MRI ක්ෂේත්‍රය තුළ ඉහළ දායකත්වයක් ලබා දෙමින්   ශ්‍රී ලාංකීය සෞඛ්‍යය පද්ධතිය DIMO තවදුරටත් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO දේශීය සෞඛ්‍යය පද්ධතිය නවතම තාක්ෂණයෙන් ශක්තිමත් කිරීමෙහි ක්‍රියාවලිය තුළ දිගුකාලීන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහකරු වන Siemens Healthineers හා එක්ව දිවයිනේ Magnetic Resonance Imaging (MRI ස්කෑන් යන්ත්‍ර) ක්ෂේත්‍රය තුළ ඉහල දායකත්වයක් ලබා දෙයි. ශ්‍රී ලාංකීය සෞඛ්‍යය අංශ වෘත්තිකයන් හට සිය රෝග විනිශ්චය ක්‍රියාවලිය තවදුරටත් හොඳින් සිදුකිරීමට එමගින් ඉඩ ප්‍රස්ථාව හිමි වේ.

පෞද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකට ම අදාල ව MRI ස්කෑනර් යන්ත්‍ර ක්ෂේත්‍රය තුල, ආසන්න වශයෙන් 41% ක දායකත්වයක් ලබා දීමට DIMO හට හැකියාව ලැබී ඇත.DIMO මඟින් ස්ථාපිත කරන ලද සියලු Siemens Healthineers MRI යන්ත්‍ර මඟින් වසරකට ස්කෑන් කිරීම් 56,160 ක ප්‍රමාණයක් සිදුවේ. තව ද, DIMO මඟින් සපයනු ලැබූ Siemens Healthineers MRI ස්කෑන් යන්ත්‍ර එහි උසස් රූපණ තත්ත්වය, කාර්යක්ෂමතාව, වේගය සහ රෝගියා වෙත ලබා දෙන පහසුව යන කරුණු සම්බන්ධව ඉමහත් කීර්තියකට පත් වී ඇත. තව ද දිවයින පුරා ස්ථාපිත සිය සියලුම MRI ස්කෑන් යන්ත්‍ර වෙනුවෙන් පැය 24 පුරා ලබාදෙන අසමසම අලෙවියෙන් පසු සේවාවක් ද මේ හරහා හිමිවේ.

ශ්‍රී ලංකා ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන රෝහල, යාපනය ශික්ෂණ රෝහල   වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොළඹ 05 යුද හමුදා රෝහල යන රජයේ රෝහල් මෙන් ම, ඩර්ඩන්ස් රෝහල, ලංකා හොස්පිටල්ස්, නවලෝක රෝහල සහ නොර්ත් සෙන්ට්‍රල් පුද්ගලික රෝහල යන පෞද්ගලික රෝහල් ද DIMO විසින් ස්ථාපිත Siemens Healthineers MRI ස්කෑන් යන්ත්‍ර වලින් සමන්විත වේ.

DIMO හි විධායක අධ්‍යක්ෂ, වෛද්‍ය ඉංජිනේරු අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා ප්‍රකාශ කර සිටියේ, “සියලුම රජයේ සහ පෞද්ගලික රෝහල් නවතම තාක්ෂණය සමඟ සිය සේවාවන් පුළුල් කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. රට පුරා සෞඛ්‍යය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට රජය වසරකට MRI ස්කෑන් යන්ත්‍ර 3 ක් හෝ 4 ක් ලබාගැනීමට සැලසුම් කරන අතර පෞද්ගලික අංශයේ වාර්ෂික MRI ස්කෑන් යන්ත්‍ර අවශ්‍යතාව දල වශයෙන් 3ක් ලෙස සටහන් වනවා. DIMO ආයතනය සියලු පාර්ශවයන්ගේ සිහින සහ අභිලාෂයන් බල ගැන්වීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන සමාගමක් ලෙස අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉහළ තලයකට ගෙන ඒමට දායක වීමට හැකි වීම ගැන අපට තිබෙන්නේ ආඩම්බරයක්” යනුවෙනි.

DIMO හි වෛද්‍ය ඉංජිනේරු අංශයට, MRI ක්ෂේත්‍රය තුල ඉහළ දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබී ඇත්තේ සිය හවුල්කරුවන් වන Siemens Healthineers වෙතින්, DIMO හි ඉංජිනේරුවන් හට ලබා දෙන පුහුණුව මෙන්ම ඔවුන්ට නවීනතම   තාක්ෂණය හා මුසුවීමේ හැකියාව නිසාය. මෙම ගෝලීය විශේෂඥ දැනුම දේශීයව ද සන්නද්ධ වී ඇති බැවින්, ගැටලු නිවැරැදි කිරීම ට ගතවන කාලය අවම කරගත හැකිවීම අතිරේක වාසියකි. 

මේ පිළිබඳ අදහස් දැක්වූ DIMO Healthcare Solutions හි සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ, “අපගේ අලෙවියෙන් පසු විශිෂ්ට  සේවාව නිසා  මෙම යන්ත්‍ර වල සුමට ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට විශාල රුකුලක් වෙනවා .පැය 24 පුරා ක්‍රියාත්මක අමතර කොටස් බෙදාහැරීමේ සේවාව හරහා දේශීය සෞඛ්‍යය ක්ෂේත්‍රය වර්ධනය කිරීම කෙරෙහි අපගේ ගෝලීය ව්‍යාපාර සහකරු වන Siemens Healthineers සිදුකරන්නේ අතිවිශාල මෙහෙයක්. Siemens Healthineers විසින් ලබාදෙන පුහුණුව හා සංවර්ධන සහය නිසා දේශීය සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙත විශිෂ්ට සේවාවක් ලබාදීමට DIMO ආයතනයට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ක්ෂේත්‍රය තුල පුහුණුව ලැබූ වැඩිම සේවක කාර්ය මණ්ඩලයක ට හිමිකම් කීමට DIMO සමත් ව තිබෙනවා.

Share

You may also like...