මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් DIMO ආලෝකකරණ විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන DIMO, Building Management, Fluid Management සහ General Engineering සේවා සැපයීම ඇතුලු ලොව පිළිගත් අංග සම්පූර්ණ ඉංජිනේරු සේවා විසඳුම් සැපයිමේ ප්‍රමුඛයා වී ඇත.

නවීනතම  විසඳුම් භාවිතයෙන් DIMO Lighting Solutions හරහා ආලෝකකරණය වූ ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග සහ ක්‍රීඩාංගණ ඇතුලු දැවැන්ත යටිතල ව්‍යාපෘති වලට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආලෝකකරණ විසදුම්  සැපයුම්කරු ලෙස DIMO දායකත්වය ලබා  දී ඇත.වාණිජ්‍යමය, කර්මාන්ත ක්ෂේත්‍රය හා යටිතල පහසුකම් මෙන්ම හෝටල්  ක්ෂේත්‍රයන් වැනි අංශ  වෙත ආලෝකකරණ නිර්මාණ, සැපයුම්, ස්ථාපනය, පරීක්ෂාව හා ක්‍රියාත්මක කරමින්, නිවෙස්,රැකියා ස්ථාන, ක්‍රීඩා සංකීර්ණ   වැනි පරිසරයන් තුළ ධනාත්මක වෙනස්කම් නිර්මාණය කරමින්, DIMO, ආලෝකකරණ විසදුම්  ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වේ.වාණිජ්‍යමය, වීදි,ක්‍රීඩාංගණ සහ  ගෘහනිර්මාණ ශිල්පයට අදාල  ආලෝකකරණ, සැකසුම් හා පාලන ක්‍රම සහ විශිෂ්ට ගණයේ ස්විච්ච සහ සොකට් පෙළකින් DIMO හි විසදුම් පෙළ සමන්විතය. ලොව සුපතල ජර්මානු සන්නාමයන් වන Jung, LEDVANCE (මීට පෙර OSRAM ලෙස හැඳින්වූ), RZB, Trilux සහ Vossloh Schwabe මෙන් ම ඉතාලියේ Disano වැනි යුරෝපීය සන්නාමයන් හා එක් ව, ලොව ඉහළ ම තලයේ ආලෝකකරණ විසදුම් ලබා දීමට DIMO Lighting Solutions සමත් වී ඇත.

දැනට වැඩ නිමවීමට ආසන්න ව්‍යාපෘතීන් අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි දැවැන්ත අලෝකකරණ ව්‍යාපෘතියක් වන ධාවන පථයේ භූමි ආලෝක පද්ධතීන් සැපයුම්, ස්ථාපන හා ක්‍රියාත්මක කිරීම යන කාර්යයද ඇතුළත් ය. තව ද මෙම ව්‍යාපෘතිය තුළ නව Apron floodlighting පද්ධතිය සබැඳි සැපයුම්, ස්ථාපන හා ක්‍රියාත්මක කිරීම ද අඩංගු වේ. DIMO Lighting Solutions මේ වන විට ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස floodlighting පද්ධතිය හා මාර්ග පද්ධතියේ අලෝකකරණ ක්‍රියාවලියෙහි ද සැපයුම්, ස්ථාපන හා ක්‍රියාත්මක කිරීමේ කටයුතු අරඹා ඇත. ගුවන්තොටුපළ අලෝකකරණයෙහි සිය මෙහෙවර වඩාත් පුළුල් කරමින් රත්මලාන ගුවන්තොටුපළ තුළ සරල, සූර්ය බලශක්ති LED ධාවන පථ ආලෝකකරණ පද්ධතියෙහි නිමැවුම්, සැපයුම්, ස්ථාපන, පරීක්ෂණ හා ක්‍රියාත්මක කිරීමේ කියාවලිය ද DIMO Lighting Solutions අංශය විසින් සාර්ථකව නිමකරන ලදී.

තව ද ජාතික යටිතල පහසුකම් ඉහළ ජාත්‍යන්තර මට්ටම දක්වා ගොඩනැගීම සඳහා DIMO, අධිවේගී මාර්ග සහ මරීන් ඩ්‍රයිව් ඇතුලු මාර්ග සංවර්ධන අධිකාරිය හා සැබැඳි අනෙකුත් මාර්ග පද්ධතීන් වලට ආලෝකකරණ විසදුම් සැපයීම හා අධිවේගී මාර්ගයන් හි ඩිජිටල් පුවරු සවිකිරීම යන කාර්යයන් ද ඇතුලු ව්‍යාපෘතීන් වලට සිය විශේෂඥ දැනුම ලබා දී ඇත.

එමෙන් ම, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (මින් පෙර කෙත්තාරාම ක්‍රීඩාංගණය ලෙස හැඳින්වූ), පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම තුරඟ තරඟ රග්බි ක්‍රීඩාංගණයේ හි ද floodlighting පද්ධතීන් ස්ථාපිත කිරීම හරහා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාදාමය තුළ පෙරමුණ ගෙන කටයුතු කිරීමට DIMO සමාගම ට හැකිවිය. 1991 දී ආසියානු කළාපය තුළ රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්වීම දිරිගැන්වීම උදෙසා floodlighting පද්ධතියක් හඳුන්වා දුන් පළමු ක්‍රීඩාංගණ කුලකයට ද ඇතුළත් වීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සමත්කම් දැක්වීය.

හරිත ගොඩනැගිලි සංකල්පයට අනුව ඉදිකරන ලද NSBM විශ්ව විද්‍යාල පරිශ්‍රය ද DIMO හි අති නවීන ආලෝකකරණ ක්‍රමවේදයන් ට අනුව නිමවූවක් වන අතර, මේ සඳහා විදුලි ආලෝකකරණ උපාංග 15,300ක් පමණ DIMO වෙතින් සපයා දී තිබේ. තව ද ජෝන් කීල්ස් සමූහය විසින් සිදුකරන, Cinnamon Life ව්‍යාපෘතිය සඳහා ද DIMO සිය දායකත්වය සපයනු ලැබීය. මෙම Cinnamon Life ව්‍යාපෘතිය තුළ නිවාස සහ කාර්යාල සංකීර්ණ සඳහා ද ඉතා උසස් නිමැවුමෙන් යුත්, විශිෂ්ට ස්විච්ච සහ සොකට් හා ආලෝකකරණ උපාංග ඇතුලු ආලෝකකරණ පද්ධතියක් DIMO වෙතින් සපයනු ලබයි. මීට අමතරව පෞද්ගලික අංශයේ ව්‍යාපෘති අතරින් Colombo City Centre, පාර්ක් රෝඩ් හි පිහිටි Parkland ගොඩනැගිල්ල හා කෙරවලපිටියේ පිහිටි Hemas Logistics Center යන ව්‍යාපෘතින් ද හැඳින්විය හැක.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බටත් සිය සේවාවන් ව්‍යාප්ත කරමින්, DIMO Lighting Solutions මාලදිවයිනේ පිහිටි හෝටල් 3ක් සඳහා  ගෘහස්ථ හා එළිමහන් ආලෝකකරණ උපාංග, ස්විච්ච හා සොකට් සැපයූ අතර, මේ වන විට මාලදිවයිනේ තවත් හෝටල්  2ක් සඳහා ආලෝකකරණ පාලන පද්ධති නිර්මාණය කිරීමේ කාර්යයෙහි නිරතව සිටී.

DIMO හි විධායක අධ්‍යක්ෂ ආලෝකකරණ විසදුම් අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ සිය අදහස් මෙසේ ප්‍රකාශ කරනු ලැබීය. ” ශ්‍රී ලංකාවේ නවතම යටිතල පහසුකම් ව්‍යාපෘති සහ යෝජිත වාණිජ්‍යය හා නිවාස සංකීර්ණ ගොඩනැගිලි ව්‍යාපෘති වලට කාර්යක්ෂම බල ශක්ති කළමනාකරණයෙන් යුතු ආලෝකකරණ පද්ධති අවශ්‍ය වෙනවා.  එමෙන්ම අපගේ අවධානය යොමුවී තිබෙන්නේ ගෘහස්ථ හා එළිමහන් ආලෝකකරණ විසදුම් අංශයේ මේ වන විට තිබෙන වෙළඳපොල කොටස තවදුරටත් වර්ධනය කිරීමටයි. අප සේවා දායකයන්ගේ සිහින සහ අභිලාෂයන් බල ගැන්වීමේ අරමුණින් යුතුව අනාගතයේ දී තවදුරටත් ශ්‍රී ලංකාව තුළ මෙන්ම කලාපීය වශයෙන් ද ශක්තිමත් වීමට අප අපේක්ෂා කරනවා.මේ සඳහා අපට උපකාරී වන්නේ නිර්මාණශීලි ආලෝකකරණ විසදුම් සැපයීම,ස්ථාපනය,  පරීක්ෂණ හා ක්‍රියාත්මක කිරීම මෙන්ම   ලොව පිළිගත් අලෝකකරණ නිෂ්පාදන   සැපයුම්කරුවන් හා දක්වන සමීප සබැඳියාව බව අප විශ්වාස කරනවා.”

Share

You may also like...