Toyota Lanka 2022 සුවිශේෂී දස්කම් දැක්වූ අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක් කෙරේ

Toyota වාහන සහ අමතර කොටස් ශ්‍රී ලංකාවේ තුල බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිත ආයතනය වන Toyota Lanka (පෞද්ගලික) සමාගම,පසුගියදා උණවටුන, Araliya Beach Resort & Spa හිදී සිය 14 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පවත්වන ලදී. Toyota Genuine මෝටර් ඔයිල් සහ නියම Toyota අමතර කොටස් බෙදාහරින දිවයින පුරා සිටින Toyota Lanka හි බලයලත් හවුල්කරුවන් 235 දෙනෙකුට මෙම වාර්ෂික උත්සවය සඳහා සම්බන්ධවීමේ හැකියාව ලැබුණි.

2021/2022 මුල්‍ය වර්ෂය තුළ අලෙවිය අතින් සුවිශේෂී ලෙස දස්කම් දැක්වූ අලෙවි නියෝජිතයන් හට Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා සහ Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා විසින් තිළිණ ප්‍රදානය කරන ලදී.මුදල් ත්‍යාග සහිත කාණ්ඩ හයක් සඳහා මෙවර සම්මාන පිරිනැමුණු අතර අමතර කොටස් සහ සේවා අංශයේ ඉහළම සම්මානය Auto World (Pvt) Ltd හිමි කර ගත් අතර අනුශූරතාව සමරසිංහ මෝටර්ස් සමාගමට හිමිවිය.

Toyota හි සභාපති Sachio Yotsukura මහතා මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී, “Toyota Lanka හි 14 වැනි අලෙවි නියෝජිත සමුළුව නිමිත්තෙන් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම සතුටට කරුණක්, මෙය Toyota Lanka සමාගමට ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා.මෝටර් රථ ක්ෂේත්‍රයේ  විශිෂ්ටත්වය වෙනුවෙන්  වසර ගණනාවක් පුරා Toyota Lanka සමාගම වෙත ලබා දුන් අඛණ්ඩ සහයෝගය  සඳහා  මගේ  කෘතඥතාව පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒවගේම මෙහිදී ජයග්‍රාහය ලැබූ සියලු දෙනාටම, මම සුභ පතනවා. 2023 සඳහා අපගේ ඉදිරි දැක්ම දියත් කිරීමට සියලුම කටයුතු සුදානම් කරලා තියෙනවා.”

Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා ද මෙම සමුළුව අමතමින් මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී. “මෝටර් රථ ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවයක් ගන්නවා. නමුත් වසර ගණනාවක් පුරාවට Toyota Lanka සමාගම ක්‍රමානුකූලව වර්ධනය වෙලා තියෙන බවක් දකින්න ලැබෙනවා. අනාගතයේදී ඔබ සියලු දෙනාගේ අඛණ්ඩ සහයෝගය සමඟින්, අපගේ ගණුදෙනුකරුවන්ට ලබා දී ඇති ගුණාත්මක   සේවාව තවදුරත් පුළුල් කිරීමට අපි නිරතුරුවම වෙහෙසෙනවා.”

මෙම උත්සවයේදී අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය මෙන්ම ඩිජිටල් අලෙවිකරණය භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳවද අලෙවි නියෝජිතයින්ට දැනුමක්  ලබා දෙන ලදී. තවද තම   අනාගත ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ ඔවුන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීම අරමුණු කර ගනිමින් වත්මන් සමාජ මාධ්‍ය ප්‍රවණතා පිළිබඳව ද අලෙවි නියෝජිතයන් දැනුවත් කිරීමක් මෙහිදී සිදු විය.

Share

You may also like...