ක්ලෝගාඩ් වෙතින් ‘පංච ශක්ති’ දන්තාලේපය හඳුන්වා දෙයි

මෙරට ජනතාවගේ විශ්වාසය දිනූ මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් වෙතින්, බහුවිධ ප්‍රතිලාභ ලබා දෙන  සිය නවතම දන්තාලේප නිෂ්පාදනය වන ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණි.  සියයට සියයක් දේශීය නිෂ්පාදනයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති, පාරිභෝගිකයින්ගේ සර්වකාලීන අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් නිපදවා ඇත. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන, භාවිත කරන්නන්ට බහුවිධ ප්‍රතිලාභ ලැබෙන අයුරින් මෙන් ම ඕනෑ ම වයස් කාණ්ඩයකට ගැළපෙන අයුරින් නිපදවා ඇති ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය ස්වාභාවික තෙල්වල යහගුණයෙන් පෝෂණය වී ඇති අතර, එමඟින්  යහපත් මුඛ සෞඛ්‍යයක් ගොඩනංවයි.  ‘පංච ශක්ති’ යන සංස්කෘත වචනයේ සිංහල අරුත වන්නේ ‘පස් වැදෑරුම් බලය’ යන්න වන නමුදු, මෙම නිෂ්පාදනය මගින් ලැබෙන ප්‍රථිලාභ අසීමිත ය.

ක්ලෝගාඩ් පංච ශක්ති, ආයුර්වේදයේ මෙන් ම හෙළ වෙදකමේ ද මුඛ රෝග සඳහා භාවිත කරන ඉරිමේදාදී තෙල්වලින් යුක්ත වේ.  ඉරිමේදාදී තෙල් දේශීය ඖෂධ  23 ක එකතුවෙන්  සකසන වටිනා ඔසුවකි.

දත් කුහර, දත්වල විශද ලප වර්ධනය, විදුරුමස් ආශ්‍රිත ගැටලු, මුඛයේ දුර්ගන්ධය සහ දත් දුර්වර්ණ වීම යන මුඛය ආශ්‍රිත ප්‍රධාන ගැටලු 5 කට එරෙහිව සටන් කරන ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය මඟින් ලබා දෙන බහුවිධ ප්‍රතිලාභවලට අමතරව, එහි අඩංගු ප්‍රියජනක, ශාකසාර සහිත, ඖෂධීය රසය මගින් මුඛයට සහනයක් හා නැවුම් බවක් ලබා දෙයි.

ක්ලෝගාඩ් ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙම නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ” ක්ලෝගාඩ්  හැම විට ම මේ රටේ පාරිභෝගික ජනතාවගේ මුඛ සත්කාරක අවශ්‍යතා ගැන ඉතා හොඳ අවබෝධයකින් යුතුව විසඳුම් සපයන සන්නාමයක් විදියට හඳුන්වා දුන්නොත් මම නිවැරදියි. වර්තමානයේ පාරිභෝගික ජනතාව  සෞඛ්‍ය ගැන අතිශයින් සැලකිලිමත් වන බවත්, ඒ නිසා ම  භාවිත කරන ආහාර සහ නිෂ්පාදන ගැන ඔවුන් දැඩි සැලකිල්ලක් දක්වන බවත් අප සිදු කළ සමීක්ෂණ මගින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ නිසා ම ඔවුන් මුඛ හා දන්ත සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන දන්තාලේප ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේ ම මුඛ සෞඛ්‍ය ගැටලු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා බොහෝ දෙනෙක් මුළු පවුලට ම සරිලන නිෂ්පාදනයකට වඩාත් කැමැත්තක් දක්වන බවත් අපි අවබෝධ කරගෙන තිබෙනවා. මේ සියලු ම දත්ත ගැන සලකා බලල, එම සියලු ම අවශ්‍යතා සඳහා විසඳුමක් විදියට අපි ක්ලෝගාඩ් පංච ශක්ති නිෂ්පාදනය හඳුන්වා දීමට කටයුතු කළා. ඒ වගේ ම ක්ලෝගාඩ් පංච ශක්ති නිෂ්පාදනය මුළු පවුලට ම ගැළපෙන අද්විතීය නිෂ්පාදනයක් බවත් මතක් කළ යුතු ම යි.” යනුවෙනි.

ශ්‍රී ලංකාව තුළ ඖෂධීය දන්තාලේප වෙළෙඳපොළ වඩාත් පුළුල් ය. එහි දී  ප්‍රතිලාභ රැසක් ලබා දෙන දන්තාලේප සඳහා ද විශේෂ ස්ථානයක් හිමි වන අතර, එම අංශය කාලානුරූපීව වර්ධනය වන බව පෙනේ. ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය වෙළෙඳපොළට හඳුන්වා දීම තුළින්, දිනෙන් දින වෙනස් වන පරිභෝගික අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම මෙන් ම,  දේශීය දන්තාලේප සන්නාමයක් ලෙස එය ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාව සැළසෙන බව ද සඳහන් කිරීම නිවැරදිය .  Hemas E-store https://hemasestore.com/brand/clogard/ ඔස්සේ ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය ඇණවුම් කිරීමේ හැකියාව පවතින අතර, එම නිෂ්පාදනය ඕනෑ ම සිල්ලර වෙළෙඳසැලකින්, තොග අලෙවිසැලකින්, ෆාමසියකින් හෝ ප්‍රමුඛ පෙළේ සාප්පු සංකීර්ණයකින් මිල දී ගත හැකිය.

Share

You may also like...