හරිත තාක්ෂණ සංවර්ධනය තුළින් නව වටිනාකම් නිර්මාණය කරමු – Huawei හි Ryan Ding

Huawei හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්‍යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලුම තාක්ෂණික සංවර්ධකයින් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්‍රමුඛතාවයක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර සිටියි.  “Green ICT for New Value” තේමාවෙන් කතාවක් පැවැත්වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් අතර කාලසීමාවේදී, කාබන් විමෝචනය වැඩි වීම ගෝලීය ගැටලුවක් බවට පත්වනු ඇති බවත්, බලශක්ති කාර්යක්ෂමතාවය තුළින් එම ගැටලුවට විසඳුම් කඩිනමින් දියත් කළ යුතු බවත්ය.

පර්යේෂණ දත්ත වලට අනුව, ඩිජිටල් සේවා මගින් ජනනය වන data traffic ප්‍රමාණයන්, 2020 වසරට වඩා 2030 වසරේ, 13 ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයින් අදහස් කරන්නේ බලශක්ති කාර්යක්ෂමතාව සංවර්ධනය නොකළහොත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ බලශක්ති පරිභෝජනය සහ කාබන් විමෝචනය දෙතුන් ගුණයකින් වැඩි වියහැකි බවයි.  ITU ට අනුව, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) පැරිස් ගිවිසුමේ ඉලක්කය සපුරාලීමට නම්, ICT කර්මාන්තයට 2030 වන විට එහි කාබන් විමෝචනය අවම වශයෙන් 45% කින් අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

Ding මහතා පවසන පරිදි, අපි දැන් පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී සිටිනවා: වැඩි වශයෙන් කර්මාන්ත ඩිජිටල්කරණය වෙමින් පවතින බැවින්, දත්ත සඳහා ඉල්ලුම තියුනු ලෙස ඉහළ යනු ඇත, එය බලශක්ති පරිභෝජනය ඉහළ යාමට හේතු වනවා. මේ අතර, මුළු ලෝකයම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට කටයුතු කරමින් සිටින අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය ද කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කළ යුතුයි. බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ක්‍රියාකරුවන්ට තුන් ආකාරයකින් ප්‍රතිලාභ ලබා දෙනු ඇති අතර,  මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, green sites, green networks, සහ green operations යන විසඳුම් වෙත ක්‍රියාකරුවන් කඩිනමින්ම මාරුවිය යුතුයි.”

Huawei විසින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති අතර, බලශක්ති කාර්යක්ෂමතාව වඩාත් කළමනාකරණය කරමින්, ප්‍රශස්තකරණ ප්‍රතිපත්ති උත්පාදනය කිරීම සඳහා Huawei හඳුන්වා දී ඇති විසඳුම් විශේෂ වේ. මේ වන විට,  මෙම හරිත සංවර්ධන විසඳුම් රටවල් 100 කට වැඩි ගණනක ක්‍රියාකරුවන් විසින් සිය මෙහෙයුම් හා ඒකාබද්ධ කර තිබීම විශේෂ වේ. Huawei සහ හවුල්කරුවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් භාවිතයෙන් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දැනටමත් එක්ව කටයුතු කරයි. Huawei විසින් ක්‍රියාකරුවන් සමඟ සහයෝගිව වැඩ කිරීමට සහ හරිත තොරතුරු සන්නිවේදන තාක්ෂණික පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් නව වටිනාකමක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටියි. Huawei විසින් යෝජනා කරන ලද NCIe බලශක්ති කාර්යක්ෂමතා දර්ශක පද්ධතිය, ITU-T SG5 විසින් අනුමත කර ඇති අතර එය දැන් මහජන උපදේශන ක්‍රියාවලියේ පවතී.

Huawei නවෝත්පාදන සතිය ජූලි 18 සිට ජූලි 21 දක්වා චීනයේ Shenzhen හිදී පැවැත්විණි. ගෝලීය තාක්ෂණික ක්‍රියාකරුවන්, කර්මාන්ත වෘත්තිකයන් සමඟ එක්ව, Huawei විසින් ඩිජිටල් ආර්ථිකයේ හවුල් සාර්ථකත්වය අපේක්ෂා කිරීම සඳහා, 5.5G, හරිත සංවර්ධනය, පරිගණක ජාල සහ ඩිජිටල් පරිවර්තනය වැනි මාතෘකා පිළිබඳ මෙහිදී සාකච්චා පවත්වන ලදී. වැඩිදුර විස්තර සඳහා: //carrier.huawei.com/en/events/winwin-innovation-week වෙත පිවිසෙන්න.

Share

You may also like...