Clogard වෙතින්මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව උතුරේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන  Clogard, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) සමඟ එක් වී,දත් කුහර වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා පාසල් දරුවන් හට මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩව සිදු කරයි. මෙම වැඩසටහන් මාලාව Clogard මගින් වසර 10කට අධික කාලයක් පුරාවට  පවත්වනු ලබන අතර, එය ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන්ට යහපත් මුඛ සෞඛ්‍යයක් සාධනීය මට්ටමකින් පවත්වා ගැනීමට උපකාර වෙයි.

මෙම වැඩසටහන් මාලාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන අතර යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳ මනා අවබෝධයක් දරුවන් හට ලබා දීම සිදුවේ. ජිවිත කාලය පුරාවටම සෞඛ්‍ය සම්පන්න පුරුදු දරුවන් තුළ ඇති කිරීම සඳහා මෙම අධ්‍යාපනික ප්‍රවේශය ඉතාම වැදගත් වේ. මීට අමතරව, මෙම වැඩසටහන මඟින් සියලුම ප්‍රාථමික පාසල් සිසුන් සදහා නොමිලේ දන්ත පරීක්ෂාවන් ද ලබා දේ. වැඩිදුර පරීක්‍ෂණ අවශ්‍ය වන දරුවන් MOH වෙත යොමු කරනු ලබන අතර වෛද්‍ය උපදෙස් මත, නිසි ප්‍රතිකාර සිදු කරයි.

මුඛ සෞඛ්‍ය ගැටලු වඩාත් බරපතල අවස්ථාවට පත්වීමට ප්‍රථම හඳුනා ගැනීම Clogard හි මෙම වැඩසටහන් මාලාවේ මූලිකම අරමුණයි. මෙලෙස කල්ඇතිව දන්ත සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීමෙන්, දරුවන්ට දිගුකාලීනව වඩා හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙයි. පසුකාලීනව ඇතිවන බරපතල දන්ත ගැටලු වළක්වා ගැනීම සඳහා මෙම මුලපිරීම ඉතා වැදගත් වේ. මෙම වසරේ, Clogard මගින් මෙම වැඩසටහන් මාලාව උතුරු ප්‍රදේශයේ ළමුන් 5000කට අධික සංඛ්‍යාවක් වෙත සිදු කිරීමට අරමුණු කර ඇත. රට පුරා සිටින දරුවන්ගේ මුඛ සෞඛ්‍යය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ ස්ථිර අදිටනින් Clogard මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබයි.

දීර්ඝ කාලයක් පවතින විශ්වාසනීය මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන Clogard සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාව මගින් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම සහ සම්පත් රටේ සෑම දරුවෙකුටම ලබා දීමට කටයුතු කරමින් පවතී.

දත් කුහරවලින් තොර ජාතියක් නිර්මාණය කිරීම සදහා, ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමට Clogard තුළ පවතින අඛණ්ඩ අදිටන මෙම වැඩසටහන් මාලාව මගින් මනාව පිළිබිඹු වේ. අධ්‍යාපනික වැඩසටහන්, සෞඛ්‍ය පහසුකම් ආදිය සවිබල ගැන්වීම තුළින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් දැයට දායාද කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි.

Share

You may also like...