වැඩිදියුණු කරන ලද සේවා පහසුකම් සමඟින් ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව යළි විවෘත වේ

සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා සහභාගී වූ අතර පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට සමාගම දරන උත්සාහය මෙහිදී මනාව පිළිඹිබු විය.

අවසානයි.

විශේෂ ආරාධිත අමුත්තන් උත්සවයට සපැමිණීම
අලුතින් ආරම්භ කරන ලද මැදවච්චිය ශාඛාවේ සේවකයින්
ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා උත්සව සභාව අමතමින්
ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ උත්සව සභාව අමතමින්

අවසානයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී පිළිබඳ:

1994 වසරේදී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කරන ලද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ්) වසර 30ක කාලය තුළ රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවොත්පාදකයෙකු මෙන්ම ජනප්‍රියතම සන්නාමයක් බවට පත්ව ඇත. දීප ව්‍යාප්ත ශාඛා 80ක් සහ පාරිභෝගිකයින් වෙනුවෙන් කැපවූ ඇමතුම් මධ්‍යස්ථානයක්ද සමාගම සතුව පවතී. “ජීවිත නඟාසිටුවීම සහ සිහින සවිබල ගැන්වීම” යන අරමුණ පෙරදැරිව සිය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් ඔබ්බට සේවාවක් ලබා දෙමින් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට ජනශක්ති ලයිෆ් කැපවී සිටී. තවද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශවල සිය මෙහෙයුම් කටයුතු සිදුකරන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රකාශ් ෂාෆ්ටර්, රවී ලියනගේ, රමේෂ් ෂාෆ්ටර්, වරිනි ද කොස්තා, අන්නිකා සේනානායක, සිවක්‍රිෂ්ණරාජා රෙන්ගනාදන්, ආචාර්ය. නිශාන් ද මෙල්, ආචාර්ය ගෙහාන් ගුණතිලක සහ දිලිප් ද එස්.විජයරත්න යන අය ඇතුළත් වේ. 

Share

You may also like...