DIVA දිරිය සන්නාමය SLIM Brand Excellenceහිදී වසරේ විශිෂ්ටතම නව පිවිසුම් සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වෙයි
Hemas Consumer Brandsහි, වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ, දිවයිනේ ප්‍රමුඛතම ගෘහස්ත සත්කාරක සන්නාමයක් වන ‘Diva’ සන්නාමයේ එක් උප වෙළඳ සන්නාමයක් වන, ‘Diva දිරිය’ සන්නාමය, 23වන SLIM Brand Excellence සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ටතම නව සන්නාම පිවිසුමට හිමි ලෝකඩ සම්මානය දිනා ගනිමින් එහි විශිෂ්ටත්වය තහවුරු කිරිමට සමත් විය. ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්රයෙහි ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ලද මෙම ගෞරවනීය සම්මානය, Diva දිරිය සන්නාමය ඔස්සේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට සිදු කළ වටිනා මෙහෙවර පිළිබඳව අවධාරනය කරයි.
අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දී දියත් කරන ලද Diva දිරිය සන්නාමය තුළින් ගුණාත්මකබවින් යුත් සහ දැරිය හැකි මිල ගණන්වලින් නිෂ්පාදන වෙළඳපළට සැපයීමට ඔවුන් සතු කැපවීම පෙන්නුම් කරන ලදී. Diva සන්නාම අරමුණට අනුව යමින්, නිවසේ ආර්ථික ශක්තිය සහ සහයෝගීතාවය වැඩිදියුණු කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් සඳහා විශ්වාසනීය ගෘහසත්කාරක නිෂ්පාදන පෙළක් අඛණ්ඩව සැපයීමේ අරමුණින් Diva දිරිය රෙදි සෝදන කුඩු වෙළඳපොලට හඳුන්වා දුණි.
Hemas Consumer Brands හි අලෙවි අධ්යක්ෂ ශියාන් ජයවීර මහතා, මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් “Diva” සන්නාමය සඳහා මෙසේ වටිනා සම්මානයක් හිමිවීම අපට මහත් ගෞරවයක්. උප සන්නාමයක් ලෙස “Diva දිරිය” මඟින්, පවුලේ රෙදි සේදුම් අවශ්‍යතා වෙනුවෙන් දැරිය හැකි මිලකට, ගුණාත්මක නිෂ්පාදන ලබා දෙමින් සන්නාමයේ පොරොන්දුව පවත්වා ගැනීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමය වන Diva, ශ්‍රී ලාංකිකයින්ගේ ජිවිත ගුණාත්මක ලෙස බලගැන්වීමට කැප වී සිටින අතර, නවෝත්පාදනයන් තුළින් සැමට මිල දී ගතහැකි පරිදි නිෂ්පාදන සැපයීමට ද කටයුතු කරනවා. මෙම සම්මානය අප කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය පිළිබඳ හොඳ සාක්ෂියක් වන අතර මෙම සහයෝගය වෙනුවෙන් අප හදවතින්ම ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.
නිතර වෙනස්වන වෙළඳපල තත්වයන් සහ පාරිභෝගික අවශ්‍යතාවලට අනුව අනුවර්තනය වීමට Diva සතු හැකියාව, Diva දිරිය උප සන්නාමයේ මෙම සාර්ථකත්වය තුළින් මනාව පිළිබිඹු කරයි. Diva දිරිය සන්නාමය මෙලෙස ගුණාත්මකබවින් පොහොසත් සිය නිෂ්පාදන, දැරිය හැකි මිලකට අලෙවි කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගික ප්‍රජාවට ශක්තියක් වීමට ඉදිරියටත් කටයුතු කරයි.
Hemas Consumer Brands සමාගම පිළිබඳව
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.
Recent Comments