පාරිභෝගිකයා වෙත ඉහළම තාක්ෂණික අත්දැකීම් තිලිණ කරමින් vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිව්වන සංවත්සරය සමරයි

සිව්වන සංවත්සරය නිමිත්තෙන් සියලුම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත සිය ස්තූතිය පුද කරමින් #vivocares ආයතනික සමාජ වගකීම් වැඩසටහන දියත් කරයි

ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ සිත් ආකර්ෂණය කර ගන්නා ස්මාර්ට් විශේෂාංග රැසක් සහිත තාක්ෂණික නවෝත්පාදනයන්ගේ ජයග්‍රහණය තව දුරටත් ස්ථාවර කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිය සිව්වන සංවත්සරය සමරයි. වසර හතරක ජයග්‍රාහී ගමනේදී vivo සමාගමේ අඛණ්ඩ සංවර්ධනය සඳහා දැක්වූ දායකත්වය මූලික කොට ගමිනින්, පාරිභෝගිකයින්, හවුල්කරුවන්, සේවකයින්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාව හට සමාගම සිය ස්තූතිය පලකර සිටියි. 

දේශීය පාරිභෝගික තාක්ෂණික අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, ඒවා සපුරාලිය හැකි උසස්ම තත්වයේ තාක්ෂණික නිර්මාණ වෙළඳ පොළ වෙත ඉදිරිපත් කිරීමට vivo සමත්ව ඇත. මිල ගණන් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන vivo සමාගම වියදමට සරිලන හොඳම ස්මාර්ට් ජංගම දුරකථනයක් දේශීය පාරිභෝගිකයා වෙත පිරිනැමීමට සෑම විටම කටයතු කරයි. තවද, ‘more local, more global’ සංකල්පය මත පිහිටා දේශීය සංවර්ධනය පෙරදැරි කරගනිමින්, vivo විසින් 300කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා සපයා ඇති අතර, 2000කට අධික වෙළඳ මධ්‍යස්ථාන ජාලයක් මෙරට පවත්වාගෙන යයි. එමෙන්ම සේවා මධ්‍යස්ථාන 2 හරහා දේශීය පාරිභෝගිකයා වෙත ඉහළම සේවාවක් හිමිවේ.  පසුගියදා vivo විසින්, දේශීය පාරිභෝගිකයා වෙනුවෙන් නවතම Y53s ස්මාර්ට් දුරකථනය සහ ඔවුන්ගේ ප්‍රථම 5G දුරකථනය වන V21 5G දියත් කරන ලදී.  මෙහිදී  පාරිභෝගිකයාට වඩාත් පහසුවෙන් මෙම දුරකථන අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව සළසමින්, vivo විසින් කලින් කලට සුවිශේෂී දීමනා සහ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරයි. 

ශ්‍රී ලංකාව තුළ සිය සිව්වන සංවත්සරය සමරමින් vivo විසින් #vivocares සුවිශේෂී සමාජ සේවා සත්කාර ව්‍යාපෘතිය දියත් කරන ලදී.  මේ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා නොවැම්බර් 8 වන දින රත්නපුර දිස්ත්‍රික්කයේ ගැටහැත්ත දමිළ විද්‍යාලයට පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට vivo කටයුතු කරන ලදී.  තවද, ඩිජිටල් ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ vivo හි දිගුකාලීන අරමුණෙහි තවත් එක් සංධිස්ථානයක් පසුකරමින් මීට පෙර, ගාල්ල ඕල්කට් මහා විද්‍යාලය වෙත අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් සඳහා ස්මාර්ට් පුවරුවක් vivo විසින් පරිත්‍යාග කරන ලදී.

මේ පිළිබද අදහස් දක්වමින්,  vivo  ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන් මහතා මෙලෙස පවසයි.  “වසර හතරක කාලයක් පුරාවට දේශීය පාරිභෝගිකයා වෙත උසස්ම තත්වයේ තාක්ෂණික නිෂ්පාදන සහ සේවාවන් ලබාදීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වනවා.   පාරිභෝගික කේන්ද්‍රීය ‘සැලසුම්’ සහ ‘නවෝත්පාදනයන්’ හි මූලික සාරධර්මවලට අනුකූලව සහ එහි BENFEN දර්ශනයට අනුකූලව, නව්‍ය තාක්‍ෂණය හඳුන්වා දීමෙන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තාක්‍ෂණ ලෝකයේ නව ප්‍රවණතා ඇති කරනෙකු වශයෙන් සිය ගනුදෙනුකරුවන්ගේ ජීවිතයට තාක්‍ෂණය හරහා නව්‍ය සුව පහසුව ළගා කරවීම  vivo  සන්නාමයෙහි  මුලික මෙහෙවර වී ඇත. එබැවින් ඉදිරි කාලය තුළ වඩා යහපත් සබදතාවයන් ගොඩනැගීම උදෙසා නවීන තාක්‍ෂණය සමඟින් එන තාක්ෂණික නිෂ්පාදන හඳුන්වා දීමට  vivo කැපවී සිටිනවා. ලොව උසස්ම තාක්ෂණික අත්දැකීම් ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙත ලබා දෙමින්, ඔවුන්ගේ විශ්වාසය සහ ආදරය සමඟින් අපට ඉතා සාර්ථක ගමනක් ගමන් කිරීමට හැකි වුණා. මෙම ගමනේදී අපට සහයෝගය දැක්වූ සියලුම ගනුදෙනුකරුවන් ඇතුළු හවුල්කරුවන්ට ස්තුතියි.”

පරිශීලක පහසුව කේන්ද්‍රීය කරගත් නවෝත්පාදන සිදුකරන vivo,  දකුණු ආසියාවේ පාරිභෝගිකයින් වෙත සිය විනෝදාස්වාද අත්දැකීම් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සළසමින්, mobile hyper-causal gaming ක්‍රීඩාවක් වන Little V දියත් කරන ලදී.

දේශීය පාරිභෝගිකයා වෙත ඉහළම සේවාවක් ලබාදීම සඳහා Abans PLC, Dialog Axiata, SLT-Mobitel, Singhagiri, Daraz, BuyAbans සහ Takas.lk ඇතුලු හවුල්කරුවන් රාශියක් සමඟ වඩාත් විශ්වාසනීය දිගුකාලීන හවුල්කාරිත්වයන් පවත්වාගෙන යයි. 

vivo තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් youth-centric සන්නාමයක් ලෙස ස්ථානගත වී ඇත. එය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ දිනෙන් දින නව්‍යකරණය වන ජීවන රටාවන්ට සහ මිලදී ගැනීමේ හැකියාවන්ට අනුව best-in-class camera features, gaming experience සහ battery life කෙරෙහි අවධානය යොමු කරමින් නවතම ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දී ඇත. 

Share

You may also like...