රාජා ජුවලර්ස්  “Be yourself” වැඩසටහන හරහා කාන්තාවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Be Yourself’ තේමාව යටතේ විශේෂ රන් ආභරණ වට්ටම් වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ නම් ස්වර්ණාභර්ණ ක්ෂේත්‍රයේ නියුතු සිය කාර්යය වෙනුවෙන් කැපවීමෙන් හා ආශාවෙන් කටයුතු කරන, දක්ෂතාවලින් පරිපුර්ණ වු දිරිය කාන්තාවන් ඇගයීමයි.

මෙම වැඩසටහන පිළිබඳව රාජා ජුවලර්ස් හි අධ්‍යක්ෂිකා රන්මිණි එළියපුර මෙසේ සිය අදහස් දැක්වීය. “‘Be Yourself’ යනු 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රාජා ජුවලර්ස් අපගේ කාන්තාවන්ගේ නීර්භීතකම, නොනවතින උනන්දුව හා කැපවීම ඇගැයිමට ලක්කිරීම වෙනුවෙන් ආරම්භ කරනු ලැබූවක්. සෑම කාන්තාවක්ම නිරතුරුවම තමා තුළ පවතින අසමසම ගුණාංගයන් ප්‍රයෝජනයට ගතයුතු අතර, එය ඇයගේ අභිලාෂයන් හඹායෑමේ ආරම්භයයි. එහිදි, ඇය සතුව පවතින දක්ෂතාවන් දියුණු විය යුතුබව අපි තරයේ විශ්වාස කරනු ලබනවා. සමාජ ඒකාකාරිත්වය බිඳදමමින්, වගකිම් දරාගනිමින් ඉදිරියට පැමිණෙන කතුන් වෙනුවෙන් රාජා ජුවලර්ස් නිරතුරුවම දායකත්වය සපයනු ලබනවා. අපගේ මෙම වැඩසටහනේ මුලික අපේක්ෂා වන්නේ ද, ශක්තිමත් කතුන්ට මැනවින් ඔප දැමූ දිදුළන ආභරණයක් මෙන් බැබළිමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි.”

පසුගියදා ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කෙරෙහි දැඩි ඇල්මක් දක්වන කාන්තාවන් වෙනුවෙන්ම සංවිධානය වු අතර, මෙහිදි අන්තර්ක්‍රියාකාරී ජායාරූප කුටියක් අන්තර්ගත වු අතර එමඟින් පාරිභෝගිකයින්ට සිහිවටනයක් ලෙස තබාගත හැකි පරිදි ක්ෂණික ජායාරූප ලබාගැනීමටද අවස්ථාව හිමිවිය. මෙම වැඩසටහනේ තවත් කොටසක් ලෙස රාජා ජුවලර්ස් ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරිම, සැලසුම් කිරිම, අත්කම් නිර්මාණය මෙන්ම විකුණුම් හා පාරිභෝගික සේවාවන් ඇතුළු විවිධ අංශවලට අනුයුක්තව කටයුතු කරනු ලබන අතිදක්ෂ කාන්තාවන්ගේ අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ විඩීයෝවක් නිකුත් කිරිමද සිදුවිය. මෙම වීඩියෝව හරහා කාන්තාවන් තම අරමුණ වෙනුවෙන් කටයුතු කරන ආකාරය හා ඔවුන්ටම ආවේණීක ස්වර්ණාභරණ ශෛලින් පිළිබඳ ද අදහස් දක්වන ලදී. එසේම රාජා ජුවලර්ස් තම සමාජ මාධ්‍ය අනුගාමිකයින් හා සේවාදායකයින්ටද තම සිහින හඹායෑමේ ආශාව ප්‍රදර්ශනය කරන ජායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකරමින් මෙම වැඩසටහන සහභාගි වන ලෙසද ආරාධනා කරන ලදී. ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතවන කාන්තාවන් තුළ පවතින විවිධත්වය හා ඔවුන් සතු ශක්තිය සැමරීම උදෙසා පුළුල් පරාසයක ස්වර්ණාභරණ පෙළක් ඉදිරිපත් කරමින් සෑම කාන්තාවකගේම රන් ආභරණ අවශ්‍යතාව සපුරාලීමට රාජා ජුවලර්ස් නිරතුරුවම කැපවී සිටියි.

මෙම කාලසීමාව පුරාවට Paragon – Diamond Jewellery එකතුව සහ Opera Work Wear Jewellery එකතුව සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ, තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාරික සැලසුම් සමඟින් ලබා ගත හැකිය.එසේම  බම්බලපිටිය, මීගමුව සහ මහනුවර පිහිටි රාජා ජුවලර්ස් ප්‍රදර්ශනාගාර තුන හරහා මෙම වට්ටම් මිල ගණන් යටතේ ආභරණ මිලට ගැනිමේ හැකියාව පවතියි.

Paragon – Diamond Jewellery එකතුව හුදෙක් සෞන්දර්යාත්මක අලංකාර පිණිස පමණක් නොව එය ආදරය, කැපවීම හා සදාකාලිකත්වයේ සංකේතය ලෙසද සැලකිය හැකිය. මෙම දියමන්ති ගලෙහි නාමය “ඇඩමස්” යන ග්‍රීක වචනයෙන් බිඳී ආවකි. එහි අර්ථය නම් “පරාජය කළ නොහැකි” යන්නයි. මෙම සංකේතාත්මක අර්ථය මඟින් දියමන්තිය සදාකාලික ආදරය පිළිබඳ ඓතිහාසික අනුස්මරණයක් ලෙස හැඳින්වීය හැක. මෙම පැරණිතම දියමන්ති ඉන්දියාවෙන් සොයාගනු ලැබුවේ ක්‍රි.පූ 4 වන සියවසේදී වුවද, මෙම දියමන්ති වලින් ලාබාලතම දියමන්තිය වසර මිලියන 900 කට පෙර පිහිටුවන ලදී.  රාජා ජුවලර්ස් හි දැනට පවතින එකතු කිරීම්වලට, අතිවිශිෂ්ට අත්කම් නිර්මාණ ලබා දෙන සදාකාලික සුන්දරත්වයෙන් යුත්, සිත් ඇදගන්නා සුළු “පැරගන්” දියමන්ති ආභරණ මෝස්තරවලට මාල, වළලු සහ කරාබු මෙන්ම අනෙකුත් අලංකාර කොටස් ඇතුළත් වේ. මෙම එකතුව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට සුවිශේෂී ආභරණවල අලංකාරත්වය විදහා දක්වන එකතුවක් අත්විඳීමේ අවස්ථාවක් ද ලබා දෙයි.

මීට අමතරව, “Opera” Work Wear ස්වර්ණාභරණ එකතුව වර්ණ ගල්, නිල් මැණික් සහ දියමන්ති වලින් ලබා ගත හැකිය.  එය සෞන්දර්යාත්මක වශයෙන් ප්‍රසන්න වන අතර රැකියාවට යන කාන්තාවන් තුළ ප්‍රසන්න පෙනුමක් ඇතිකිරීමට සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට ද උපකාරි වේ. කාන්තා වෘත්තිකයින් වෙනුවෙන්ම මනාව සකසන ලද Work Wear ආභරණ එකතුව හරහා සිය ජිවිතයේ සුවිශේෂි කඩඉම් සැමරීමට දිරිමත් කරනු ලබන සුඛෝපභෝගී සැරසිලි රාශියක් ඇතුළත් වේ.

දශක නවයක අධික කාලයක් පුරා, රාජා ජුවලර්ස් සැමවිටම ශ්‍රී ලාංකීය සංස්කෘතිය අගය කරන සන්නාමයක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයකි. දියමන්ති , වටිනා ලෝහ වර්ග,මැණික් ගල් භාවිතා කර නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීමට රාජා ජුවලර්ස් නිරතුරුවම කටයුතු කරනු ලබයි. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද ස්වර්ණාභරණ දේශියව හා විදේශීවද අලෙවි වෙි.තවද සියලු වයස් කාණ්ඩවලට ගැලපෙන පරිදි වඩාත් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් ආකර්ෂණීය මෝස්තර නිර්මාණ රැසක් සමඟින් දිගුකාලීන පාරිභෝගික විශ්වාසය සනිටුහන් කරගැනීමට රාජා ජුවලර්ස් සමත් වී තිබෙි.

රාජා ජුවලර්ස්හි අතිවිශාල අනර්ඝ ආභරණ එකතුව පිලිබදව වැඩි විස්තර www.rajajewellers.com, වෙබ් අඩවියට පිවිස හෝ https://www.facebook.com/Rajajewellers.lk/, Facebook පිටුව හරහා මෙන්ම https://www.instagram.com/rajajewellers.lk.  Instagram පිටුව තුළින් ද ලබාගත හැකිය.

Share

You may also like...