දත් කුහරවලින් ආරක්ෂා කරමින් මුව නැවුම් කරන නව Clogard Fresh දැන් වෙළද පොළේ

නිරෝගිමත් දත් දෙපෙළක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞරුෂය ද ඔප්නංවන්නකි.  එම නිසා ම මුඛ සත්කාරය අප දිනපතා සිදු කරන පුරුද්දක් විය යුතු අතර, අපගේ ශරීරයේ අනෙකුත් අංගයන්ට මෙන් ම මුඛ සෞඛ්‍ය වෙත  ද අවධානය යොමු කළ යුතුය. දුර්වල මුඛ සෞඛ්‍යය අපගේ ආත්ම විශ්වාසයට මෙන් ම සමාජයේ අනෙකුත් පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමේ දී අහිතකර ලෙස බලපෑ හැකි නමුත්, මෙම ගැටලු අපගේ එදිනෙදා  පුරුදු තුළින් ඉතා පහසුවෙන් විසඳාගත හැකි බව ද සිහිපත් කළ යුතු ය.

දත් කුහරවලින් ආරක්ෂා වීම සඳහා මෙන් ම  ඔබේ මුවේ නැවුම් බව ආරක්ෂා කරමින් මුවට Fresh ගතියක් ලබාදීමේ අරමුණින්, මෙරට දන්තාලේප අතර ප්‍රමුඛයා වන Clogard වෙතින් නවතම Clogard Fresh දන්තාලේපය නව වෙනසකින් යුතුව හඳුන්වා දී ඇත. 100% ක් ස්වාභාවික මෙන් ම පරම්පරා ගණනාවක් තිස්සේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා භාවිත කළ ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍යයන් වන කරාබුනැටි, මිංචි, කුරුඳු සහ සේර යන ස්වභාවික අමුද්‍රව්‍ය වර්ග 4කින් Clogard Fresh වෙළඳ පොලට පැමිණෙයි. Clogard Fresh Gel දන්තාලේපය  99%ක් දක්වා ඔබගේ මුඛයේ විෂබීජ සමඟ සටන් කරමින් මුඛය නැවුම්ව තබන අතර, දත් කුහරවලින් ආරක්ෂා කරයි.

Fresh එකේ දවසම ඉන්න කැමති ඔබ වෙනුවෙන්,  Clogard Fresh මවුත් වොෂ් ද මේ හා සමගාමීව හඳුන්වා දී ඇති අතර, එය මුව සිසිල් කරන ‘Icy Mint’ සහ කරාබුනැටි සාරය අඩංගු ‘Original’ ද්විත්ව වර්ග වලින් වෙළඳපොළට පැමිණේ. 

දේශීය වශයෙන් ගෘහාශ්‍රිතව බහුලව දක්නට ලැබෙන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවා ඇති Clogard Fresh Gel  දන්තාලේප නිෂ්පාදන පෙළ දැනට වෙළෙඳපොළේ ඇති සෞඛ්‍ය සම්පන්න මෙන් ම හොඳම තේරීම බව පැවසිය යුතු ම කරුණකි.

Clogard Fresh Gel නිෂ්පාදනය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහතිකය ද ලබා ඇත.  Clogard Fresh Gel, Hemas E-store https://hemasestore.com/brand/clogard/ වෙතින් මෙන් ම සිල්ලර වෙළෙඳසැල්, රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල්, ෆාමසි, ‍තෝරාගත් සාප්පු සහ සුපිරි වෙළෙඳසැල් යන ස්ථානවලින් ද මිල දී ගත හැකි ය. 

හේමාස් සමාගම පිළිබඳ

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) යනු මෙරට පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන  ක්ෂේත්‍රයේ විශාලත ම දේශීය ආයතනයයි. වසර 70කට අධික ඉතිහාසයකට උරුමකම් කියන හේමාස් සමාගම ශක්තිමත්, තිරසාර මෙන් ම නිරන්තරයෙන් නව්‍යකරණය වන නිෂ්පාදන සන්නාමයන් රැසක් තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගෙන සිටින ආයතනයකි. එමෙන් ම එම සමාගම දේශීය විශේෂඥයින්ගේ  සහයෝගය ලබාගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන සිය නිෂ්පාදන කළඹ හරහා පාරිභෝගික ජනතාව වෙත සෞඛ්‍ය සම්පන්න සත්කාරක නිපැයුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන ආයනයක් බව පැවසිය යුතු ම කරුණකි.

සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන හේමාස් සමාගම, කාන්තා   සනීපාරක්ෂාව ඉලක්ක කරගත්ඇයවැඩසටහන, පිළිකා රෝගීන් සඳහා දියත් කරන කුමාරිකා සොඳුරු දිරියවන්තී’ වැඩසටහන සහ බේබි ෂෙරමි වෙතින් දියත් කරන දෙමාපියන් ඉලක්ක කරගත් වැඩසටහන් වැනි සුවිශේෂී වැඩඩටහන් රැසක් දියත් කරයි. එමෙන් ම හරිත අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වන හේමාස් සමාගම  සැෂේ සංකල්පයෙන් ඉවත් වෙමින්, ඒ වෙනුවට Vivya heirloom, Dandex Handy සහ Kumarika Poddi  වැනි විප්ලවීය නව නිෂ්පාදන සංකල්පයන් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. එතුළින් තිරසාර මෙන් ම සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදාකිරීම සඳහා පෙරමුණ ගැනීම හේමාස් සමාගමේ අරමුණ යි.

Share

You may also like...