AMW සමාගම සහ Yamaha Motor Japan සමාගම Sri Lanka Technician Grand Prix 2024 සඳහා සත්කාරකත්වය දරයි

Associated Motorways (AMW) සමාගම සහ ජපානයේ Yamaha Motor සමාගම විසින් මෙරට ප්‍රථම වරට පැවැත් වූ Sri Lanka Technician Grand Prix 2024 සඳහා සිය සත්කාරකත්වය සපයන ලදී. Yamaha යතුරුපැදි සහ ස්කූටර් කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මෙම අවස්ථාව මඟපෙන්වනු ලැබීය. දිවයින පුරා සිටින Yamaha කාර්මික ශිල්පීන්ට  ‘ශ්‍රී ලංකාවේ හොඳම Yamaha කාර්මික ශිල්පියා’ යන කිරුළ වෙනුවෙන් තරඟ වදිමින් ඔවුන්ගේ දක්ෂතා සහ විශේෂඥතාව ප්‍රදර්ශනය කිරීමට මෙම Sri Lanka Technician Grand Prix 2024 වටිනා අවස්ථාවක් විය.

Sri Lanka Technician Grand Prix 2024 තරඟාවලිය Yamaha World Technician Grand Prix හි එක් අදියරක් ලෙස පැවැත්වෙන අතර, ලොව පුරා සිටින කාර්මික ශිල්පීන් ‘ලොව හොඳම Yamaha කාර්මික ශිල්පියා’ යන කීර්තිමත් නාමය වෙනුවෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලබයි. මෙම ගෝලීය වේදිකාවේ ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් AMW සහ Yamaha සමාගම් විසින් Sri Lanka Technician Grand Prix සෑම වසර 2කට වරක් පැවැත්වීමට අපේක්ෂා කරයි.

ප්‍රායෝගික පුහුණුව ඇතුළුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පුරා මෙම තරඟාවලිය පැවති අතර එහිදී සැබෑ ලෙසම තාක්ෂණික ශිල්පීන්ට සිය තාක්ෂණික ප්‍රවීණතාව පෙන්නුම් කිරීමට අවස්ථාව සලසා දීම සිදුවිය. කාර්මික ශිල්පීන් විදුලි සැපයුම් ආශ්‍රිත ගැටළු හඳුනාගෙන Yamaha Diagnostic Tool භාවිතා කරමින් වාහනවල ගැටළු විනිශ්චය හා ඒවා විසඳීමේ  හැකියාව ද ප්‍රදර්ශනය කළහ. මෙම කාර්මික ශිල්පීන් සපයන සේවාවන්ගේ තෘප්තිමත්බව හා විශ්වාසය තහවුරු කරන ඔවුන්ගේ වෘත්තීයභාවය හා පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සන්නිවේදන හැකියාව පරික්ෂා කිරීම මෙම වැඩසටහනේ අවසන් අදියරේ දී සිදු කරන ලදී.

Associated Motorways (AMW) සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ බොන්තුයිස් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ, “Sri Lanka Technician Grand Prix යනු AMW සහ Yamaha යන සමාගම්හි තාක්ෂණික ශිල්පීන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කිරීමට මෙන්ම අපගේ පාරිභෝගිකයන් වෙත ගුණාත්මක සේවයක් සැපයීමට අවශ්‍ය දක්ෂතා පෝෂණය කිරීමේ අප සතු කැපවීම පෙන්නුම් කරන අවස්ථාවක් ලෙසයි. තවද, ශ්‍රී ලංකාවේ දක්ෂයින්ට ගෝලීය වේදිකාවක තම දක්ෂතා ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් වන බවට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් හෙතෙම වැඩි දුරටත්  ප්‍රකාශ කළේය.

Yamaha සමාගමේ ජාත්‍යන්තර වෙළඳපොළ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ශිගෙඕ උචියාමා මහතා සඳහන් කළේ, “අපගේ කාර්මික ශිල්පීන්ගේ සාර්ථකත්වයට අවශ්‍ය දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීමට Yamaha සමාගම සෑම විටම කටයුතු කරනු ලබන  බවයි. එසේම ඔවුන්ට ලැබිය යුතු නිසි පිළිගැනීම ලබා දීමටද අප නිරතුරුව කටයුතු කරනවා. ඒ නිසාවෙන්ම Yamaha හි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අපගේ ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා තාක්ෂණ ශිල්පීන් වෙනුවෙන් පවත්වන Sri Lanka Technician Grand Prix 2024 තරඟය වේදිකාවක් සපයනු ලබනවා” යනුවෙනි.

Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස, AMW සමාගම ඉහළ දක්ෂතා ඇති කාර්මික ශිල්පීන්ගෙන් සමන්විත ශක්තිමත් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කිරීමට කැප වී සිටියි. එය ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි සහ ස්කූටර් අලෙවියෙහි සාර්ථකත්වයට පාදක වූ අතර එය පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට සහ සමාගමේ කීර්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබේ.

Sri Lanka Technician Grand Prix විසින් මෙරට අනෙකුත් තාක්ෂණික තරඟ සඳහාද නවතම ප්‍රමිතියක් සකස් කර ඇති අතර Yamaha සමාගමෙහි තාක්ෂණික කණ්ඩායම්වලට විශිෂ්ට සහ අනන්‍ය වූ සංස්කෘතියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. මෙවැනි තරඟ හරහා AMW සහ Yamaha සමාගම් ඔවුන්ගේ ශ්‍රම බලකාය සඳහා ආයෝජනය කරනවා පමණක් නොව ගෝලීය වශයෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග සඳහා ඔවුන් සූදානම් කිරීම සිදු කරයි. මෙමඟින් AMW සහ Yamaha සමාගම් ඔවුන්ගේ පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට ගෝලීය මට්ටමේ විශේෂඥ දැනුම සහ සේවා සැපයීම සඳහා වන ඔවුන්ගේ දැක්ම හා කැපවීම තවදුරටත් පෙන්නුම් කරයි.

Share

You may also like...