My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයින් වෙතටත්

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සෑම විටම සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරයි.  විශේෂයෙන්ම පරිශීලකයින් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලට Huawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරයි. මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් Huawei විසින් My Huawei App, සිය ස්මාර්ට් උපාංගයන් වෙත එක්කර ඇත.

My Huawei App යනු, පරිශීලකයින් සඳහා ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ නිවැරදි සේවාවන් සොයා ගැනීමට උපකාරී වන යෙදුමකි. මෙය Huawei Support App හි යාවත්කාලීන කරන ලද version එකක් වන අතර, මෙය Huawei ස්මාර්ට් දුරකථනයන්හි pre-install කර පැමිණේ. මේ හරහා Huawei උපාංග පරිශීලනය කරන පාරිභෝගිකයින් හට Huawei official support සේවාවන් හා ඍජුව සම්බන්ධ විය හැකි අතර, ඔවුන්ගේ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකිය. 

මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ, “දේශීය පාරිභෝගිකයා වෙත ඉහළම තත්වයේ තාක්ෂණික සේවාවන් ලබාදීමට Huawei නිරන්තරයෙන් කැපවී සිටින බවත්, ඒ අනුව මෙම නවතම My Huawei App අත්දැකීම පාරිභෝගිකයන් වෙත තිලිණ කරන බවත්ය. මේ හරහා දිනෙන් දින වෙනස්වන අපගේ තාක්ෂණික විස්තර සහ පුවත් එසැනින් පරිශීලකයා වෙත දැනගැනීමට හැකිවන අතරම, ඔවුන්ගේ ගැටලු වෙත පිළිතුරු ලබාගැනීමටද හැකි වෙනවා.  My Huawei App දේශීය පාරිභෝගිකයාගේ කාර්යයන් රැසක් පහසු කරන බව කිව හැකියි.”

My Huawei App වෙත පිවිසෙන ඔබට, නවතම දීමනා සහ වැඩසටහන් පිළිබඳ විස්තර, නවතම නිෂ්පාදන හඳුන්වා දීම් පිළිබඳ විස්තර, අපගේ සේවාවන් භාවිත කරන ආකාරය පිළිබඳ විස්තර, සේවා මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ඇතුලුව බොහෝ දේ දැකගත හැකිවේ. ඔබගේ Huawei ස්මාර්ට් දුරකථනයේ Huawei Support App තිබේ නම්, Huawei AppGallery වෙත ගොස් My Huawei App ඩවුන්ලෝඩ් කරගත හැකිය.  Harmony 2.0 හෝ ඉන්පසු පැමිණි version එකක් සහිත Huawei දුරකතනයන්හි MY HUAWEI pre-installed ලෙස පැමිණේ.  මෙය දුරකථනය තුළ සොයාගැනීම සඳහා දුරකතනයේ home screen වෙත ගොස් slide down කර, Assistant තුළින් සොයාගත හැකියි.  EMUI 8.0 සහ ඉන් ඉහළ versions සඳහා MY HUAWEI APP පැමිණේ. 

Share

You may also like...