අප පෙන්නුම් කළ විශිෂ්ටත්වය අඛණ්ඩ ව පවත්වා ගැනීමට වගේ ම නවෝත්පාදනය හා නිර්මාණශීලීත්වය තුළින් සාර්ථකත්වය කරා යන ගමන් මඟේ දී අප ගරු කරන මූලික වටිනාකම් ආරක්ෂා කිරීමට අප නිරන්තරයෙන් කැප වන බව මම මේ අවස්ථාවේ දී අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

 2024 වසරේ SLIM Brand Excellence සම්මාන උළෙලේ දී සුවිශේෂී සම්මාන 4ක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳ ව සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන් යුතු ව බව First Capital සමාගමේ අලෙවි ප්‍රධානී රන්දිනිත් මදනායක මහතා පැවසීය.  “මෙම ඇගයීම අපගේ සන්නාමයේ අඛණ්ඩ විශිෂ්ටත්වය මෙන් ම ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරනවා.  ‘Performance First’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන First Capital සමාගම, ශ්‍රී ලාංකික ජනතාවගේ විවිධාංගීකරණය වූ මූල්‍ය අවශ්‍යතා සඳහා තරඟකාරී මෙන්ම සාර්ථක විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත්, ඒ හරහා ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් භාවය දිනෙන් දින වර්ධනය කිරීමට අපට හැකි වී ඇති බවත් පැවසීමට කැමතියි. වර්තමානය වන විට ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ආයෝජන ක්ෂේත්‍රය කෙරෙහි ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය සහ ආකර්ෂණය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. ඒ සඳහා සරිලන විසඳුම් ලබා දෙමින්, විශ්වසනීය සහ වඩාත් පහසු  සේවාවක් ලබා දීමට First Capital සමාගමට හැකි වීම පිළිබඳ ව අපි ආඩම්බර වෙනවා.  First Capital සන්නාමයේ අති විශිෂ්ට අලෙවි කණ්ඩායමේ නියමුවා වශයෙන්, එම කණ්ඩායම මෙහෙයවීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙනවා.” යනුවෙන් මදනායක මහතා වැඩි දුර අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

 First Capital සමාගම පිළිබඳ ව

 ස්ථාවර, තරඟකාරී මෙන් ම පාරිභෝගික තෘප්තිමත් භාවයෙන් සපිරි සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැප වන First Capital සමාගම,  ‘ප්‍රථමයෙන් සාර්ථකත්වය’ යන තේමාවට අනුකූල ව ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමකි. කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත First Capital සමාගම, වෙළෙඳපොළ අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දෙමින්, මෙරට ජනතාව වෙත සුවිශේෂී සේවාවක් ලබා දෙයි. ඩිජිටල්කරණය හරහා සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව හා සේවාවන් වෙත ප්‍රවිෂ්ට වීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් කැප වන First Capital සමාගම, ඒ හරහා ගනුදෙනුකරුවන් වෙත අසම සම අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.   

ප්‍රාථමික අලෙවි කරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, ප්‍රාග්ධන කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන First Capital සමූහය, කීර්තිමත් Brand Finance ආයතනය   විසින් ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වටිනා ම සන්නාමය ලෙස අඛණ්ඩ ව වසර 2ක් නම් කරනු ලැබීම විශේෂත්වයකි.

ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිත ව විසඳුම් සැපයීම පිළිබඳ ව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, ශ්‍රී ලංකාවේ ලැයිස්තු ගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන අතර, එම සමාගම,  LRA වෙතින් [SL] A ශ්‍රේණිගත කිරීම ලබා ඇත.

First Capital සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රාජේන්ද්‍ර ත්‍යාගරාජා (සභාපති), මංජුල මැතිව්ස් (උප සභාපති), ඩිල්ෂාන් විරසේකර (කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී), රමේෂ් ෂාෆ්ටර්, කුඩා හේරත්, ඉනෝෂිනි පෙරේරා, රචිනි රාජපක්ෂ සහ දිලේන්ද්‍ර විමලසේකර යන කීර්තිමත්  වෘත්තිකයින්ගෙන් සමන්විත වේ.

Share

You may also like...